Rahulගේ සහභාගීත්වය අවිනිශ්චිතයි; නායකත්වය Krunalට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

202

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ ආබාධයට ලක් වූ Lucknow Super Giants නායක KL Rahulගේ තත්වය තරමක් බරපතළ නිසා ඔහුගේ වගකීම් සම්පූර්ණ වශයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙන තිබෙනවා.

ඒ නිසා ඔහුගේ ආබාධ තත්වය සහ ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉදිරි තරගවලට සහභාගී වීම පිළිබඳ තීරණය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ජාතික ක්‍රිකට් ඇකඩමියේ වෛද්‍යවරුන් විසින් ගැනීමට නියමිත බව ද වාර්තා වෙනවා.

Rahul තවමත් Lucknow නුවර රැඳී සිටින නමුත්, ඔහු අද (03) පැවැත්වෙන Chennai Super Kings සමඟ තරගය ක්‍රීඩා නොකරන අතර කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස Krunal Pandya පත්කර තිබෙනවා.

Royal Challengers සමඟ පැවති තරගයේ දී Rahul ආබාධයට ලක් වූ අතර ඔහුගේ තත්වය තරමක් බරපතළ බව වාර්තා වුනා.

ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ ගිවිසුම්ගතව සිටින ක්‍රීඩකයෙක් මෙන්ම ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් තරගයට ඇතුළත් ක්‍රීඩකයෙක් වන නිසා වහාම ඔහුගේ වගකීම සම්පූර්ණ වශයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ලබා ගෙන තිබෙන අතර ඔහු මේ වන විට ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය කණ්ඩායමේ උපදෙස් අනුව වැඩ කරමින් සිටිනවා.

Cricbuzz වෙබ් අඩවියට අනුව Rahul තවමත් වේදනාවෙන් පසු වන බව වාර්තා වන අතර ඔහුගේ සිදු කළ පරීක්ෂාවල ප්‍රතිඵල පැමිණීමෙන් පසු ඔහුගේ ආබාධයේ තත්වය ගැන තීරණයක් ගැනීමට නියමිතයි.

වත්මන් තත්වය අනුව ඔහුට ඉදිරි තරග කිහිපය අහිමි වන අතර බොහෝ විට ඔහුට තරගාවලියේ සියලු තරග අහිමි වීමේ අවදානමක් ද මතුව තිබෙන බව මාධ්‍ය වාර්තා කර සිටිනවා.

Lucknow Super Giants ක්‍රීඩකයින්ට මූලික වටයේ තවත් පහක් ඉතිරිව තිබෙන අතර ඔවුන් අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුවහොත් තවත් තරග කිහිපයක් ක්‍රීඩා කිරීමට ඔවුන්ට සිදු වෙනවා.

Rahul ආබාධයට ලක් වීමෙන් පසු අංක 11 පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නමුත්, පන්දු තුනකට මුහුණ දුන් ඔහුට කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකි වුනේ නැහැ.

2023 IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා. IPL තරගාවලියේ උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<