දළ ඇතුන්ගේ සටනේ වැඩි වාසිය මලියදේවන්ට

12th Battle of the Tuskers

58

‘ooijකුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලය සහ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය අතර 12 වැනි වරටත් පැවැති “දළ ඇතුන්ගේ” සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මලියදේව ආදර්ශ විද්‍යාලයට වැඩි වාසි ගෙන දෙමින් අවසන් වූවා.

කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ මෙතෙක් කිසිදු කණ්ඩායමකට ජයග්‍රහණය ලැබිමට හැකි වී නැහැ.

Battle of the Tuskers, කුරුණෑගල, 08-09, පෙබරවාරි 2024 

  • කාසියේ වාසිය – ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණය, කුරුණෑගල. 

මලියදේව ආදර්ශ විදයාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: නිපුන් මෙන්ඩිස් (නායක), සයුරු ජයතිලක, රජිත් සමරසිංහ (කඩුලු රකින්නා), අශිංෂ ඉඳුසර, ඉසුරු අංජන, ඉශාන් කාන්, දිනුක් රත්නායක, විහඟ විමුක්ති, මෙතුල් ජයසිංහ, පුබුදිත කුමාරසිරි, බූසිත් එරංග.

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: සිතිජ විජේරත්න (නායක), ඉරෝෂ් පුලස්ති, සඳරු දිසානායක, සත්රුක් මෙත්මිණ,  පසන් සඳනායක, පසිඳු පලිපාන (කඩුලු රකින්නා), මලිත් නෙත්සිරි, භාසිත පත්මකුමාර, දිනෙත් මලීෂ, යසිරු ආටිගල, කසුන් ඕදිත.

කාසියේ වාසිය දිනා ගත් ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මලියදේව ආදර්ශ විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 233ක් ලබා ගත්තා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ විහඟ විමුක්ති. ඔහු පන්දු 137කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තා. ඊට අමතර ව මෙතුල් ජයසිංහ පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 7 වැනි කඩුල්ලට ලකුණු 64ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වූවා. ඊට අමතර ව පළමු කඩුල්ල වෙනුවෙන් සයුරු ජයතිලක සහ රජිත් සමරසිංහ ලකුණු 52ක සබඳතාවක් එක් කළා.

එහි දී රජිත් සමරසිංහ පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත් අතර සයුරු ජයතිලක පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා.

ඊට අමතර ව ආශිංස ඉඳුසර පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී මලිත් නෙත්සිරි ලකුණු 65කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව යසිරු ආටිගල ලකුණු 71කට කඩුලු 4ක් දවා ගත් අතර කසුන් ඕදිත ද කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 15කට දැවී ගොස් අසීරු තත්ත්වයක සිටිය දී ඉනිම ගොඩ ගැනීමේ ප්‍රධාන මෙහෙයුම්කරු වූයේ පසිඳු පළිපාන. ඔහු පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟ ලකුණු 91ක් ලබා ගත්තා.

5 වැනි කඩුල්ල සඳහා නායක සිතිජ විජේරත්න හා එක් වෙමින් ලකුණු 120ක සබඳතාවක් ද එක් කළා. එහි දී සිතිජ විජේරත්න පන්දු 188කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා.

ඊට අමතර ව පසු පෙළින් පිටියට පිවිසි දිනෙත් මලීෂ පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා.

එම සහයෝගයන් ද සමඟින් ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 225ක් ලබා ගනිමින් ප්‍රතිවාදී ලකුණු පුවරුවට  මෙපිටින් නතර වූවා.

කඩුලු දවා ගැනීමේ දී සයුරු ජයතිලක ලකුණු 78කට කඩුලු 5ක් දවා ගත්තා. ඊට අමතර ව විහඟ විමුක්ති ලකුණු 41කට කඩුලු 2ක් දවා ගත් අතර දිනුක් රත්නායක, බූසිත් එරංග සහ නිපුන් මෙන්ඩිස් කඩුල්ලක් බැගින් බෙදා ගත්තා.

ලකුණු 8ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි මලියදේව ආදර්ශ විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 83ක් ලබා සිටියා.

එහි දී රජිත් සමරසිංහ පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 47ක් ලබා ගත්තා. ඔහු ආශිංස ඉඳුසර හා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් එක් කළා.

ආශිංස ඉඳුසර පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා.

දැවී ගිය කඩුලු 2 හිමිකාරීත්වය කසුන් ඕදිත සහ සඳරු දිසානායක අතරේ බෙදී ගියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • මලියදේව ආදර්ශ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (79.3) සයුරු ජයතිලක 22, රජිත් සමරසිංහ 28, ආශිංෂ ඉඳුවර 23, ඉෂාන් කාන් 19, විහඟ විමුක්ති 56, මෙතුල් ජයසිංහ 41, යසිරු ආටිගල 4/71, මලිත් නෙත්සිරි 5/65
  • ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 225 (96.2) පසිඳු පලිපාන 91, සිතිජ විජේරත්න 37, භාසිත් පත්මකුමාර 22, දිනෙත් මලීෂ 40, සයුරු ජයතිලක 5/78, විහඟ විමුක්ති 2/41
  • මලියදේව ආදර්ශ විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 83 (13.0) රජිත් සමරසිංහ නොදැවී 47, අශිංස ඉඳුසර 27

තරගයේ විසඳුමක් නෑ. (මලියදේව ආදර්ශ විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්)

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<