ආසියානු කුසලානය තියන්න පාකිස්තානය සූදානම් නැහැ

319
(DND)

ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය මේ වසරේ දී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සුදානම් නැති බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානි Ehsan Mani, පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන්ට පවසා තිබෙනවා.

Times of India වෙබ් අඩවිය වාර්තා කරන්නේ පසුගිය බ්‍රහස්පතින්දා මාර්ගගත ක්‍රමයට පැවැත්වුණු හමුවක දී PSL තරගාවලියේ ඉතිරි තරග එළඹෙන ජුනි මාසයේ දී පැවැත්වෙනු ඇතැයි Mani, PSL හිමිකරුවන්ට පවසා ඇති බවයි.

සහභාගී වන කණ්ඩායම් එතරම් උනන්දුවක් නොදැක්වීම නිසා ආසියානු කුසලානය 2023 වසර දක්වා කල් දැමීමට සිදු වේවි, යැයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානියා එම හමුවේ දී පවසා සිටි බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ තොරතුරු ප්‍රභවයක් TOI වෙත පවසා තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මීළඟ හමුවේ දී ආසියානු කුසලානයේ නවතම දින තීරණය කිරීමට නියමිත බව ද පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානියා පවසා තිබුණා.

14 වැනි තරගයෙන් පසුව පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය අතරමග නවතා දැමුණේ ක්‍රීඩකයින් හා නිලධාරීන් අතර COVID-19 වයිරසය පැතිර යාම නිසයි.

PSL කණ්ඩායම් හිමිකරුවන් PSL තරගාවලියේ ඉතිරි තරග අප්‍රේල් මාසයේ දී පවත්වන ලෙස ඉල්ලා තිබුනත්, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පාකිස්තාන සංචාරය එම කාලසමයේ දී පැවැත්වෙන බැවින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Times of India ඇසුරින් 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<