නවෝද් සහ සචිත දිනය වර්ණවත් කරයි 

Red Bull Campus Cricket Tournament 2021 

317

2021 Red Bull විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග අදියරේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග තුනක් අද (12) දිනයේ කොළඹ දී නිමාවුනා. එහිදී CCC (Central Campus – Colombo), SLIM (Sri Lanka Institute of Marketing), Imperial (Imperial College of Business Studies/ICBS) යන කණ්ඩායම් ජයග්‍රහණ දිනා ගනිමින් අවසන් පූර්ව වටයේ සිය අසුන් වෙන්කර ගත්තා. 

අද දිනයේ දී තරග 4ක් පැවැත්වීමට නියමිතව තිබුනු නමුත් ICBT කණ්ඩායම නොවැළැක්විය හැකි හේතුවක් නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වුනු නිසාවෙන් ESOFT කණ්ඩායම නිතරගයෙන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තා. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

මෙම තරග තුන කොළඹ BRC ක්‍රිකට් පිටියේ දී සහ තර්ස්ටන් විදුහල් පිටියේ දී පැවැත්වුනු අතර දිනයේ උණුසුම් තරගය ලෙසින් නිමාව දුටුවේ BRC පිටියේ දී පැවති Saegis Campus සහ Central Campus – Colombo තරගයයි. එම තරගයෙන් ලකුණු 9ක තියුණු ජයක් හිමිකර ගැනීමට Central Campus – Colombo කණ්ඩායම සමත් වුනා. 

පිතිකරණ දස්කම් සලකා බැලීමේ දී තරගාවලියේ දෙවන දිනය වූ අද දිනයේ දී නවෝද් පරණවිතාන (CCC) සහ සචිත ජයතිලක (Saegis) යන ක්‍රීඩකයින් අර්ධ ශතක වාර්තා කර ගත්තා. පන්දු යැවීමේ දී දිනය පුරාවට කඩුලු 51ක් බිඳ වැටුනු අතර ඉන් වැඩිම කඩුලු ප්‍රමාණයක් සඳහා හිමිකම් කීවේ ද කඩුලු 5ක් (ලකුණු 19කට කඩුලු 5ක්) දවා ගත් Saegis කණ්ඩායමේ සචිත ජයතිලකයි. කෙසේ නමුත් Saegis කණ්ඩායමට මෙම තරගය ජය ගැනීම සඳහා ඔවුන්ගේ ඉනිම ආරම්භයේ දී ඉඩක් නොතිබුනු නමුත් සචිත ජයතිලක සිය සුපිරි තුන් ඉරියව් දස්කම් විදහාලමින් නොසිතූ අවසානයක් වෙත තරගය රැගෙන ආවා. 

ලකුණු සාරාංශයන්, 

SLIIT සහ Sri Lanka Institute of Marketing 

SLIIT – 55 (14): ගිහාන් සම්පත් 3/02, දිලීප ජයලත් 3/04, නිමේෂ් තරිඳු  2/04. 

SLIM – 56/5 (11.2): ඩිල්ශාන් මදනායක 3/09. 

SLIM කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමි විය. 

KDU සහ ICBS

KDU – 92 (19): අයේෂ් හර්ෂණ 4/15, මල්ෂාන් කවිෂ්ක 3/15, රෙවාන් කෙලී 2/15. 

ICBS – 93/8 (17.1): රෙවාන් කෙලී 23, P K R J ජයසිංහ 3/15, A S D වීරරත්න 2/08, P S D හේරත් 2/14. 

ICBS කණ්ඩායමට කඩුලු 2ක ජයක් හිමි විය. 

CCC සහ SAEGIS 

CCC – 148 (19.3): නවෝද් පරණවිතාන 52,  නිපුන් මාලිංග 32, කවිඳු මදාරසිංහ 23, සචිත ජයතිලක 5/19, තරුෂ ප්‍රනාන්දු 3/15. 

Saegis – 139/8 (20): සචිත ජයතිලක 63*, ශෙහාන් සිල්වා 23, හේෂාන් දනුෂ්ක 2/13, නිපුන් මාලිංග 2/13, චමිඳු විජේසිංහ 2/16. 

CCC කණ්ඩායමට ලකුණු 9ක ජයක් හිමි විය. 

මෙම තරගාවලියේ අවසන් පූර්ව තරග දෙක හෙට (13) දින කොළඹ BRC පිටියේ දී පැවැත්වෙන අතර CCC සහ SLIM අතර පැවැත්වෙන පළමු තරගය සහ Imperial College of Business Studies සහ ESOFT අතර පැවැත්වෙන දෙවන තරගය ද සජීව ලෙස ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටි. රැඳී සිටින්න, අප සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<