ගියවර ලෝක ශූරයෝ මෙවර Red Bull විශ්වවිද්‍යාල ශූරතාවයට නැහැ

520

8 වැනි වරටත් පැවැත්වෙන Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා තරගාවලිය මේ මස 21 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ BRC හා කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණවල දී පැවැත්වේ. 

එහි තරග කාලසටහන එළිදැක්වීමට පෙර තමන් තරග වදිනු ලබන ප්‍රතිවාදී කණ්ඩායම් තේරීම (Draw) ද මෙයට සමගාමීව කොළඹ BRC පිටියේ දී අද (17) පැවැත්විය.

දුන්න 4 පහර ඉවත් කරන ලෙස ස්ටෝක්ස් විනිසුරුගෙන් ඉල්ලලා

2019 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය කිසිවෙකු නොසිතූ විරූ….

පසුගිය වසර හතක කාලය තිස්සේ පැවැත්වූ Red Bull විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා හරහා නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, කේ. එල්. රාහුල්, ලුන්ගි න්ගිඩි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ චිරාග් සූරි වැනි ක්‍රිකට් ක්‍රීඩකයින් ලෝකයට දායාද වී ඇත. 

“වසරක් පාසා අප මෙම තරගාවලිය සංවිධානය කරනු ලබනවා. වසරින් වසර තරගාවලිය  උසස් වෙනවා. මෙවරත් ඉතාමත් හොඳ තරගාවලියක් දැක බලාගත හැකි වනු ඇති බව විශ්වාසයි.” යැයි තරගාවලි අධ්‍යක්ෂක, හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා පැවසීය.

“ශ්‍රී ලංකාවේ තරුණ සරසවි ක්‍රීඩකයින්ට මෙය මහඟු අවස්ථාවක් වන්නේ තරුණ ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉස්මතු කොට ඔවුන්ව ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට සමත් තරගාවලියක් දේශීය ක්‍රිකට් පිටිය තුල නොමැති බැවිනි. ඔවුන්ගේ තරුණ ජවය ජාත්‍යන්තර මට්ටමේ තියුණු, තරගකාරී රටාවකට ගෙන ඒමට ඉඩකඩ ලැබුණේ Red Bull කුසලාන ක්‍රිකට් ලෝක ශූරතාවලිය තුලිනුයි.” යැයි කුරුප්පු මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මෙවර Red Bull විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා තරගාවලිය සඳහා සරසවි කණ්ඩායම් 26ක් සහභාගී වන අතර තරග 25කින් සමන්විත වන මේ තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියක් ලෙස පැවැත්වේ. 

2019 Red Bull විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා තරග මෙසේ පැවැත්වේ,

පසුගිය වසර කිහිපය පුරාවට Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ශූරතාව දිනා ගත් BMS කණ්ඩායම මෙවර තරගාවලිය වෙනුවෙන් තරග නොවැදීම කාගේත් දැඩි කතාබහකට ලක්ව තිබෙන අතර ඔවුන් 2016 හා 2018 යන වසරවල දී Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ ලෝක ශූරතාව දිනා ගත් අතර 2017 වසරේ දී ලෝක අනුශූරතාව දිනා ගන්නා ලදි.

මහේන්ද්‍ර සිං දෝනි තවදුරටත් අපේ කණ්ඩායමට අවශ්‍ය නැහැ

2019 ලෝක කුසලානයෙන් අනතුරුව හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර…..

2019 Red Bull විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා තරග බිමේ අවසන් මහා තරගය ජූලි 28 පැවැත්වෙන අතර එම තරගය ජය ගන්නා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වෙන Red Bull කුසලාන විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ලෝක මට්ටමේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත. එම තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය හා එක්සත් අරාබි එමීර් ඇතුළු රටවල් කිහිපයක පවත්වනු ලබන දේශීය මට්ටමේ තරගාවලි වල ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම් ඒ ඒ රටවල් නියෝජනය කරමින් සහභාගී වනු ඇත.

මෙවර තරගාවලියේ සියලු තතු, උණුසුම් පුවත්, තරග සේයා රූ ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ  ඔබ වෙත ගෙන ඒමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<