පුහුණු තරගයේ දී ශ්‍රී ලංකාවට අසාර්ථක ආරම්භයක්

2020 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය

97

2020 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග පසුගිය දා ආරම්භ විය. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු පුහුණු තරගය ඊයේ (16) දකුණු අප්‍රිකාව සමඟින් පැවැත්විනි. ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය පරාජය වූයේ ලකුණු 41කිනි. 

තරගය පැවැත්වුනේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි කේරන් රෝල්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ දී ය. 

>>පාසල් රැසක් පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගනියි

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක චමරි අතපත්තු සමත් වූ අතර ඇය මුලින් පන්දු ‍යැවීම තෝරාගත්තාය. 

ශ්‍රී ලංකා පන්දු ‍යවන්නන් වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ ආරම්භක පන්දු ‍යවන්නිය වූ උදේශිකා ප්‍රබෝධනී දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකාරියන් දෙදෙනාම පන්දුවාර තුනක් තුල දවා ගැනීමට සමත් විය. 

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු අංක 3 ක්‍රීඩිකා Marizanne Kapp හා Mignon du Preez තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් විය. 

ඉන් අනතුරුව පිටියෙහි එක්වූ Laura Wolvaardt හා Chloe Tryon හයවැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 44 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් විය. 

දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගයේ නියමිත පන්දුවාර 20 තුල කඩුලු 6ක් දැවී ලකුණු 146ක් වාර්තා කිරීමට සමත් විය. 

දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට Marizanne Kapp සමත් වූ අතර ඇය පන්දු 44ක් තුල ලකුණු 44ක් වාර්තා කිරීමට සමත් විය. එයට හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් ඇතුළත් විය. 

Laura Wolvaardt පන්දු 24ක් තුල වේගවත් ලකුණු 38ක් රැස් කළේ හතරේ පහර 5ක් හා හයේ පහරක් සමඟිනි. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රබල පන්දු ‍යැවීමක නිරත වූ උදේශිකා ප්‍රබෝධනී පන්දුවාර 4 තුල ලකුණු 8ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. 

ජයසූරිය පළමු පෙළ 10 වැනි ශතකය වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ අද…

දඟපන්දු යවන ක්‍රීඩිකා චමරි අතපත්තු ලකුණු 28කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ලකුණු 147ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි අතර ඔවුන්ගේ ආරම්භය එතරම් සාර්ථක වූයේ නැත. ශ්‍රී ලංකා ඉනිමේ දෙවන පන්දුවාරයේ දී ම නායිකා චමරි අතපත්තු දවා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. 

දෙවන කඩුල්ල සඳහා ලකුණු 33ක් එක් කිරීමට හසිනි පෙරේරා හා හර්ශිතා මාධවී සමත් විය. නමුත් එයට පන්දු 46ක් වැයවී තිබිණි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු ක්‍රමයෙන් බිඳ වැටුණු අතර නියමිත පන්දුවාර 20 අවසානයේ දී ඔවුන්ට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 105ක් පමණි. ඒ කඩුලු 8ක් දැවී යාමෙන් පසුවය. 

ශ්‍රී ලංකා ඉනිමේ අංක 8 ස්ථානයේ ක්‍රීඩා කළ අමා කාංචනා පන්දු 15ක් තුල දී ලකුණු 24ක් රැස්කළ ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය. 

දකුණු අප්‍රිකාව තරගයෙ ජයග්‍රහණය කළේ ලකුණු 41කිනි. 

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් දඟපන්දු ‍යවන ක්‍රීඩිකා Sune Luus ලකුණු 20කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. 

දකුණු අප්‍රිකානුවන්ගේ පාකිස්තාන ගමන කල් යන ලකුණු

බංග්ලාදේශ කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය අවසන් වීමෙන් අනතුරුව විස්සයි විස්ස තරග…

ශ්‍රී ලංකා කණ්ඩායම තම දෙවන පුහුණු තරගය සඳහා එළඹෙන පෙබරවාරි මස 18 වැනිදා එංගලන්තය සමඟින් ක්‍රීඩා කිරීමට නියමිතය. 

මෙවර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ සියලු තොරතුරු දැනගැනීම සඳහා ThePapare.com සමඟින් රැඳී සිටින්න. 

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම – 146/5 (පන්දුවාර 20): Marizanne Kapp 44, Laura Wolvaardt 38*, Mignon du Preez 28, Chloe Tryon 23*, උදේශිකා ප්‍රබෝධනී 2/08, චමරි අතපත්තු 2/28

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 105/8 (පන්දුවාර 20): අමා කාන්චනා 24*, හසිනි පෙරේරා 22, Sune Luus 4/20

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<