Dhoniගේ දෝණිට Messiගෙන් තෑග්ගක්!

FIFA World Cup 2022

1296

මෙවර පාපන්දු ලෝක ශූරයින් බවට පත් වූ ආජන්ටිනා කණ්ඩායමේ සුපිරි තරුව Lionel Messi විසින් හිටපු ඉන්දීය නායක MS Dhoniගේ දියණිය වෙත සිය අත්සන සහිත ත්‍යාගයක් එවා තිබෙනවා.

ලෝක පූජිත පාපන්දු තරුවක් වන Lionel Messiගේ කුසලාන එකතුවේ තිබුණු එකම අඩුව වූ පාපන්දු ලෝක කුසලානයත් සිය කුසලාන ගොන්න අතරට එකතු කර ගැනීමට ඔහු පසුගිය දෙසැම්බර් 18 වැනිදා සමත් වූ අතර, ප්‍රංශයට එරෙහිව අවසන් මහා තරගයේ මෙන්ම, සමස්ත තරගාවලිය පුරාවටම විශිෂ්ට දස්කම් දැක්වීම ද Messi සමත් වුනා.

ලොව පුරා විසිරී සිටින Messi රසිකයින් මෙම ජයග්‍රහණයත් සමඟින් ප්‍රීතී ප්‍රමෝදයට පත් වූ අතර, ඉන්දීය පාපන්දු ලෝලීන් ද ඒ අතර කැපී පෙනෙන ලෙස මෙම ජයග්‍රහණය සමරනු ලැබුවා.

මේ අතර Messiගෙන් ද ඔහුගේ සමහර ප්‍රේක්ෂකයින් වෙත ත්‍යාග ලැබුණා. ඊයේ (27) Messi වෙතින් එසේ ත්‍යාග ලැබුවේ හිටපු ඉන්දීය නායක MS Dhoniගේ දියණිය වන Ziva Singh Dhoni විසිනුයි.

ඇයට “මේ Ziva වෙනුවෙන්” යන පාඨය සමඟින් Messiගේ අත්සන සහිත ජර්සියක් එවා තිබූ අතර, එහි ඡායාරූපයක් Ziva Singh Dhoniගේ Instagram පිටුවේ මෙසේ පළ කර තිබුණා.

 

View this post on Instagram

 

A post shared by ZIVA SINGH DHONI (@ziva_singh_dhoni)

මේ අතර ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව නැවතත් Lionel Messi ලබන වසරේ ජනවාරි මුල සිට සිය ක්‍රීඩා සමාජය වන PSG සමඟ එක් වීමට නියමිත බව ද වාර්තා වනවා.

“ඔහු ජයග්‍රහණය සමරන්න ආජන්ටිනාවට ගියා, ජනවාරි 02 හෝ 03 නැවත අප සමඟ එකතු වේවි,” ජයග්‍රහණයෙන් පසුව Messiගේ නැවත පැමිණීම පිළිබඳ PSG කළමනාකරු එසේ පවසා තිබුණා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<