ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය හදිසියේ වෙනස් වෙයි

6914

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක අකිල දනංජය හා ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන කුසල් ජනිත් පෙරේරා යන දෙදෙනාම හෙට (27) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් වී තිබේ.

දිල්මින් හා සන්තුෂ් පාසල් ක්‍රිකට් පිටියේ කඩුලු දඩයමක

පාසල් කෙළිමඬල කාර්යබහුල කරන සිංගර් කුසලාන අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින තරග රැසක් අද (25) ආරම්භ වෙද්දී, අද අවසන් වූ තරගයකින් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට…

පසුගිය 23 වැනිදා පැවැත්වූ පස්වැනි හා අවසන් එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 219කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එම තරගයේ දී කඩුලු 4ක් දවා ගත් අකිල දනංජය හෙට පැවැත්වෙන තරගය වෙනුවෙන් පැවති පුහුණුවීම් අතරතුර පාදය ආශ්‍රිතව ඇතිවූ ආබාධ තත්වයක් නිසා හෙට තරගය සඳහා ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු වන චරිත් සේනානායක මහතා ThePapare.com වෙත පැවසීය.

එසේම වමතින් පිත්ත හසුරුවන කුසල් ජනිත් පෙරේරා එක්දින තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වූ අතර ඔහු තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැති නිසා ඔහු ද හෙට තරගයට ක්‍රීඩා නොකරන බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව එම ක්‍රීඩකයින් දෙදෙනා වෙනුවෙන් සදීර සමරවික්‍රම හා අමිල අපොන්සු ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට කැඳවා ඇත.

ශ්‍රී ලංකා – එංගලන්ත ඉතිහාසයට නව පිටුවක් එකතු වන තරගයක්

වසර 36ක ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් වාර්තා පොතට හෙට (27) තවත් සුවිශේෂී වාර්තාවක් එකතු වන්නේ දෙරට අතර ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන ප්‍රථම විස්සයි විස්ස..

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන එකම විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට (27) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වේ. එහි තොරතුරු, එසැණ තොරතුරු, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ පට හා සේයාරූ ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්. එතෙක් රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<