ඉන්දු – ලංකා ගැටුමට ඉන්දීය සංචිත නම් කරයි!

India vs Sri Lanka 2023

1428

ශ්‍රී ලංකාව සමඟ ජනවාරි 03 වැනිදායින් ආරම්භ වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා ක්‍රීඩා කරන ඉන්දීය සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙතෙක් කල් ඉන්දීය එක්දින සංචිතයේ නිත්‍ය සාමාජිකයකුව සිටි ආරම්භක පිතිකරු Shikhar Dhawan හට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබෙන බව BCCI විසින් තහවුරු කළා.

ඔහු වෙනුවට Shubman Gill සහ Ishan Kishan යන අයට තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ ඉඩ විවර වනු ඇත.

එමෙන්ම එක්දින සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි Rohit Sharmaට හිමි වී ඇති අතර, විස්සයි විස්ස නායකත්වය Hardik Pandya හට හිමි වී තිබෙනවා.

විස්සයි විස්ස කණ්ඩායමට Shivam Mavi සහ Mukesh Kumar යන ක්‍රීඩකයින් ද නවකයින් ලෙස නම් කර තිබෙනවා.

මෙම තරගාවලියට එක්දින සහ විස්සයි විස්ස තරග තුන බැගින් අඩංගු වනවා. නම් කර ඇති ඉන්දීය සංචිත මෙසේයි.

  • විස්සයි විස්ස සංචිතය: Hardik Pandya (නායක), Ishan Kishan (wk), Ruturaj Gaikwad, Shubman Gill, Suryakumar Yadav (උප නායක), Deepak Hooda, Rahul Tripathi, Sanju Samson, Washington Sundar, Yuzvendra Chahal, Axar Patel, Arshdeep Singh, Harshal Patel, Umran Malik, Shivam Mavi, Mukesh Kumar.
  • එක්දින සංචිතය: Rohit Sharma (නායක), Shubman Gill, Virat Kohli, Suryakumar Yadav, Shreyas Iyer, KL Rahul (wk), Ishan Kishan (wk), Hardik Pandya (උප නායක), Washington Sundar, Yuzvendra Chahal, Kuldeep Yadav, Axar Patel, Mohd. Shami, Mohd. Siraj, Umran Malik, Arshdeep Singh.

තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<