ගේල් භීතිකාව ආයෙත්

322

ක්‍රිකට් පිටියේ දැවැන්තයා ලෙස විරුදාවලිය ලත් ක්‍රිස් ගේල්ගේ බටහිර ඉන්දීය කොදෙව් ආගමනය පුවත් මවන සිද්ධියක් බවට පත්විය. තම ක්‍රිකට් ආයතනය සමඟ උරණ වීම නිසා කලක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් කර සිටි ක්‍රිස් ගේල් 2019 ලෝක කුසලානය සඳහා නම් කරන ලදි.

පාන්ඩ්‍යා සහෝදරයෝ මුම්බායි පළමු තැනට රැගෙන එයි!

ප්‍රබල ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා හා …………..

2019 ලෝක කුසලාන සංචිතය සඳහා නම් කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ උපනායකත්වයට ක්‍රිස් ගේල් පත්කිරීමට කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. ඒ අනුව ඔහු ජේසන් හොල්ඩර්ගේ නායකත්වය යටතේ ඔවුන් ලෝක කුසලානයට එක් වනු ඇත. මෙම තීරණය බටහිර ඉන්දීය කොදෙව් නව ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ගත් තවත් තීරණයක් ලෙස පැවසේ. නව පාලක මණ්ඩලය කොදෙව් ක්‍රිකට් ප්‍රතිසංස්කරණය කරන බව පවසා තිබේ.

ක්‍රිස් ගේල් 2010 වසරේ ජුනි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය දැරූ අතර මෙවර ලෝක කුසලානය ඔහුගේ අවසන් එක්දින තරගාවලිය වනු ඇත.

“මේක මට ගොඩක් ලොකු ගෞරවයක්. කණ්ඩායම නියෝජනය කරන්න ලැබුණ අවස්ථාව මට ගොඩක් විශේෂයි. ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙක් විදිහට නායකයාට වගේම කණ්ඩායමට උදව් කරන එක මගෙ වගකීමක්. මේක ලොකුම ලෝක කුසලානය වේවි. ලොකු බලාපොරොත්තු තියෙනවා. මම දන්නවා අපි බටහිර ඉන්දීය ක්‍රිකට්ලෝලීන් වෙනුවෙන් උපරිමය කරනවා.” උපනායකත්වයට පත්වීමෙන් අනතුරුව ගේල් පවසා ඇත

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 288කට සහභාගි වී ඇති ක්‍රිස් ගේල් එහි දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 10151ක්. ඒ 87.14ක පහර දීමේ වේගයක් පවත්වා ගනිමිනි. පිටිය පුරා තම අණසක පැතිරවීමට සමත්වන මේ දැවැන්තයා එක්දින පිටියේ වාර්තා කර ඇති හයේ පහර ගණන 314ක්.

ක්‍රිස් ගේල් මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වී සිටින අතර ඔහුට කොදෙව් කණ්ඩායම අයර්ලන්තයේ දී ක්‍රීඩා කරන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය මගහැරෙනු ඇත. තරගාවලිය ආරම්භ කරමින් දැවැන්ත ජයග්‍රහණයක් කොදෙව් කණ්ඩායම අයර්ලන්තයට එරෙහිව වාර්තා කළ අතර එහි දී එක්දින ක්‍රිකට් වාර්තා පොත් අලුත් කිරීමට ද කොදෙව් කණ්ඩායමට හැකි විය.

ලෝක කුසලානය රැගෙන ඒමේ අදිටනින් ශ්‍රී ලංකාව කලින්ම යයි

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ……….

ඒ අනුව එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමු කඩුල්ල සඳහා වන ඉහළම සම්බන්ධතාව වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරුවන් වන ශායි හෝප් හා ජෝන් කැම්බෙල් සමත්වූ අතර ශායි හෝප් එම තරගාවලිය සඳහා උපනායකත්වය දක්වා උසස් වීමක් ද ලබා ගත්තේය.

“අයර්ලන්තයේ දී කණ්ඩායමේ උප නායකත්වය ලැබීම මට ලොකු ගෞරවයක්. තරගාවලියට කලින් මගෙන් ඇහුවා උප නායකත්වය ගන්නවා ද කියලා. මම ඒක සතුටින් බාර ගත්තා. මගේ කණ්ඩායම වෙනුවෙන් මට කරන්න කියන ඕනෙම දෙයක් ඕනෙම වෙලාවක කරන්න මම සූදානම්” හෝප් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

2019 ලෝක කුසලානයට සහභාගි වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම

ජේසන් හෝල්ඩර් (නායක), ක්‍රිස් ගේල්, එවින් ලුවිස්, ඩැරන් බ්‍රාවෝ, ශිම්රන් හේට්මයර්, නිකොලස් පූරාන්, ඈශ්ලි නර්ස්, ඇන්ඩ්‍රේ රසල්, කාලෝස් බ්‍රාත්වෙයිට්, ශායි හෝප්, ෆාබියන් ඇලෙන්, කෙමර් රෝච්, ඔසේන් තෝමස්, ශැනොන් ගේබ්‍රියෙල්, ශෙල්ඩන් කෝට්‍රෙල්

2019 ලෝක ක්‍රිකට් වසන්තය මැයි මස 30 වැනිදා එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිතයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තම පළමු තරගය සඳහා පාකිස්තාන කණ්ඩායම මුණගැසෙන්නේ මැයි 31 වැනිදායි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<