ශ්‍රී ලංකාව මාලදිවයින හමුවේ පරාජයට

2023 AFC ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය - තෙවැනි වටය

235

2023 AFC ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තෙවැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ තෙවැනි සහ අවසන් තරගයෙන් මාලදිවයින හමුවේ ගෝල 1-0ක පරාජයකට මුහුණ දෙන්නට ශ්‍රී ලංකාවට සිදු වුනා.

කෙසේ නමුත් තරගය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් හොඳ, සාපේක්ෂව ඉතාමත් වැඩිදියුණු වූ දස්කම් දක්නට ලැබීම අගය කළ කරුණක්.

උස්බෙකිස්තානයේ Namangan හි Markaziy ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීවේ මාලදිවයින් ක්‍රීඩක Hamza Mohamed. එම ගෝලය වාර්තා වුනේ 63 වැනි මිනිත්තුවේ දීයි.

අවසන් ලකුණු තත්වය: මාලදිවයින 1 – 0 ශ්‍රී ලංකාව

ගෝල ලාභීන්:

  • මාලදිවයින – Hamza Mohamed (63’)

ඒත් සමඟින් තරග 3කින් යුත් තෙවැනි වටය අවසානයේ ශ්‍රී ලංකාව එකදු තරගයක් හෝ ජයග්‍රහණය කරන්නට අපොහොසත් වුනා. තරගාවලියේ පළමු තරගයෙන් සත්කාරක උස්බෙකිස්තානය හමුවේ ගෝල 3-0ක් ලෙස පරාජය වූ ශ්‍රී ලංකාව ඉන්පසුව සහභාගී වූ දෙවැනි තරගයෙන් තායිලන්තය හමුවේ පරාජය වුනේ ගෝල 2-0ක් ලෙසයි.

කෙසේ නමුත් තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අගය කළ හැකි දියුණුවක් පෙන්නුම් කළ අතර ගෝල රැකීමෙන් සුජාන් පෙරේරා ශ්‍රී ලංකාව කළ සේවය අතිමහත්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<