ශම්මි සිල්වාගේ වගකීම් අතරට තවත් වගකීමක්

131

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස දෙවැනි වරටත් තේරී පත්වුණු ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය හා අලෙවිකරණ කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කර තිබෙනවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති වන Jay Shah මහතා එය තහවුරු කර අතර එම තීරණය ගෙන ඇත්තේ ඊයේ (2) පැවති ආසියානු ක්‍රිකට් විධායක කමිටු හමුවේ දීයි.

තවත් ක්‍රිකට් පුවත්:

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය හා අලෙවිකරණ කමිටුව සඳහා තවත් සාමාජිකයින් 6 දෙනෙකු ඇතුළත් වන අතර ඒ අතරින් එහි ප්‍රධානියා ලෙස ශම්මි සිල්වා මහතා නම් කර තිබෙනවා. ඒ අනුව ඔහු ඇතුළු කණ්ඩායම විසින් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය හා අලෙවිකරණයට අදාළ සියලු කටයුතු භාරව කටයුතු කරනු ඇත.

මෙම පත්වීමට අමතරව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවර්ධන කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද ශම්මි සිල්වා මහතා කටයුතු කරනු ලබනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<