Punjab Kings නව නායකයා කවුද? Shahrukh Khanගෙන් පිළිතුරක්

1993
(IPLT20)

Punjab Kings කණ්ඩායමට 2022 IPL ක්‍රීඩක වෙන්දේසිය ඉතා සුබ වුනා. ඒ ඔවුන් Shikhar Dhawan, Liam Livingstone, Kagiso Rabada, Jonny Bairstow, හා Shahrukh Khan වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක්ම සිය කණ්ඩායමට එකතු කර ගත් නිසයි.

වෙන්දේසියට පෙරම ඔවුන් Mayank Agarwal හා Arshdeep Singh කණ්ඩායමේ රඳවා ගත්තා. වෙන්දේසියේ දී ඔවුන් Shikhar Dhawan ද සිය කණ්ඩායමට එකතු කර ගත්තේ නව නායකයා පිළිබඳ විවාදයක් ද ගොඩනගමිනුයි.

2021 අදියරේ දී ද Punjab Kings නියෝජනය කළ Shahrukh Khan 2022 වසර සඳහාත් Punjab කණ්ඩායම සමඟ එක්ව තිබෙනවා. කණ්ඩායමේ නායකයා විය යුත්තේ Mayank ද, Dhawan ද යන්න ඔහුගෙන් විමසූ විට ඔහු තෝරාගෙන තිබුණේ Dhawan.

මම තෝරා ගන්නේ Shikhar Dhawan, මොකද ඔහුට තමයි ගොඩක්ම අත්දැකීම් තියෙන්නේ. කණ්ඩායමට හොඳට ගැළපෙන ගතිගුණ ඔහු සතුව තිබෙනවා”, Shahrukh Star Sports වෙත පවසා තිබුණා.

පසුගිය සෙනසුරාදා IPL වෙන්දේසියේ පළමු නම වූ Dhawan, මිල දී ගන්නට Punjab Kings ඉන්දීය රුපියල් කෝටි 8.25ක් වැය කළා. වමත් ආරම්භක පිතිකරුවා 2019 – 2021 කාල වකවානුවේ දී Delhi Capitals නියෝජනය කළා. එමෙන්ම 2013 හා 2014 කාලසීමාවේ දී ඔහු Sunrisers Hyderabad කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා.

මේ  අතර Shahrukh Khan මිල දී ගැනීම සඳහා Punjab Kings, Chennai Super Kings හා Kolkata Knight Riders තරග වැදුණු අතර අවසානයේ දී ඔහුව ඉන්දීය රුපියල් කෝටි 9කට මිල දී ගන්නට Punjab Kings සමත් වුනා.

Punjab Kings ප්‍රධාන පුහුණුකරු Anil Kumble පවසා සිටියේ, Liam Livingstone, Odean Smith ඇතුළු නව ක්‍රීඩකයින් පිළිබඳ තමා ඉතා සතුටු වන බවයි.

“වෙන්දේසියේ දී ක්‍රීඩකයින්ට ලොකු ඉල්ලුමක් තිබුණා මම හිතන්නේ ඒ කණ්ඩායම් 10ක් තිබුණු නිසා. මම 2011 හා 2014 වැනි විශාල වෙන්දේසි කිරීම්වලට සහභාගී වෙලා තියෙනවා. ඒ වුනත් මෙය ගොඩක් වෙනස් අත්දැකීමක් වුනා. සෑම ක්‍රීඩකයෙක්ම ලොකු මුදලකට අලෙවි වුනේ.”

Hindustan Times ඇසුරින්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<