ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් (ප්‍රීමා සමාගම) සමඟ එක්ව සංවිධානය කරනු ලබන අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂයින් තෝරනු ලබන ‘ප්‍රීමා කුසලාන’ ජාතික යූත් ලීග් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය අද (21) ආරම්භ වුනා.
පළාත් කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික තරග දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වුනා. කණ්ඩායම් 39ක සහභාගීත්වයෙන් පැවති එම මූලික තරගාවලියේ දී දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් මෙම පළාත් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.
මධ්‍යම සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධව දිස්ත්‍රික් කණ්ඩායම් 8ක්, කොළඹ උතුර යටතේ කණ්ඩායම් 6ක්, කොළඹ දකුණ යටතේ කණ්ඩායම් 6ක්, උතුර, උතුරු මැද සහ වයඹ පළාත් ඒකාබද්ධව කණ්ඩායම් 11ක් ඌව සහ දකුණු පළාත නියෝජනය කරමින් කණ්ඩායම් 8ක් එම තරගාවලියට සහභාගී වුනා.
- දමිතගේ පන්දු යැවීම මලියදේවයට ජය ගෙනෙයි
- සාන්ත පීතර විද්‍යාලය අවසන් පූර්ව වටයට
- ශ්‍රී ලංකාවට ලෝක කුසලාන සත්කාරකත්වයක්!
කණ්ඩායමකට ක්‍රීඩකයින් 13 දෙනා වන සේ නම් කරමින් පැවැති එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දක්ෂතාවයන්ගෙන් සපිරි ක්‍රීඩකයින් 507 දෙනෙකු සහභාගී වුනා. එම තරගාවලියේ මූලික වටයේ තරග නොවැම්බර් 11 වැනිදායින් අවසන් වුනා.
නොවැම්බර් 21 වැනිදා සිට 29 වැනිදා පැවැත්වෙන මෙම තරගාවලියේ තරග කොළඹ වෙළඳසේවා සහ රත්මලාන ජනසතු සේවා යන ක්‍රීඩාංගණවල දී පැවැත්වෙනවා.
සමාරම්භක දිනයේ දී ගාල්ල සහ කොළඹ උතුර වෙළඳසේවා ක්‍රීඩාංගණයේ දී ද, කොළඹ දකුණ සහ මහනුවර රත්මලාන ජනසතු සේවා ක්‍රීඩාංගණයේ දී ද තරග කරනු ලැබුවා. අවසන් මහා තරගය නොවැම්බර් 29 වැනිදා වෙළඳසේවා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ඒ ඒ පළාත් නියෝජනය කරන ලද දිස්ත්‍රික් කණ්ඩායම් මෙසේයි,
මධ්‍යම සහ නැගෙනහිර – මහනුවර i, මහනුවර ii, මහනුවර iii, නුවරඑළිය, අම්පාර, කෑගල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව
කොළඹ උතුර – කොළඹ උතුර i, කොළඹ උතුර ii, කොළඹ උතුර iii, ගම්පහ i, ගම්පහ ii, ගම්පහ iii
කොළඹ දකුණ – කොළඹ දකුණ i, කොළඹ දකුණ ii, කොළඹ දකුණ iii, කලුතර i, කලුතර ii, කලුතර iii
උතුර, උතුරු මැද සහ වයඹ – යාපනය, කිලිනොච්චි, මන්නාරම, මුලතිව්, වවුනියාව, අනුරාධපුර, මාතලේ, පොලොන්නරුව, කුරුණෑගල i, කුරුණෑගල ii, පුත්තලම
දකුණ – ගාල්ල i, ගාල්ල ii, ගාල්ල iii, හම්බන්තොට, මාතර, බදුල්ල, මොණරාගල, රත්නපුර
කොළඹ උතුර – කිත්ම විදානපතිරණ (නායක), තබිත් රස්ෆිකාර්, සදීෂ සිල්වා, නෙතුල එදිරිමාන්න, ෂේන් අබේරත්න, රචින්ත ද සිල්වා, රන්මිත් දිනුවර, තරුෂ නවෝද්‍ය, ළහිරු ලක්මාල්, දිනුජ සෝමරත්න, ඔසද ප්‍රමුදිත, නවිඳු රුද්‍රිගු, රසිත් නිම්සර.
කොළඹ දකුණ – රෙෂාන් පීරිස් (නායක), ජොෂුවා සෙබස්ටියන්, හිරුක සිල්වා, ලෂේන් ප්‍රනාන්දු, සත්සර නිලංජිත්, මෙෂෝන් ෆර්ඩිනැන්ඩෝ, රෂාන් නවංජන, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු, හිමරු දේශාන, දිනෙත් වේරගල, තෙනූෂ යාපා, යසිඳු දිසානායාක, තෙවිඳු වේවැල්වල.
මහනුවර – සෙත්මික සෙනෙවිරත්න, යොහාන් සේනානායක, නිකේෂල නානායක්කාර, කලන හේරත්, මහේන්ද්‍ර අබේසිංහ, සනුක කල්පනා, එච්. ඊ. සේතුංග, අම්මාන් මන්සීල්, කෙනුල පිලිහිඅංග, ඉෂාන් දොඩංගොල්ල, ෂෙවාන් කනිෂ්කස්, කෞෂික කුමාරසිංහ, දිනුක මොරගම්මන.
ගාල්ල – විරාන් චමුදිත (නායක). විහඟ ඉඳුවර, දුල්සින් දර්ශන, තේනුක් නෙත්වින්, රිසිනු ගීනුක, මොහොමඩ් අෆාන්ස්, බෙවින් ජයවර්ධන, නික්ෂ පෙරේරා, සමිරු ගිම්හාන්, ප්‍රවීන් මදුශංක, කසුන් කාවින්ද, චලන ඉන්දුෂ, විහඟ ඉඳුසර.
දඹුල්ල – පබසර දිසානායක (නායක), දනිඳු සෙල්ලපෙරුම, කවීන් දිනෙත්, පැහැසර බණ්ඩාර, දමේෂ් මතිෂාන්, රජිත් නවෝද්‍යා, චතුර රත්නායක, වී. ආකාෂ්, අභීෂ හිරුසාන්, ෂෙවෝන් නෙත්සර, තෙවිඳු නදුනෙත්, දම්ලත් ගමගේ, පාමුල ලොකුලියන.
තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<