රියාල් මැඩ්රිඩ් බාසිලෝනාට එරෙහි නඩුවට

313
Real Madrid to take legal action against Barcelona
Courtesy – New York Times

ස්පාඤ්ඤ නඩු පවරන්නන් මඟින් බාසිලෝනා කණ්ඩායමට එරෙහිව පනවන්නට යන නඩුවට රියාල් මැඩ්රිඩ් බලධාරීන් ද එකතු වන බව වාර්තා වනවා.

මෙසේ ඔවුනට නඩු පැවරීමට හේතු වුනේ බාසිලෝනා කණ්ඩායමේ බලධාරීන් විසින් තරග තීරණ වෙනස් කිරීම සඳහා යම් ආයතනයකට මුදල් ගෙවා ඇති බව සැල වීමයි. ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු විසින් පවත්වා ගෙන ගිය ආයතනයකට ඔවුන් විසින් මෙසේ මුදල් ගෙවා තිබුණා.

රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ බලධාරීන් විශේෂ රැස්වීමක් කැඳවමින් අවධාරණය කොට ඇත්තේ බාසිලෝනා කණ්ඩායමට එරෙහිව පනවා ඇති චෝදනා බරපතළ ඒවා බවයි. 2001 සහ 2018 දක්වා කාලය තුළ දී බාසිලෝනා විසින් යුරෝ මිලියන 7.3කට ආසන්න මුදලක් විනිසුරු කමිටුවේ හිටපු උප සභාපති Jose Maria Enriquez Negreira (හොසේ මරියා එන්රිකේ නෙග්‍රේරා) හට අයත් ආයතන වලට ගෙවා ඇති බව පැවසෙනවා. ඔහු 1993 සිට 2018 දක්වා සංගමයේ උප සහාපතිවරයා ලෙස සේවය කළා.

බාසිලෝනා බලධාරීන් මේ චෝදනාව හැඳින්වූවේ “මනෝ විකාරයක්” ලෙසින්. ඔවුන් පවසන්නේ පැවැත්වෙන පරීක්ෂණයට උපරිම සහාය ලබා දෙන බවයි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<