භානුක මාසයකින් ෆිට්නස් හදාගන්න සැරසේ

238

පසුගිය දා ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු වන මිකි ආතර් විසින් විවේචනයට ලක් කළ ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ මාසයක් ඇතුළත තමන් නැවතත් ශාරීරික යෝග්‍යතා මට්ටම සපුරා ගන්නා බවට විශ්වාසයෙන් පසුවෙනවා.

එම අභියෝගය සාක්ෂාත් කර ගැනීම සඳහා භානුක රාජපක්ෂ මේ වන විටත් වැඩ කටයුතු ආරම්භ කර ඇති අතර ඔහු පෞද්ගලික ශාරීරික පුහුණුකරුවෙකුගේ (Personal Trainer) සේවය ලබා ගනිමින් ඔහු ලබා දුන් කාලසටහනකට අනුව පුහුණුවීම් කරමින් පවතිනවා.

මම මගේ පෞද්ගලික පුහුණුකරු සමඟ දිනකට පැය දෙක හමාරක් පුහුණුවීම්වල නිරත වනවා සහ මට විශ්වාසයි මම මගේ නියමිත fitness සහ skin-fold මට්ටමට දින 30ක් ඇතුළත් ළඟා වෙන්න පුළුවන් වෙයි කියලා, යනුවෙන් ඔහු Daily Mirror වෙත පවසා තිබෙනවා. 

පුහුණුකරු විසින් මට ආහාර ගන්න ඕන විදිහ ගැන සැලැස්මක් (diet plan) හදලා දීලා තියෙනවා. මම දැන් මස් වර්ග ආහාරයට ගන්නේ නැහැ. මම ඉතාමත් ඉක්මනින් නියමිත Fitness මට්ටමට ළඟා වේවි, ඔහු වැඩිදුරටත් පවසා තිබුණා. 

භානුකගේ පුහුණුකරු වන Nigel Aaron විසින් Daily Mirror වෙත පවසා තිබුණේ ශාරීරික සහ මානසික යන දෙඅංශයෙන්ම ක්‍රීඩකයෙක් ශක්තිමත් විය යුතු බවයි.

ක්‍රිකට් ක්‍රීඩකයෝ ශාරීරිකව පමණක් නෙමෙයි ශක්තිමත් විය යුතු, ශාරීරික සහ මානසික යන දෙඅංශයේ සමබරතාව පවත්වා ගෙන යා යුතුයි යැයි ඔහු පවසා තිබුණා. 

මට විශ්වාසයෙන් කියන්න පුළුවන් Rohit Sharma, Jonny Bairstow, Jason Roy හෝ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන Graeme Smith, Shane Watson වගේ අයගේ skinfolds අගය 100 වඩා වැඩියෙන් තිබුණා, නමුත් ඔවුන් තරග දිනවන්නෝ සහ ඔවුන් සිය කණ්ඩායමට උපරිමය ලබා දුන්නා Aaron වැඩිදුරටත් පවසා තිබුණා.  

භානුක කැමති කාබෝහියිඩ්‍රේඩ් ආහාරවලට, මම ඔහුව හුරු කරනවා ටිකක් දැඩි පෝෂණ සැලැස්මකට. ඔව්, චොක්ලට් වලට ඔහු කැමති, හැබැයි දැන් ඔහු ශරීරයට හිතකර සීනි එකතු කරලා නැති dark chocolates තමයි ආහාරයට ගන්නේ. භානුක gloves අතේ තියාගෙන දුවලා ඇති නමුත් මම කවදාවත් දැකලා නැහැ ඔහු දුවද්දී දැවී යනවා හෝ ඔහුගේ අනිත් පස ඉන්න ක්‍රීඩකයාව දුවද්දී අමාරුවේ දානවා, Aaron පවසා තිබුණා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<