පිතිකරුවෝ සුපිරි ආරම්භයක් ගන්න ඕන – ෆිල් සිමන්ස්

238

තම කණ්ඩායම එංගලන්තයට එරෙහිව දැඩිව ක්‍රීඩා කළ යුතු බව කොදෙව් පුහුණුකරු වන ෆිල් සිමන්ස් පවසා තිබේ. 

AFP වෙත අදහස් දක්වමින් බටහිර ඉන්දීය කොදෙව් පුහුණුකරු ෆිල් සිමන්ස් පැවසුවේ තම පිතිකරුවන් එංගලන්තයට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ යුතු බවත්, තම වේගපන්දු බලඇණියට වැඩි ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කිරීමට ලබා දිය යුතු බවත්ය.

පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයින් තුනකට කොරෝනා

අඟහරුවාදා ඇරඹෙන සංචිත සාමාජිකයින් අතර නිල නොවන තෙදින ටෙස්ට් තරගයක් සමඟ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබන මාසයේ පැවැත්වෙන ටෙස්ට් තරග තුන සඳහා වන සූදානම වේගවත් කරමින් සිටී.

ජූලි 8 වැනි දින සවුත්හැම්ප්ටන් හිදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට පෙර පළමු පන්තියේ තරගයක කොන්දේසි වඩාත් සමීපව පිළිබිඹු කරමින් ක්‍රීඩකයන් 11 බැගින් සහභාගී වන තරගයක් ද පැවැත්වීමට නියමිතය.

බටහිර ඉන්දීය කොදෙව් පන්දු ප්‍රහාර බලඇණියට කෙමාර් රෝච්, ෂැනන් ගේබ්‍රියෙල් සහ නායක ජේසන් හෝල්ඩර් ඇතුළත් වන අතර අල්සාරි ජෝශප් ද සමඟින් තම කණ්ඩායම සිම්මන්ස් විසින් “විශාල අභියෝගයක්” ලෙස නම් කර ඇත.

එහෙත් ඔවුන්ගේ පිතිකරුවන් මෑත වසරවල දී එතරම් සාර්ථක නොවූ අතර විශාල ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට මහත් පරිශ්‍රමයක් දැරූහ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පසුගිය වසරේ කැරිබියන්හිදී එංගලන්තය 2-1ක් ලෙස පරාජය කළ නමුත් 1988 සිට එංගලන්තයේ දී ටෙස්ට් තරගමාලාවක් ජයගෙන නොමැත.

සිමන්ස් පැවසුවේ පිතිකරුවන් ප්‍රායෝගිකව හොඳ ස්වරූපයක් හා රිද්මයක් පෙන්වන බවයි. පුහුණු තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තම කණ්ඩායම හැඩගස්වා ගන්නේ කෙසේ ද යන්න තීරණය කිරීමට ඉවහල් වන බවත් ඔහු කියා සිටියා.

“අපි සංචාරය කළ බොහෝ අවස්ථාවල අපි තරගයට අවතීර්ණ වුනේ පළමු තරගයෙන් පස්සේ. ඒක අපිට ලොකු අවාසියක් වුනා. පළමු තරගයෙන් පස්සේ තමයි අපි ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත්තේ. මෙවර අපිට ලොකු අවස්ථාවක් ලැබිලා තියනවා සවුත්හැම්ප්ටන් යන්න පෙර අපේ ක්‍රීඩාවට අවතීර්ණ වෙන්න. ඒකට මේ පුහුණු තරග ලොකු අවස්ථාවක්” ෆිල් සිමන්ස් පවසා සිටියා. 

“කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ පිතිකරුවන්ගෙන් වැඩි දෙනෙක් පළපුරුදු ක්‍රීඩකයින්” යැයි ඔහු පැවසීය. “මානසිකව, මම හිතන්නේ ඔවුන් දැඩි ක්‍රීඩකයන්. මම හිතන්නේ අපි දිගටම අපගේ කුසලතා වැඩි කරගන්න වැඩ කළ යුතුයි.”

“මට එංගලන්තයේ දී ශතකයක් වාර්තා කරන්න ඕන”

මෙම තරගාවලියට ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඉහළම පෙළේ තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනා වන බටහිර ඉන්දීය කොදෙව් නායක හෝල්ඩර් සහ එංගලන්ත උපනායක බෙන් ස්ටොක්ස් සහභාගී වන අතර ඔවුන් දෙදෙනාගේ සටන පිළිබඳව බොහෝ දෙනෙකු බලා සිටිනු ඇත.

“මේ ක්‍රීඩකයන් අතර එදිරිවාදිකම් සැමවිටම පවතින දෙයක්. මම සිතන්නේ බෙන් යනු අංක එකේ වීමට උත්සාහ කරන ක්‍රීඩකයෙක්. ජේසන් එයට ළඟා වෙලා ඉන්නේ” යැයි සිමන්ස් පැවසීය.

“ඔවුන් සෑම අංශයකින්ම තරගකාරී ක්‍රීඩකයන්. මෙම තරගාවලියේ දී ඒ එදිරිවාදිකම් වැඩි වනු ඇතැයි මම හිතනවා.”

කොදෙව් නායක හෝල්ඩර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ශ්‍රේණිගත කර ඇති අතර ස්ටොක්ස් ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් විසින් පසුගිය දා නම් කරන ලදි.

බටහිර ඉන්දීය කොදෙව් හා එංගලන්තය අතර පසුගිය වසරේ පැවති තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූයේ ජේසන් හෝල්ඩර් ය.

පසුගිය වසර බෙන් ස්ටෝක්ස්ගේ ස්වර්ණමය වසර වූ අතර ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී තරගයේ වීරයා බවට පත්වූ ස්ටෝක්ස් ඉන් අනතුරුව හෙඩින්ලී හි පැවති තෙවැනි අළුබඳුන ටෙස්ට් තරගයේ දී නොදැවී ලකුණු 135ක් ලබා ගනිමින් එංගලන්තයට එක් කඩුල්ලක ජයග්‍රහණයක් ලබා දුන්නේය.

දෙවන හා තෙවැනි ටෙස්ට් තරග සඳහා සත්කාරකත්වය ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණය විසින් දරනු ලබයි. කොදෙව් කණ්ඩායම රැඳී සිටින ජෛව ආරක්‍ෂිත කඳවුර ද එහි පිහිටා ඇත. ක්‍රීඩකයන් එම පරිසරයට හුරු වීමට සතියක් පමණ ගත වූ බව බටහිර ඉන්දීය කොදෙව් පුහුණුකරු පැවසීය.

එංගලන්තය අඟහරුවාදා සවුත්හැම්ප්ටන් හි පිහිටි තම කඳවුරට ඇතුළු වීමට නියමිතය.

පසුගිය මැයි මාසයේ දී ඇමරිකාවේ මෙගාපොලිස් හිදී පොලිස් නිලධාරියෙකු අතින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයෙකු ඝාතනය වීමත් සමඟින් ලොව පුරා කළු ජාතිකයන්ට සිදු වන හිංසා පිළිබඳව දැඩි කතාබහක් ගොඩනැගුණු අතර ඒ සම්බන්ධයෙන් ජාතිවාදී අරගලයක් ද ආරම්භ විය. 

BLACK LIVES MATTER නම් වූ එම ව්‍යාපාරයට ලොව පුරා ක්‍රීඩා කණ්ඩායම් රැසක් ද සහයෝගය පලකරමින් ප්‍රකාශ නිකුත් කළ අතර තරග අතරතුර ද එයට සහයෝගය දක්වන අභිනයන් ඉදිරිපත් කළේය. 

කොදෙව් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන සිමන්ස් පැවසුවේ ප්‍රිමියර් ලීග් හි ආදර්ශය අනුගමනය කරමින් තම ක්‍රිකට් ක්‍රීඩකයින් ද BLACK LIVES MATTER හෙවත් කළු ජාතිකයන්ට සිදුවන හිංසාවලට එරෙහි ව්‍යාපාරයට සහයෝගය දක්වන බවයි.

අළුබඳුනෙන් අළු වූ සිහිනවලට පණ පොවමින් මොයින් නැවතත් සේවයට!

“අපි නියත වශයෙන්ම කල්පනා කරන්නේ ව්‍යාපාරය සඳහා අපගේ සහයෝගය පෙන්වීමට අපට කළ හැකි දේ ගැනයි. අපි කණ්ඩායම තුල ඒ ගැන කතා කළා” පුහුණුකරු පැවසුවේ කැරිබියානු පාර්ශවය ඔවුන්ගේ එංගලන්ත සගයන් සමඟ මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව සාකච්ඡා කරන බවයි.

සිමන්ස් පැවසුවේ එංගලන්තයේ ලීග් ක්‍රිකට් ක්‍රීඩාවේ දී ජාතිවාදී සිදුවීම් අත්විඳ ඇති බවයි.

“මට එය ලීග්වල දී සිදු වෙලා තියනවා” ඔහු පැවසීය. “එය මුහුණ දෙන්න ලේසි දෙයක් නෙමෙයි. විශේෂයෙන් ඔබ තනියම ක්‍රීඩා කරන ලීග්වල දී එය ගොඩක් අමාරු දෙයක්. මට සිදු වූ ඒ දේවල් මගේ බිරිඳට පවා බලපෑවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<