බංග්ලාදේශ් ප්‍රිමියර් ලීගයට කණ්ඩායම් හතක්

බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරගාවලිය

1584

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉදිරි අදියර තුන සඳහා කණ්ඩායම් හතක් සහභාගී වන බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එමෙන්ම එම තරගාවලියේ පෙර අදියරක ශූරතාවය දිනා ගත් Basundhara Group’s Rangpur කණ්ඩායම ද නැවතත් තරගාවලියට එක්ව තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් 2023-2025 තරග වාරය සඳහා කණ්ඩායම් එක් කර ගැනීමට ටෙන්ඩර් කැඳවීමෙන් අනතුරුව එම කණ්ඩායම් හත සඳහා කැමැත්ත සම්බන්ධ පාර්ශව නවයක් සිය කැමැත්ත ප්‍රකාශ කර තිබුණා.

එමෙන්ම 2023 වසරේ තරගාවලිය ජනවාරි 5 සිට පෙබරවාරි 16 දක්වාත්, 2024 තරගාවලිය ජනවාරි 06 සිට පෙබරවාරි 17 දක්වාත් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර 2025 තරගාවලිය ජනවාරි 01 සිට පෙබරවාරි 11 දක්වාත් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කොරෝනා වසංගතය නිසාවෙන් පසුගිය වසර දෙකේ අදියර දේශීය ක්‍රීඩකයින් පමණක් සහභාගී කර ගනිමින් පැවැත්වීමට සිදු වුනා.

“කණ්ඩායම් හිමිකරුවන් විසින් අදාළ ලිපි ලබා දීමෙන් පසුව තරගාවලියේ සංවිධායකයින් විසින් ඔවුන්ට දැනුම් දුන්නා ඉදිරි දින තුනක කාලය තුළ සියලූම කටයුතු අවසන් කරන්න,” යැයි එහි සංවිධායකයින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

මෙවර තරගාවලිය සඳහා බංග්ලාදේශ Shakib Al Hasanට අයත් ආයතනයක් වන Monarch Holding විසින් ද ලියකියවිලි ඉදිරිපත් කර තිබූ නමුත් ඔහුට අවස්ථාව හිමිව තිබුණේ නැහැ.

එලෙස ඔහුගේ කණ්ඩායමට අවස්ථාව ලබා නොදීම පිළිබඳව අදහස් දක්වමින් තරගාවලියේ සංවිධායක Ismail Haider ප්‍රකාශ කළේ,

“අපි Shakibගේ තිබූ යම් ගැටලු නිසාවෙන් ඔවුන්ට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. අපි ආයතන තෝරාගන්න කලින් හැමදේම හොයලා බලනවා. ඒ වගේම අපි Comilla කණ්ඩායම නියමිත දිනයෙන් පස්සේ අයැදුම් කළත්, ඔවුන් තරගාවලියට දැක්වූ දායකත්වය සලකා බලලා අවස්ථාවක් ලබා දුන්නා.”

මෙම තරගාවලියේ ක්‍රීඩකයින් බෙදා වෙන්කිරීම ඔක්තෝබර් 7 සහ 8 පැවැත්වීමට නියමිත බව වාර්තා වන අතර අදාළ තේරී පත්වූ හිමිකරුවන් වෙත තරගාවලියේ පළමු වසර සඳහා බංග්ලාදේශ කෝටි 10ක් තැන්පත් කරන ලෙස ද සංවිධායකයින් දන්වා තිබුණා.

තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන්,

Fortune Barishal Sports Ltd (Barishal), Mindtree Limited (Khulna), Progoti Green Auto Rice Mills Ltd (Dhaka), Future Sports Bangladesh Limited (Sylhet), Bashundhara Group’s Toggi Sports Limited (Rangpur), Delta Sports Ltd (Chattogram) Comilla Legends Limited (Comilla).

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<