Spurs හමුවේ City පස්සට යයි

100

Steven Bergwijnගේ සුපිරි ගෝලයේ පිහිටෙන් Tottenham Hotspur කණ්ඩායම ගෝල 2-0ක් ලෙස Manchester City කණ්ඩායම පරාජය කළා.  ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා ද ඉදිරියට පැමිණීමට සමත් වුනා. 

Liverpool අඛණ්ඩ 20 වන ජය වාර්තා කරද්දී Bayern ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට

ජාත්‍යන්තර පාපන්දු පිටිය මේ සති අන්තයේ දීත් ඉතා උණුසුම් වුනා. එංගලන්ත Premier League ……

63 වැනි මිනිත්තුවේ දී නෙදර්ලන්ත ක්‍රීඩක Bergwijn, පන්දුව ලබාගෙන, එය හරවා ගෝල රාමුව තුළට එල්ල කළේ Spurs කණ්ඩායමේ තරගයේ පෙරමුණට ගෙන එමින්. පසුව  71 වැනි මිනිත්තුවේ දී Son Heung-min Spurs ලකුණු පුවරුව දෙගුණ කළා.

VAR පිහිටෙන් Sergio Aguero දිනා ගත් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට Ilkay Gundogan උත්සහ කළ නමුත් එම උත්සාහය Hugo Lloris විසින් ව්‍යර්ථ කළා. 

අවසන් ලකුණු තත්වය: Tottenham Hotspur 2-0 Manchester City

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Tottenham Hotspur – Steven Bergwijn 63′, Son Heung-Min 71′

Ronaldoගේ සුපිරි දක්ෂතා නිසා Juventus ජය ගනියි

Cristiano Ronaldo සාර්ථක කර ගත් දඬුවම් පහර දෙකත් සමඟින් Fiorentina ගෝල 3-0ක් ලෙස පරාජය කරන්නට Juventus සමත් වුනා. මේ Ronaldo ගෝල වාර්තා කළ අඛණ්ඩ නවවැනි තරගයයි.   

40 වැනි මිනිත්තුවේ දී Bartlomiej Dragowskiගේ පාද යටින් පන්දුව දැල් ගත කළ Ronaldo දෙවන අර්ධයේ දී ගෝල රකින්නා වැරදි දෙසට යොමු කරමින් මෙවර තරග වාරයේ සිය 19 වැනි ගෝලය වාර්තා කර ගත්තා. 

ආරක්ෂක ක්‍රීඩක Matthijs De Ligt තරගය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබිය දී Juventus වෙනුවෙන් තවත් ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනා. 

අවසන් ලකුණු තත්වය: Fiorentina 00 – 03 Juventus

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Juventus – Cristiano Ronaldo (40′ PEN, 80′ PEN) Matthijs de Ligt (90’+1′) 

Defenders දෙවන අදියරත් සමකරයි

2020 AFC කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ පළමු තරගය සඳහා ……..

PSG කණ්ඩායම දැවැන්ත ජයක්

ක්‍රීඩකයින් නව දෙනෙකුට සීමා වූ Montpellier කණ්ඩායම ගෝල 5-0ක් ලෙස පරාජය කරන්නට Paris Saint-Germain සමත් වුනා.  

Pablo Sarabia, Angel Di Maria, Kylian Mbappe හා Layvin Kurzawa මේ තරගයේ දී ගෝල වාර්තා කර ගත් අතර Daniel Congre own goal අවස්ථාව නිසා PSG කණ්ඩායමට නොමිලයේම ගෝලයක් හිමි වුනා. 

Montpellier කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක Dmitri Bertaud හට 17 වැනි මිනිත්තුවේ දී පිටියෙන් රතු කාඩ්පතක් ලබා ඉවත් වුණු අතර Joris Chotard හට තරගයේ 88 වැනි මිනිත්තුවේ තවත් රතු කාඩ්පතක් හිමි වුනා.  

අවසන් ලකුණු තත්වය: Montpellier 05 – 00 Paris Saint-Germain 

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Montpellier – Pablo Sarabia (8′) Ángel Di María (41′) Daniel Congré (44′ OG) Kylian Mbappé (57′) Layvin Kurzawa (65′) 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<