ගෙවුනු දවස මැයි 21 – ශ්‍රී ලංකාවට හොඳ තරගයක්

447

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

සුනිල සංග්‍රාමය ජය පරාජයෙන් තොරයි

50th Battle of the Blues

උපුල් තරංග, දිනේෂ් චන්දිමාල් වැනි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් ලක්මවට දායාද කළ අම්බලන්ගොඩ දිස්ත්‍රික්කයේ ප්‍රබලතම පාසල් ද්විත්වයක් වන ධර්මාශෝක විද්‍යාලය සහ දේවානන්ද විද්‍යාලය අතර පැවති 50 වැනි “සුනිල සංග්‍රාමය”, මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ඊයේ ආරම්භ වූ අතර, එම තරගය ඊයේ (21) ජය පරාජයෙන් තොරව අවසන් විය.

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 159 (පන්දුවාර 56.2): කවීෂ් කුමාර 55, නිමේෂ් මෙන්ඩිස්  21, චතුර මිලාන් 2/37, සජින සංකල්ප 3/23, ඉමේශ් මධුශංක 2/19.

දේවානන්ද විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 175 (පන්දුවාර 72.3): කවිඳු සොහාන් 83*, සචිඳු උද්දීපන 29, ලසිත් කුමාර 5/21, දිනුක ඩිශාන් 2/30, කුශාන් නිමන්ත 2/47.

ධර්මාශෝක විද්‍යාලය දෙවන ඉනිම – කඩුලු 7ක් දැවී ලකුණු 94 dec (පන්දුවාර 55): කසුන් මදුරංග 28, චතුර මිලාන් 4/35.

දේවානන්ද විද්‍යාලය දෙවන ඉනිම – කඩුලු 3ක් දැවී ලකුණු 2 (පන්දුවාර 4):

සම්පූර්ණ ලිපිය: සුනිල සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන්


ශ්‍රී ලංකාව පරාදයි‍

Sri Lanka v Scotland 1st practice match

එළඹෙන ජූනි මස පළමු වැනිදා ආරම්භ වීමට නියමිත ශූරයින්ගේ කුසලාන තරගාවලියට පෙර ස්කොට්ලන්තය සමඟින් පැවැත්වෙන එක්දින තරග දෙකෙන් පළමු තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (21) අනපේක්ෂිත පරාජයකට මුහුණ දීමට සිදු විය. ඒ දකුණත් පිතිකරු කයිල් කෝට්සර් සහ මැතිව් ක්‍රොස්ගේ විශිෂ්ට ශතක දෙකෙන් සවිබල ගැන්වුණු ස්කොට්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කර ගත් බැවිනි.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 287 (පන්දුවාර 49.5): දිනේෂ් චන්දිමාල් 79, චාමර කපුගෙදර 71, කුසල් පෙරේරා 57, අසේල ගුණරත්න 27, උපුල් තරංග 20, ඇන්ජෙලෝ මැතිව්ස් 15, ස්ටුවර්ට් විටින්ග්හැම් 3/56, ඇලස්ඩෙයාර් එවන්ස් 3/62, ක්‍රිස් සෝල් 2/64.

ස්කොට්ලන්තය – කඩුලු 3ක් දැවී ලකුණු 291 (පන්දුවාර 42.5): කයිල් කෝට්සර් 118, මැතිව් ක්‍රොස් 106*,කොන් ඩි ලැන්ග් 19*, රිචී බැරින්ටන් 19, ඇන්ජෙලෝ මැතිව්ස් 1/35, තිසර පෙරේරා 1/62, ලක්ෂාන් සඳකැන් 1/66.

සම්පූර්ණ ලිපිය: ස්කොට්ලන්තය හමුවේ ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක්!