ක්‍රීඩකයෝ 5ක් Fitness කඩුල්ල පනියි

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2021

218

එළඹෙන එංගලන්ත තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීම සඳහා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය අතරතුර පැවැත්වුණු අතර එයින් අසමත් වුනු ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළු ක්‍රීඩකයින් 5 දෙනෙක් සඳහා අද (4) නැවතත් යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වුනා. 

ඒ අනුව දනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, ධනංජය ලක්ෂාන්, ඉශාන් ජයරත්න සහ නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයින් පස්දෙනා අද පැවති 2km ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී තිබෙනවා. 

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළඹෙන එංගලන්ත සංචාරය සඳහා ක්‍රීඩකයින් 28 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කර තිබෙන නමුත් ක්‍රීඩකයින් 24 දෙනෙකු පමණක් එංගලන්ත සංචාරය සඳහා පිටත්ව යන බව වාර්තා වෙනවා. එම සංචිතය තවමත් නිල වශයෙන් නිකුත් වී නැහැ. 

මේ මස 24 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය සඳහා ICC ලෝක කුසලාන සුපර් ලීගයේ එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් වෙනවා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<