රුමේෂිකා රත්නායකට ද්විත්ව ජයක්

ජාතික මලල ක්‍රීඩා දෙවැනි තේරීම් තරගාවලිය 2023

291

මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සහ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා වන අවසන් තේරීම් තරගාවලිය අද (25) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 10.39ක කාලයකින් අවසන් කරමින් තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා වීමට චමෝද් යෝදසිංහ සමත් වෙද්දී, තත්පර 11.96ක කාලයක් වාර්තා කරමින් වේගවත්ම ක්‍රීඩිකාව වීමට රුමේෂිකා රත්නායක සමත් වුනා.

දිනයේ දෙවැනි ජයග්‍රහණය ලබා ගනිමින් කාන්තා මීටර් 200 ඉසව්ව තත්පර 23.82ක කාලයකින් අවසන් කරන්නට රුමේෂිකා රත්නායකට හැකි වූ අතර එහි පිරිමි ඉසව්ව තත්පර 21.4ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කළේ මොහොමඩ් සෆාන් විසිනුයි.

කලකට පසු කාන්තා මීටර් 800 ඉසව්ව නියෝජනය කරමින් ජයග්‍රහණය ලබා ගන්නට ඩිල්ෂි කුමාරසිංහට හැකි වුනේ මිනිත්තු 2:04.33ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

>> තරගාවලියේ සමස්ත ප්‍රතිඵල සටහන <<

තත්පර 52.80ක කාලයකින් මීටර් 400 ඉසව්ව අවසන් කළ නදීෂා රාමනායක ප්‍රථම ස්ථානය දිනා ගනිද්දී එහි පිරිමි ඉසව්ව ආර්. රාජකරුණා ජයග්‍රහණය කළේ තත්පර 46.20ක කාලයක් සමඟිනුයි.

දේශීය සහ ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ උණුසුම විඳ ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<