නැවත ආරම්භ වන PSL සටනට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුත්

පාකිස්තානු සුපර් ලීගය 2021

121
PSL 2021

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සහ එහි බලපෑම නිසාවෙන් තාවකාලිකව නැවතුණු පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (PSL) ඉතිරි තරග මේ මස 9 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හිදී නැවත ආරම්භ කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය (PCB) තීරණය කර තිබෙන අතර එහි අවසන් මහා තරගය මේ මස 24 වැනිදා පැවැත්වෙනවා.

මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් වන තිසර පෙරේරා සහ සීකුගේ ප්‍රසන්න පිළිවෙළින් Karachi Kings සහ Lahore Qalandars යන කණ්ඩායම් නියෝජනය කිරීමට සූදානමින් සිටිනවා.

එසේම මේ තරගාවලිය නැවත පැවැත්වීම හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමේ එළඹෙන එංගලන්ත තරග සංචාරය ආරම්භ කිරීම ද දින දෙකකින් කල් දැමුණා. ඒ අනුව පාකිස්තාන කණ්ඩායම ලබන 23 වැනිදා වෙනුවට ලබන 25 වැනිදා එංගලන්තයට ළඟා වීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ වෙතත්, එංගලන්ත තරග සංචාරයේ තරග කාලසටහනේ කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර, ඒ අනුව එංගලන්ත පාකිස්තාන පළමු එක්දින තරගය නියමිත පරිදි ජූලි 8 වැනිදා කාර්ඩිෆ්හී දී පැවැත්වීමට නියමිතයි.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 6 වැනි අදියරේ ඉතිරි තරග 20 අබුඩාබි හිදී සීමිත දින සංඛ්‍යාවක් තුළ පවත්වා අවසන් කිරීමට ගෙන ඇති තීරණයත් සමඟ එක් දිනකට තරග දෙක බැගින් පැවැත්වෙන දින 6ක් තරග කාලසටහනට ඇතුළත් බව සඳහන්.

තරගාවලියේ ඉතිරි තරග පාකිස්තානයේ Karachchi දී ජුනි පළමු වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට මීට පෙර පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබූ නමුත්, Karachchi නුවර පවතින COVID-19 අර්බුදය සැලකිල්ලට ගනිමින් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු කිරීම සුදුසු බවට එහි තරග වදින කණ්ඩායම්වල හිමිකරුවන්ගේ අදහස වුනා.

තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයින් සහ නිලධාරීන් කණ්ඩායමකට COVID-19 වයිරසය ආසාදනය වීමත් සමග පසුගිය මාර්තු 3 වැනිදා පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 6 වැනි අදියරේ තරග අතරමග දී තාවකාලිකව නවතා දැමුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<