මාස 15ක පමණ කාලයක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ දකුණු අප්‍රිකානු ජාතික පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් එම ධූරයෙන් නිල වශයෙන් ඉවත් වන බව දන්වා තිබේ.

ශ්‍රී ලංකා – පාකිස්තාන ක්‍රිකට් සහෝදරත්වය

ඉතා කෙටි සහ අතිශය තරගකාරී ඉසව්වක පහළම ශ්‍රේණිගත කිරීමේ සිටි කණ්ඩායම ශූරතාව වෙනුවෙන්….

“ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් දැක්වූ දායකත්වය පිළිබඳව අපි ඔහුට ස්තුතිවන්ත විය යුතුයි,” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සිය මාධ්‍ය නිවේදනයෙන් ප්‍රකාශ කර සිටියි.

“ෆෝඩ් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වුනේ ICCය විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසකට එරෙහිව තරග තහනම් කිරීම් සිදු කළ වකවානුවක් තුල දී යි. ඒ වගේම එම කාලය ඉතාමත් බැරෑරුම් වගේම ගැටලුකාරී තත්ත්වයක් බවට පත් වුනා. එවන් අවස්ථාවක දී ඔහු අපට හැකි උපරිමයෙන් දායකත්වය දැක්වීමට ඉදිරිපත් වුනා.”

ෆෝඩ් පුහුණුකාරීත්වය දැරූ කාල සීමාව තුළ දී ශ්‍රී ලංකාව විසින් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම 3-0ක් ලෙස ටෙස්ට් තරගාවලියක දී පරාජය කිරීමට සමත් වූ නමුත්, අවසන් වරට පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලානයේ දී සහ දින කිහිපයකට පෙර නිමාව වූ ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී මූලික වටයෙන් ඔබ්බට යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ නැත. එමෙන්ම දකුණු අප්‍රිකානු සංචාරය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි දී ටෙස්ට් සහ එක්දින තරගාවලි ද්විත්වය, පිළිවෙළින් 3-0ක් සහ 5-0ක් ලෙස අභාග්‍ය සම්පන්න පරාජයකට ලක්වූ නමුත් දකුණු අප්‍රිකාවේ දී සහ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වූ විස්සයි විස්ස තරගාවලි දෙකම ජයග්‍රහණය කිරීමට සමත් විය.

“මා ගාලු නගරයේ මනරම් වරාය අසලට වී ශ්‍රී ලංකාවේ ‘විශේෂ සන්නාමයේ’ ක්‍රිකට් ක්‍රීඩාව වෙත උකුසු ඇස් යොමා ගෙන සිටීමට මග බලා සිටිනවා. මෙවර මගේ නියපොතු අස්ථිය දක්වාම සැපීමට අවශ්‍ය වන්නේ නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටත්, ක්‍රීඩකයින්ටත් මං සුබ ප්‍රාර්ථනා කරනවා, ඒ වගේම මං නවක ක්‍රීඩකයන්ට අවවාදයක් දීමටත් කැමතියි – සෑම අවස්ථාවකම ඔබ ගැනත්, ඔබේ කණ්ඩායම ගැනත් විශ්වාසය තබන්න, එසේම හදවතින්ම ක්‍රීඩා කරන්න”, ෆෝඩ් සිය මාධ්‍ය  නිවේදනයේ දී කරුණු දක්වමින් සඳහන් කර සිටියි.

ThePapare.com වෙත ලැබෙන විශ්වාසවන්ත ආරංචි මාර්ග අනුව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ නික් පොතාස් තාවකාලිකව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට උසස් කර ඇත. ඒ අනුව ලබන 30 වැනිදා සිට ගාල්ලේ දී පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ තරගාවලිය තුළ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් ඔහු කටයුතු කරනු ඇත. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබන මස ඇරඹෙන ඉන්දීය තරගාවලිය වෙනුවෙන් ස්ථිර පුහුණුකරුවෙකු පත්කිරීමට නියමිතව ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට