සාරංගි හා අංජානි අතර ගැටුමෙන් අංජානි ජය ගනී

518

2019 බස්නාහිර පළාත් මලල ක්‍රීඩා ශූරතාව ඊයේ (22) සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ නව තරග වාර්තා සහ සැමගේ කතාබහට ලක්වූ පරාජයන් ද සමඟිනි. 

ජාතික කාන්තා දුර පැනීමේ ඉසව්වේ අංක එකේ ක්‍රීඩිකාව වන සාරංගි සිල්වා බස්නාහිර පළාත් මලල ක්‍රීඩා ශූරතාවයේ දී නොසිතූ පරාජයකට මුහුණ පෑවාය. 

තරග අංශ 116ක්, නව පළාත් වාර්තා 34ක්!

2019 සමපෝෂ පාසල් ක්‍රීඩා තරග මාලාවේ උතුරු ….

පසුගිය මාර්තු මාසයේ දී සිය පෞද්ගලික හොඳම පිම්ම ලෙස මීටර් 6.12ක් වාර්තා කළ සාරංගිගේ බලාපොරොත්තු වූයේ තවදුරටත් එම ඉසව්වේ ප්‍රමුඛයා වීම වූ අතර එම තරගාවලියේ දී මීටර 6.09ක දක්ෂතාවයක් දක්වා තිබූ අංජානි‍ගේ බලාපොරොත්තුව වූයේ ද එයම වන්නට ඇත. 

කෙසේ නමුත් සාරංගිගේ වාර්තාව පවා අභිබවා යමින්  අංජානි පුලවංස මීටර 5.92ක් දුරක් වාර්තා කරමින් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. ඇය විසින් එම දක්ෂතාවය දැක්වූයේ ඇයට හිමි වූ 5 වැනි  අවස්ථාවේ දී ය.

සුළඟේ තිබූ යම් යම් වෙනස් වීම් නිසා මොවුන් දෙදෙනාගේම පළමු හා දෙවන  අවස්ථාවන් ව්‍යර්ථ වී ගියේය. 

ලංකාවේ තුනක් වියට්නාමයේ තරග බිමට

වියට්නාමයේ දී පැවැත්වීමට නියමිත විවෘත මලල ක්‍රීඩා ……..

ආසියානු ශූරතාවයේ දුර පැනීම ඉසව්ව සඳහා සහභාගී වූ ග්‍රේෂන් දනංජය මෙම ක්‍රීඩා උළෙලේ මීටර් 7.57ක දුරක් වාර්තා කරමින් රන් පදක්කම ජයග්‍රහණය කළ අතර ඔහු ඊයේ දිනයේ දී හොඳම මලල ක්‍රීඩකයාට හිමි සම්මානය ද දිනා ගැනීමට සමත් විය.

පැවති අනෙක් ඉසව්වල දී සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ කෙටි දුර ධාවන ශූර සහන් රාජපක්ෂ තත්පර 10.5ක කාලයක් වාර්තා කරමින් මීටර් 100 ඉසව්ව ජය ගැනීමට සමත් විය. 

දුර පැනීමෙන් ලද පරාජයෙන් පසුව මීටර 100 ඉසව්ව සඳහා සහභාගී වූ සාරංගි තත්පර 12.0ක කාලයක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් විය.  

කවපෙත්ත විසිකිරීම ඉසව්වෙන් මීටර් 43.12 දක්ෂතාවයක් වාර්තා කළ හෂාන් විජේරත්න සහ මීටර 400 ඉසව්වෙන් තත්පර 60.0ක කාලයක් වාර්තා කළ ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ උත්තරා පිළිවෙළින් 16න් පහළ කාණ්ඩයේ හොඳම බාලක හා බාලිකා මලල ක්‍රීඩා ශූරතා දිනා ගන්නට සමත් විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<