‘අත්නොහරින පුජාරා’ නැවත පිටියේ වැඩ අරඹයි

195

ඉන්දීය කණ්ඩායමේ අංක 3 පිතිකරුවා වන පුජාරා, Covid-19 වසංගතයෙන් පසුව නැවත ක්‍රිකට් ආරම්භ කිරීම සම්බන්ධයෙන් බලාපොරොත්තු තබාගෙන සිටින බව CRICBUZZ වෙබ් අඩවියට පවසා තිබේ. තම සුපුරුදු ගුණාංග හා රිද්මය ඉක්මනින්ම නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව වෙත ගෙන එන බව ද ඔහු පැවසීය.

ගේල් CPL හැර යයි

32 හැවිරිදි පුජාරා මේ වන විට ඉන්දීය කණ්ඩායමේ ඉහළ පෙළේ පිතිකරුවෙකු වන අතර ඔහු පසුගිය දා රාජ්කොට්හි පිහිටි ඉන්දී කඳවුරේ පුහුණුවීම් සඳහා නැවත පැමිණියේය. ඒ සෞරෂ්ට්‍ර කණ්ඩායමට ඔවුන්ගේ මංගල රංජි ශූරතාව දිනා ගැනීමට විශාල වගකීමක් ඉටු කිරීමෙන් මාස තුනකට පසුවය.

ඉන්දියාව මේ වන විට වසංගතයට එරෙහිව ප්‍රබල ලෙස සටන් කරමින් සිටින අතර එවන් තත්ත්වයක් තුල ඕනෑම ආකාරයක ක්‍රිකට් ක්‍රීඩාවක් නැවත එරට දී ආරම්භ කිරීම අවිනිශ්චිත බවක් පෙනෙන්නට තිබේ. නමුත් පුජාරා පවසා සිටියේ නියම වේලාවට නැවත වැඩපිළිවෙළට පිවිසීමට තමන්ට හැකි වනු ඇති බවයි.

අපි යම් වේලාවක නැවත තරග ආරම්භ කළ යුතුයි. එය තමයි වැදගත්” පුජාරා Press Trust of India (PTI) සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී පැවසීය.  

ටෙස්ට් පිතිකරුවෙකු ලෙස ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වන පුජාරාගේ මීළඟ තරගාවලිය ඕස්ට්‍රේලියානු තරගාවලිය වීමට වැඩි ඉඩක් ඇත. ඉන්දියානු කණ්ඩායම දෙසැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියානු සංචාරයකට එක්වීම සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණෙන අතර එහි දී ඔවුන් ටෙස්ට් තරග 4කට ක්‍රීඩා කිරීමට නියමිතය. 

පුජාරා පවසන්නේ පුහුණුවීම් තුලින් ඔහු ගොඩනගාගත් මානසික ශක්තිය පැය ගණනක් ක්‍රීඩා පිටියේ රැඳී සිටීමට ඔහුට උපකාර කළ බවයි. නමුත් මෙම අසීරු අවස්ථාවල දී එය තරමක් දුර්වල වී ඇති බවත්ය.

“ඉදිරි මාස දෙක තුන තුළ කිසිදු තරගාවලියක් පැවැත්වෙන බව මා දකින්නේ නැහැ. එබැවින් ක්‍රීඩකයන් විදිහට අපි ක්‍රමයෙන් දේවල් පුහුණු විය යුතුයි” ඔහු පෙන්වා දුන්නේය.

“ඔබ මානසිකව ශක්තිමත් නම්, ඔබට දිගු විවේකය සුවපහසු ලෙස ගත හැකියි. ටෙස්ට් තරග නිතර නිතර පැවැත්නොවන නිසා ක්‍රීඩකයන්ට දේශීය ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සිදු වෙනවා. එය මට එතරම් ලොකු දෙයක් වුනේ නෑ. එයින් ආපසු පැමිණීමත් එතරම් අමාරු වුනේ නෑ. මම නැවුම් හා අධිෂ්ඨානයෙන් ඉන්නවා ක්‍රීඩා කිරීම ගැන. මානසික අභියෝගය මට ප්‍රශ්නයක් නෙමෙයි” ඔහු තරයේ කියා සිටියේය.

පුජාරා මේ වන විට පුහුණු දැල්වල ක්‍රීඩා කිරීම ආරම්භ කර ඇත. සෙමෙන් තම රිද්මය ලබා ගැනීම සඳහා පුහුණු වීම් සිදු කරන ඔහු මිනිත්තු 20-25 අතර කාලයක් පන්දුවට පහර දීමට කැමැත්තක් දක්වයි. සතියකට තුන් වරක් එලෙස පුහුණුවීම් සඳහා ඔහු සහභාගී වේ. කාලයත් සමඟ එය ක්‍රමයෙන් වැඩි කිරීම ඔහුගේ ඉලක්කයයි. ඔහු එළඹෙන තරග සමය පිළිබඳව බලාපොරොත්තු සහිතව සිටින අතර එය ඉලක්ක කරගෙන මෙලෙස ක්‍රමයෙන් පුහුණුවීම් තීව්‍රතා මට්ටම ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ.

“මම කාලයකට පස්සේ එළිමහනට ගිය පසු එය සම්පූර්ණයෙන්ම වෙනස් හැඟීමක් වුනා. මෙහි පුහුණුව පැහැදිලිවම අපි කණ්ඩායම් පරිසරයක සිටින ආකාරයටම සිදුවෙන්නේ නෑ. නමුත් අවම වශයෙන් අපිට අපි වෙනුවෙන්ම යමක්  කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා.” 

“ඊළඟ තරග මාලාව පැවැත්වෙන විට අපි සිටින තත්වය කුමක් දැයි කිසිවෙකුට කියන්න බැහැ. ඉදිරි මාස කිහිපය ගොඩක් වැදගත් වේවි සූදානම් වීමට සහ නැවත ක්‍රීඩාවට පිවිසීමට. ඊළඟ තරග මාලාව ගැන සිතීමට දැන් කල් වැඩියි.”  

“පුරුද්දක් විදිහට පුහුණුවීම් කළාම අපේ ඔබේ ශරීරය ටිකක් චලනය වීමට පටන් ගන්නවා. ක්‍රිකට් ක්‍රීඩකයෙකු වශයෙන්, හැකි සෑම විටම පුහුණුවීම් ආරම්භ කිරීම වැදගත් දෙයක්. ඒ අතරම රජයේ මාර්ගෝපදේශ (සමාජ දුරස්ථභාවය පිළිබඳ) පිළිපැදිය යුතුයි.”

පිතිකරුවෝ සුපිරි ආරම්භයක් ගන්න ඕන – ෆිල් සිමන්ස්

පුජාරා පසුගිය කාලය තුල වරින් වර ක්‍රීඩාවෙන් ඉවත් වූයේ ඇතිවූ ආබාධ හේතුවෙනි. නමුත් ඔහු අවධාරණය කළේ අගුළු දැමීමේ කාලය තුළ ඔහු ක්‍රියාකාරීව සිටින බවයි. 

ආබාධයකින් පස්සේ නැවත පැමිණීම මීට වඩා අමාරු දෙයක්. මීට පෙර (2008 සහ 2011) මම ආබාධිත වූ වෙලාවල් වලදී මම බොහෝ කලකට පස්සේ තමයි නැවත පුහුණුවීම් ආරම්භ කළේ. මේ කාලයට වඩා දිගු කාලයක් මම හිටියා. නමුත් අගුළු දැමීමේ කාලයත් එක්ක ඒ තත්ත්ව වෙනස් වුනා. මම ගෘහස්ථව සිටිය දී ක්‍රියාශීලීව සිටියා. ඒ අපිට ලැබුණු යෝග්‍යතා නියමයන් එක්ක” පුජාරා පැවසීය.

“නිසැකවම, මම බොහෝ කාලයකට පස්සේ පිත්ත අල්ලා ගෙන සිටින විට එය ටිකක් වෙනස් බවක් දැනෙනවා. නමුත් මම මගේ යෝග්‍යතාවය පවත්වා ගන්න වැඩ කළ නිසා  එය දැන් මට නැවත ක්‍රීඩා කිරීමට උපකාරී වෙනවා” ඔහු පැවසීය

කෝලි ගැන ස්මිත්ගෙන් පැසසුම්

දිගු කලක් තිස්සේ තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවක් ක්‍රීඩා නොකිරීම නිසා පිත්ත සමඟ සම්බන්ධතාවය නැති වේය යන බිය පිතිකරුවන් කිහිප දෙනෙකුට තරමක් අසීරු වනු ඇත. නමුත් පුජාරා විශ්වාස කරන්නේ ‘වසර ගණනාවක විනය හා පුහුණුව’ නාස්ති නොවන බවයි.  

“පළමු සතියේ පුහුණුවීම් අමාරුයි. සතියකට පසු ඔබ යථා තත්ත්වයට පත්වෙනවා. ඔබ මෙතරම් කාලයක් මෙම ක්‍රීඩාව ක්‍රීඩා කර ඇති නිසා අත්දැකීම් බොහෝ වැදගත් වෙනවා. “ යනුවෙන් ඔහු පවසා සිටියේය.   

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<