ජයසූරිය පළමු පෙළ 10 වැනි ශතකය වාර්තා කරයි

83

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ අද (15) දවසේ දී හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ නායක ෂෙහාන් ජයසූරිය ශතකයක් වාර්තා කිරීම කැපී පෙනුනි. මෙය ඔහුගේ පළමු පෙළ 10 වැනි ශතකය යි.  

කසුන් සහ සහන් වැලැන්ටයින් සමරති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A…….

මේ අතර පන්දු යවන්නන් ලෙසින් සචිත්‍ර සේනානායක, සචිත්‍ර සේරසිංහ සහ ඩිලේශ් ගුණරත්න කඩුලු 5 බැගින් දවා ගනිමින් දක්ෂතා දැක්වූහ. 

Group A 

මුවර්ස් සහ බී. ආර්. සී. අතර තරගය 

බී. ආර්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් සත්කාරක බී. ආර්. සී. ක්‍රීඩකයන්ට අවශ්‍යය ඇත්තේ තවත් ලකුණු 251ක් පමණි. ඔවුන්ට මේ සඳහා තවත් දිනයක් සහ කඩුලු 10ක් ම ඇතැතිව තිබේ. 

මුවර්ස් ක්‍රීඩා සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 353 (77.3) පබසර වඩුගේ 76, සචිත්‍ර සේරසිංහ 94, අදීශ තිලාංචන 64, ප්‍රවීන් ජයවික්‍රම නොදැවී 30, චතුර රන්දුණු 20, දුවිඳු තිලකරත්න 3/103, තරිඳු කෞෂාල් 2/58, සොහයිබ් උල්ලා 2/34. 

බී. ආර්. සී. : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 10ක දී කඩුල්ලක් දැවී 23) සියලු දෙනා දැවී 238 (64.5) දේශාන් ඩයස් 31, ශානුක දුලාජ 38, රමින්ද විජේසූරිය 61, කෙවින් කොත්තිගොඩ 60, සචිත්‍ර සේරසිංහ 5/80, රමේෂ් මෙන්ඩිස් 2/58, අදීශ තිලාංචන 2/24. 

මුවර්ස් ක්‍රීඩා සමාජය : දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 137 (31.1) පබසර වඩුගේ 71, රමේෂ් මෙන්ඩිස් 36, දුවිඳු තිලකරත්න 3/60, සවීන් ගුණසේකර 2/06, තරිඳු කෞෂාල් 4/30. 

බී. ආර්. සී. : දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී 02 (3) 

Photos: BRC Vs Moors SC | Major League Tier A Tournament 2019/20


කෝල්ට්ස් සහ එස්. එස්. සී. අතර තරගය 

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරන එස්. එස්. සී. ක්‍රීඩකයෝ මේ වන විට ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 232ක් ඉදිරියෙන් පසුවෙති. 

Photos: Colts CC v SSC | SLC Major League Tier ‘A’ tournament 2019/20

එස්. එස්. සී. : පළමු ඉනිම සියලු දෙනා දැවී 301 (76) සඳුන් වීරක්කොඩි 55, චරිත් අසලංක 32, කවිඳු කුලසේකර 36, ක්‍රිශාන් සංජුල 54, සම්මු අශාන් 41, සචිත්‍ර සේනානායක 39, ප්‍රභාත් ජයසූරිය 4/89, ධනංජය ලක්ෂාන් 2/49. 

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 6ක දී කඩුලු 2ක් දැවී 14) සියලු දෙනා දැවී 183 (58.1) හේෂාන් ධනුෂ්ක 66, ප්‍රියමාල් පෙරේරා 25, ධනංජය ලක්ෂාන් 26, සචිත්‍ර සේනානායක 5/52, ආකාශ් සේනාරත්න 3/24. 

එස්. එස්. සී. : දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 114 (39) නුවනිඳු ප්‍රනාන්දු 21, සචිත්‍ර සේනානායක 33, ඩිල්රුවන් පෙරේරා 3/27, ප්‍රභාත් ජයසූරිය 2/46. 

පැතුම් වික්‍රමසිංහ තම හොඳම ඉනිම ක්‍රීඩා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier B……


මීගමුව සහ යුද හමුදාව අතර තරගය 

කොළඹ මුවර්ස් පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ දී යුද හමුදා ක්‍රීඩකයන් සියලු දෙනා දැවී රැස්කර ගත් ලකුණු 155ට පිළිතුරු ලෙසින් මීගමු ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 484ක් රැස්කර ගත්හ. ඒ අනුව ලකුණු 329ක් පිටුපස සිටිමින් ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා පිටියට පිවිසි යුද හමුදා ක්‍රීඩකයෝ දිනය නිමා වන විට කිසිවෙකු නොදැවී ලකුණු 74ක් රැස්කර ගෙන සිටියහ. 

ඔවුන්ට ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් තවත් ලකුණු 255ක් රැස්කර ගැනීමට අවශ්‍යව ඇත. 

යුද හමුදා ක්‍රීඩා සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 155 (42.1) හිමාෂ ලියනගේ 56, හේෂාන් හෙට්ටිආරච්චි 19, ඩිල්ෂාන් මුණවීර 2/29, උපුල් ඉන්ද්‍රසිරි 3/73, සාඩ් නසීම් 2/04. 

මීගමුව ක්‍රිකට් සමාජය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 42.2ක දී කඩුලු 2ක් දැවී 164) කඩුලු 9ක් දැවී 484 (112.3) ඩිල්ෂාන් මුණවීර 40, අශේන් සිල්වා 67, සාඩ් නසීම් 139, රොස්කෝ තට්ටිල් 32, ඇන්ජලෝ ජයසිංහ 87, දුෂාන් විමුක්ති 2/83, සීක්කුගේ ප්‍රසන්න 2/146, මල්ක මධුශංක 3/126. 

යුද හමුදා ක්‍රීඩා සමාජය : දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී 74 (18) ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 29, පැතුම් ඩිල්ශාන් නොදැවී 45. 

Photos: Negombo CC Vs Army SC – Major League Tier A Tournament 2019/20


Group B

සැරසන්ස් සහ රාගම අතර තරගය 

මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී රාගම ක්‍රීඩකයන් පළමු ඉනිමට රැස්කර ගත් ලකුණු 119ට පිළිතුරු ලෙසින් සැරසන්ස් ක්‍රීඩකයෝ දෙවැනි දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 321ක් රැස්කර ගත්හ. 

රාගම ක්‍රිකට් සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 119 (53) ලහිරු තිරිමාන්න 28, කසුන් රාජිත 8/31. 

සැරසන්ස් ක්‍රීඩා සමාජය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 37ක දී කඩුල්ලක් දැවී 134) කඩුලු 5ක් දැවී 321 (106) සිතාර ගිම්හාන් 74, නවිඳු නිර්මාල් 83, චාමිකර එදිරිසිංහ 55, ගමිඳු අමරසිංහ 45, මිලින්ද සිරිවර්ධන නොදැවී 22, අමිල අපෝන්සු 2/36, කල්හාර සේනාරත්න 2/106. 

දකුණු අප්‍රිකානුවන්ගේ පාකිස්තාන ගමන කල් යන ලකුණු

බංග්ලාදේශ කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය අවසන් වීමෙන් අනතුරුව…..

හලාවත මේරියන්ස් සහ එන්. සී. සී. අතර තරගය 

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ අද දවසේ දී හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ නායක ෂෙහාන් ජයසූරිය පන්දු 167කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 120ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට අමතරව පුලින තරංග ද අර්ධ ශතකයක් වාර්තා කර ගත්තේය. 

එන්. සී. සී. : පළමු ඉනිම සියලු දෙනා දැවී 312 (79) චතුරංග ද සිල්වා 47, සහන් ආරච්චිගේ 128, චාමික ගුණසේකර 50, අසිත ප්‍රනාන්දු 5/46, නිමසර අතරගල්ල 2/58, ෂෙහාන් ජයසූරිය 2/90. 

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 7ක දී කඩුල්ලක් දැවී 35) සියලු දෙනා දැවී 304 (88.1) ලසිත් කෘaස්පුල්ලේ 36, සනෝජ දර්ශික 38, ෂෙහාන් ජයසූරිය 120, පුලින තරංග 56, ඩිලේශ් ගුණරත්න 5/52, චතුරංග ද සිල්වා 3/105

එන්. සී. සී. : දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී 16 (6)  

මෙම සියලු තරග හෙට (16) දිනයේ දී තෙවැනි දිනයට ක්‍රියාත්මකය වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<