Rishab Pant ට හදිසි අනතුරක් !

339
Rishab Pant hospitalized after car accident

අද උදෑසන Delhi සිට Uttarakhand බලා යමින් සිටි Rishab Pant විසින් පැදවූ මෝටර් රථය අනතුරකට භාජනය වී ඇති අතර, අනතුරෙන් තුවාල ලැබූ Pant වහාම Roorkee ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

එමෙන්ම අනතුරෙන් පසුව ඔහු ගමන් ගත් මෝටර් රථය ද සම්පූර්ණයෙන්ම ගිනි ගෙන දැවී ගොස් තිබෙනවා.

Roorkee හී දී ප්‍රතිකාර ලබා දීමෙන් පසුව ඔහු Dehradun හී Max රෝහල වෙත යොමු කර ඇති අතර,  Pant ගේ තුවාල අවදානම් මට්ටමක් නොමැති බවත්, ඔහු වෛද්‍ය නිරීක්ෂණය මධ්‍යයේ සිටින බවත් එම රෝහල් වාර්තා අනූව දැන ගන්නට ලැබෙනවා.

විසි පස් වියති Pant පසුගිය දා නිමාව දුටු බංග්ලාදේශය සමග ටෙස්ට් තරගාවලියේ ද පිත්තෙන් කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කළා.

එමෙන්ම එළඹෙන ශ්‍රී ලංකාව සමග විස්සයි විස්ස සහ එක් දින ක්‍රිකට් තරගාවලිය ට Pant ගේ නම ඇතුළත් නොවීමද මෑත දින වලට කතා බහට ලක් වූ කාරණයක් වුනා.

Cricbuzz සහ Newswire ඇසුරෙනි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<