2022 IPL නිල කාලසටහන නිකුත් වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

5499

ලොව ප්‍රකට ලීග් ක්‍රිකට් තරගාවලියක් වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙම වසරේ අදියර සඳහා නිල තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කර තිබුණා.

මෙවර තරගාවලිය මුම්බායි සහ පූනේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත අතර ලීග් තරග 70ක් සහ අවසන් වටයේ තරග 4ක් දින 65ක් පුරාවට පැවැත්වීමට නියමිතව ඇත.

තරගාවලියේ පළමු තරගය Chennai Super Kings සහ Kolkata Knight Riders අතර මාර්තු 26 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඊට පසුදින එනම් 27 වැනිදා Delhi Capitals සහ Mumbai Indians අතර පළමු දිවා තරගය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලියේ තරග 20 බැගින් මුම්බායි නුවර Wankhede ක්‍රීඩාංගණයේ දී සහ පූනේ හී DY Patil ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර තරග 15 බැගින් Brabourne සහ MCA ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ තරග කාලසටහන

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලූම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟ.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<