“Baby Malinga” බංග්ලාදේශ ප්‍රිමියර් ලීගය සමඟ එක් වෙයි!

BPL 2023

5607

ශ්‍රී ලංකා නවක වේගපන්දු තරුව මතීෂ පතිරණ එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලියේ දී Rangpur Riders කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව ලබන වසරේ ජනවාරි මාසයේ දී ආරම්භ වීමට නියමිත ව ඇති 2024 BPL තරගාවලියේ දී මතීෂ සිය කණ්ඩායම් සගයා වන වනිඳු හසරංග සහ ඊට අමතරව Nicholas Pooran සහ Babar Azam වැනි ක්‍රීඩකයින් ද සමඟ Riders වෙත සිය දායකත්වය ලබා දෙනු ඇති.

2012 වර්ෂයේ දී ආරම්භ වූ BPL තරගාවලිය මෙතෙක් 9 වතාවක් පවත්වා ඇති අතර Rangpur Riders කණ්ඩායම ඉන් එක් වරක් තරගාවලියේ ශූරතාවය (2017 දී) ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මතීෂ කණ්ඩායමට එක් වීම පිළිබඳ Rangpur Riders විසින් සමාජ මාධ්‍ය මගින් මෙසේ නිවේදනය කර තිබුණේ ඔහුව “Baby Malinga” ලෙස හඳුන්වමිනුයි.

වත්මන් බංග්ලාදේශ නායක Shakib Al Hasan විසින් නායකත්වය ලබා දෙන Riders කණ්ඩායමට Nurul Hasan Sohan, Sheikh Mahedi Hasan සහ Hasan Mahmud යන බංග්ලාදේශය ක්‍රීඩකයින් ද ඇතුළත් වනවා.

එමෙන්ම මෙම මාසයේ අවසන් සතියේ දී පැවැත්වීමට නියමිත BPL ක්‍රීඩක කෙටුම්පත්කරණයේ දී (Player Draft) මෙම කණ්ඩායම සහ අනෙක් BPL කණ්ඩායම් ද තවත් විදෙස් ක්‍රීඩකයින් සිය කණ්ඩායම් වෙත සම්බන්ධ කර ගනු ඇති බවත් අනුමාන කළ හැකි.

කෙසේ වෙතත් ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත ILT20, SA20 වැනි විස්සයි විස්ස ලීග් තරගාවලි සහ BPL තරගාවලියේ තරග කාලසටහන් එක මත එක වැටීම මගින් ක්‍රීඩකයින් යම් අපහසුතාවකට පත් වීමේ ඉඩක් ද පවතිනවා.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricfrenzy ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<