ක්‍රීඩා සමාජ අතර කඹ ඇදිල්ල ජුනි 6 වැනිදා මාතරදී

119

ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ ආරාධනය මත මාතර කඹ ඇදීමේ සංගමයේ අනුග්‍රහයෙන් සංවිධානය කරන 2015 සමස්ත ලංකා අන්තර් සමාජයීය කඹ ඇදීමේ තරගාවලිය ජුනි මස 6 වැනිදා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සියලුම තරග විනිශ්චය කටයුතු ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන අතර මෙම තරගාවලිය සඳහා දිවයිනේ දක්ෂ කණ්ඩායම් 30කට අධික සංඛ්‍යාවක් සහභාගිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

තවද පිරිමි අංශයෙන් කිලෝග්‍රෑම් 640 සහ කැච්වේට් විවෘත (බර සීමාවක් නොමැති) ලෙසද කාන්තා අංශයෙන් කිලෝග්‍රෑම් 540 ලෙසද තරග පැවැත්වීමට නියමිත අතර මෙම තරගාවලියට සහභාගිවීමට බලාපොරොත්තු වන කණ්ඩායම් ජුනි මස 3 වැනි දිනට පෙර තම අයැදුම්පත් ලබාදීමට කටයුතු කළ යුතුය.

තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0777-559478,

071-7397830 යන දුරකතන අංක ඔස්සේ තරග සංවිධායක ක්‍රිස්ටි ප්‍රනාන්දු මහතා ඇමතීමෙන් ලබාගත හැකිය.