ලෝක කුසලානය අත ළඟ තියෙද්දී ICC ලොකු පුටුවක් වෙනස් වේ

196

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) හි 5 වැනි ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස මනූ ස්වෝනි මහතාව පත්කර තිබේ.

දිමුත් ගැන තීරණයක් ගන්න SLC වෙතින් පරීක්ෂණයක්

බීමත්ව …..

මේ දක්වාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළේ දකුණු අප්‍රිකානු ජාතිකයෙක් මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන ඩේවිඩ් රිචර්ඩ්සන් මහතා වන අතර මනූ ස්වෝනි මහතා ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස සිදු කළ යුතු වැඩ රාජකාරි පිළිබඳව යම් අධ්‍යනයක් කිරීම වෙනුවෙන් පසුගිය සති 6ක කාලය පුරාවට රිචර්ඩ්සන් මහතා සමඟ සමීපතව සිටිමින් ඒ සඳහා අදාළ වගකීම් ඉටු කරන ලදි.

අද (1) දින සිට ICC හි ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ඉන්දීය ජාතික මනූ ස්වෝනි මහතා නිල වශයෙන් වගකීම් භාර ගනු ලැබූව ද, 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසානයේ තෙක් රිචර්ඩ්සන් මහතා  ICC සමඟ වැඩ කටයුතු සිදු කරනු ඇත.

සිය පත්වීම ලබා ගැනීමට පසුව ස්වෝනි මහතා මෙසේ සිය අදහස්  දක්වන ලදි.

“මම මේ තනතුර ඉතාමත් සතුටින් භාරගන්නවා. මම දන්නවා රිචර්ඩ්සන් 2012 ඉඳන් වසර 7ක් තිස්සේ ලොකු කැපකිරීමක් කරමින් ලොකු වගකීම් රැසක් ඉටු කළා. මම රිචර්ඩ්සන්ගෙන් ඉල්ලා සිටියා ලෝක කුසලානය අවසන් වන තෙක් මට සහාය දෙන්න කියලා. ඔහු ඒ ආරාධනය ඉතාමත් සතුටින් පිළිගත්තා. ඒකට මම ඔහුට ස්තූති වන්ත  වෙන්න මේක අවස්ථාවක් කරගන්නවා.”

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ පාකිස්තානයට හොඳ හැටි බැටදෙයි

ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ඊයේ (31) ….

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ස්වෝනි මහතා පවසා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ගැනීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කිරීමට ඔහු සූදානමින් සිටින බවත්, තව තවත් ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දිනා ගන්නා ආකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට යොදාගන්නා තාක්ෂණය හා කාන්තා ක්‍රිකට් නංවාලීමට තව තවත් සවිමත් වැඩපිළිවෙළක් ආරම්භ කරන බව පවසන ලදි.

මේ වන විට වයස අවුරුදු 52ක් වන ස්වෝනි මහතා ඉන්දියාවේ උපත ලබා තිබෙන අතර මීට පෙර සිංගප්පූරු ක්‍රීඩා සමාජයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස හා ESPN Star Sports හි කළමනාකරණ අධ්‍යක්ෂකවරයා ලෙස වසර 17කට ආසන්න කාලයක් වැඩ කටයුතු සිදු කරමින් ක්‍රීඩා පරිපාලනය තුල වැඩි අත්දැකීම් රැසක් ලබාගෙන ඇත.

සුමංගලයින් අභිබවා ගිය රාජකීයයන් ශූරතාවය දිනා ගනී

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය ….

ඊට අමතරව  මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ විධායක නොවන අධ්‍යක්ෂකවරයෙක් ලෙස හා ගිණුම් කමිටු සාමාජිකයෙක් ලෙස ද අත්දැකීම් රැසක් ලබාගෙන ඇති ස්වෝනි මහතා 2007 වසරේ සිට ICCය සමඟ ජාත්‍යන්තර විකාශන සබඳතාවයක් ද පවත්වා ගෙන ගොස් තිබේ.

“මම මගේ රාජකාරි කාලය තුල ඉතාමත් සතුටින් මම වැඩකටයුතු කළා. මම මෙතන ඉඳන් ගත්තු දැනුමත්, අත්දැකීම්නුත් ඕනෑම කෙනෙක්ට දෙන්න සූදානමින් ඉන්නවා. ඉදිරියේ දී පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙනවා. එක අපේ තියෙන ලොකුම තරගාවලියක් වගේම ලොකු වැඩසටහනක්. මනූ ඇතුළු කණ්ඩායමට අනාගතය වෙනුවෙන් මම සුබ පැතුම් එකතු කරනවා.” යැයි ICC හි හිටපු ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචර්ඩ්සන් පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<