කෝලි ගැන ස්මිත්ගෙන් පැසසුම්

195

වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ආක්‍රමණශීලී පිතිකරුවන් ලෙස ඉන්දීය නායක විරාත් කෝලි හා ඕස්ට්‍රේලියා පිතිකරු ස්ටීව් ස්මිත් අවිවාදයෙන් පිළිගත හැක. පසුගිය දා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ස්ටීව් ස්මිත් කියා සිටියේ කෝලි ඉතාමත් හොඳ ක්‍රීඩකයෙකු බවයි.

ඕස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත්, ඉන්දීය සුපිරි තරුව සහ පිටියේ ප්‍රතිවාදියා වන විරාත් කෝලි “හොඳ මිනිහෙක්” සහ පිටියේ දැඩි ලෙස ක්‍රීඩා කරන ශක්තිමත් නායකයෙකු ලෙස වර්ණනා කළේය.

අයර්ලන්ත ආරම්භක පිතිකරුවාට උසස් වීමක්

කොරෝනා වයිරසය වසංගතයක් ලෙස පැතිර යාමත් සමඟින් ලොව පුරා ජාත්‍යන්තර ක්‍රිකට් තරග අවලංගු කිරීමට සිදු විය. මේ වන විට මාස දෙකක පමණ කාලයක් ජාත්‍යන්තර තරග නවතා දමා ඇති අතර ක්‍රිකට් ක්‍රීඩකයින් කෙටි පණිවිඩ, දුරකථන ඇමතුම් සහ වීඩියෝ ඇමතුම් මගින් එකිනෙකා සමඟ සම්බන්ධතා පවත්වයි.

“මම විරාත් කෝලි සමඟ පිටියේ දී සංවාද කිහිපයක් පැවැත්වුවා. ඉන්දියාවේ දේවල් සිදුවන්නේ කෙසේ දැයි බැලීමට මම මෑත කාලයේ ඔහු සමඟින් පණිවිඩ කීපයක් හුවමාරු කරගත්තා” ස්මිත් සෙනසුරාදා ඉන්දියානු ගුවන් විදුලි නාලිකාවක් වන ස්ටාර් ස්පෝර්ට්ස් වෙත පැවසීය.

“ඔහු ඉතාමත් ප්‍රබල හා දක්ෂ පුද්ගලයෙක්. අපි දෙදෙනාම පිටියේ දී දැඩි ලෙස ක්‍රීඩා කරනවා.”

ස්ටීව් ස්මිත් පසුගිය වසර කීපය තුල වඩාත් කතාබහට ලක්වූයේ 2018 වසරේ පැවති දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේ දී ඔහු හා ඩේවිඩ් වෝනර් පන්දුව පළුදු කිරීමේ වරදට හසුවීමත් සමඟිනි. 

එහි ප්‍රතිඵලයක් ලෙස වසරක තරග තහනමක් ඔහුට පැනවිණි. වසරක විරාමයකින් අනතුරුව ඔහු හා ඩේවිඩ් වෝනර් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණියේ පසුගිය වසරේ ලෝක කුසලාන තරගාවලියේ දී ය. 

එම තරගාවලියේ දී ස්මිත් හා වෝනර් කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත්වුවද ප්‍රේක්ෂකයන්ගෙන් ඔවුන්ට සිදු වූ හිංසා අපමණය.

පසුගිය වසරේ එංගලන්තයේ දී පැවති ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව ඕස්ට්‍රේලියාව පරාජය කිරීමෙන් පසුව ඉන්දීය ප්‍රේක්ෂකයන් ස්මිත්ට හා වෝනර්ට අපහාස කිරීම සම්බන්ධයෙන් කෝලි ප්‍රසිද්ධියේ ඔවුන්ගෙන් සමාව ඉල්ලා තිබුණි. 

සචින්ගේ පිත්තෙන් පන්නරය ලැබූ නවක ඉන්දීය තරුව

2017 දී බැංගලෝරයේ පැවති ටෙස්ට් තරගයකින් පසුව කෝලි වරක් ස්මිත් වංචාකාරයෙකු ලෙස හැඳින්වීම ඒ දිනවල බොහෝ දෙනාගේ අවධානයට ලක්විය. එවකට ඕස්ට්‍රේලියා නායකයා වූ ස්මිත් විනිසුරු සමාලෝචනයක් අතරතුර දී ක්‍රීඩක කාමරය දෙස බලා උදව් ඉල්ලා සිටීම එයට හේතු විය. ජාත්‍යන්තර ක්‍රිකට් නීතිරීති යටතේ ඒ සඳහා අවසර හිමිවන්නේ නැත. එවන් වාතාවරණයක් යටතේ ඉන්දීය නායකයා මෙලෙස සමාව ඉල්ලා සිටීම ස්මිත්ගේ ගෞරවයට පාත්‍ර විය.

“ලෝක කුසලාන තරගාවලියේ දී විරාත් මට සහ ඩේවිඩ් වෝනර්ට අපහාස නොකරන ලෙස ලබා දුන් සංඥාව මට අදහාගන්න බැරි වුනා. මම එය ගොඩක් අගය කළ අතර මම ඒ පිළිබඳව ඔහුට කෙළින්ම ස්තූති කළා” ස්මිත් පැවසීය.

කෝලිගේ මෙම ක්‍රියාවට ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් ප්‍රශංසා කළ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සම්මාන ප්‍රධානෝත්සවයේ දී කෝලි හට ICC Spirit of Cricket සම්මානය දිනා ගැනීමට ද එය ප්‍රධාන හේතුවක් විය.

“ඔහු දක්ෂ හා ඉතාමත් හොඳ පුද්ගලයෙක්. ඔහු ඉන්දීය කණ්ඩායමට නායකත්වය දුන් ආකාරය පුදුම සහගතයි.”

ස්මිත් සහ වෝනර් ඔවුන්ගේ වසරක පන්දුව හීලෑ කිරීමේ තහනමෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණීමෙන් පසුව පිටියේ දී තවමත් නින්දා අපහාස විඳිමින් සිටී.

රංජි කුසලානයේ හොඳම පන්දු යවන්නා දිවි ගමනින් සමුගනී

ලෝක ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල කෝලි වසර කීපයක් අණසක පැතිර වූ අතර ස්මිත්ගේ ආගමනය ඔහු දෙවන ස්ථානයට පත්කිරීමට සමත් විය. මේ වසරේ අග භාගයේ දී ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගමාලාව සඳහා ටෙස්ට් තරග 4ක් ඇතුළත් වේ. ස්මිත් හා කෝලි මෙම තරගාවලිය පිළිබඳව විශාල බලාපොරොත්තු සහිතව සිටින බව නොරහසකි. 

“ඔවුන් පුදුමාකාර කණ්ඩායමක්. දක්ෂ කණ්ඩායමක්. ඔවුන් මේ වසරේ ඕස්ට්‍රේලියාවට පැමිණෙන විට ඔවුන් සමඟ සෙල්ලම් කිරීමට මම බලා සිටිනවා. එය ඇදහිය නොහැකි තරම් සුවිශේෂී දෙයක් වේවි” ස්මිත් පැවසීය.

ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය සඳහා ටෙස්ට් තරග 4ක්, එක්දින තරග 3ක් හා විස්සයි විස්ස තරග 3ක් ඇතුළත් වේ. එම විස්සයි විස්ස තරගාවලිය ඔක්තෝබර් මස 14 ආරම්භ වීමට නියමිත අතර බෝඩර් – ගවස්කාර් ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් මස 3 වැනිදා ආරම්භ වීමට නියමිතය. ඉන්දීය – ඕස්ට්‍රේලියා තරගාවලිය 2021 වසරේ ජනවාරි දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<