ශ්‍රී ලංකා වරාය අධිකාරියට තියුණු පරාජයක්

158

මේ දිනවල ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම සහභාගී වන ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලිය පැවැත්වෙන අතර එහි 9-13 ස්ථාන සඳහා වන තරගයේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරි වොලිබෝල් කණ්ඩායම වට 3/1ක් ලෙස ඕස්ට්‍රේලියාවේ කැන්බෙරා Heat කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.

12 දෙනෙකුගේ සංචිතයක් ආසියානු ජ්‍යෙෂ්ඨ කුසලානයට

ඉන්දුනීසියාවේ සුරබායා නුවර දී ආරම්භ වීමට නියමිත 19 වන ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම…

එම පරාජය නිසා මීළඟට හොංකොං හි Yan Chai කණ්ඩායම සමඟින් පැවැත්වෙන වොලිබෝල් තරගය ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම කැන්බෙරා Heat කණ්ඩායම හමුවේ පළමු වටය ලකුණු 25-19ක් ලෙස පරාජයට පත් වුවත්, දෙවන වටය තුල දී ප්‍රතිවාදීන් ලකුණු 25 – 12ක් ලෙස පරාජයට පත්කරන ලදි. නමුත් අවසන් වට 2ම පිළිවෙළින් ලකුණු 25 – 20ක් හා ලකුණු 25 – 18ක් ලෙස ජයග්‍රහණය කිරීමට කැන්බෙරා Heat කණ්ඩායම සමත් විය.

ඊට පෙර ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම පළමු වටයේ දී සහභාගී වූ ඉරාකයේ අල් බාහ්රි SC කණ්ඩායම සමඟ සහ වියට්නාමයේ වියට්නාම් SC කණ්ඩායම සමඟ තරග දෙක ද උණුසුම් තරගයකින් අනතුරුව වරාය අධිකාරි කණ්ඩායම පරාජයට පත්විය.

වරාය අධිකාරී කණ්ඩායම – අල් බාහ්රි SC

ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායමත් ඉරාකයේ අල් බාහ්රි SC කණ්ඩායමත් අතර පැවති පළමු වටයේ තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 25-21ක් , 25-21ක් සහ 25-23ක් වශයෙන් ජයග්‍රහණය කිරීමට අල් බාහ්රි SC කණ්ඩායම සමත් විය.

අල් බාහ්රි කණ්ඩායම පළමු වටයේ සහභාගී වූ පළමු තරගය වියට්නාම් SC කණ්ඩායමත් සමඟ පැවති අතර එම තරගය ඔවුන් තරග වට 3/1ක් ලෙස පරාජයට පත්විය.

කෙසේ නමුත් මෙම තරගයේ දී යළිත් දක්‍ෂතා අතරට පැමිණෙමින් ඔවුන් තරගයේ පළමු වට දෙක ලකුණු 25-21ක් ලෙස ජයග්‍රහණය කරනු ලැබුවේ වරාය අධිකාරි කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි.

තරගයේ තෙවන වටයේ දී වරාය අධිකාරි කණ්ඩායම හොඳ සටනක් දියත් කළේ නැවතත් ඔවුන්ගේ සුපුරුදු රිද්මයට ළඟා වීමේ අපේක්‍ෂාව සහිතව ය. කෙසේ නමුත් ඔවුන්ගේ එම බලාපොරොත්තු ඉටු කර ගන්නට අල් බාහ්රි කණ්ඩායම අවස්ථාව ලබා දුන්නේ නැත. තරගයේ තීරණාත්මක අවස්ථාවන්වල  දී වරාය අධිකාරි කණ්ඩායම අතින් සුළු අතපසුවීම් සිදු වූ අතර ඒවායින් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නට අල්-බාහ්රි කණ්ඩායම සමත් විය. ඒ අනුව උණුසුම් තරගයකින් අනතුරුව තරගයේ තෙවන තරග වටය ලකුණු 25-23ක් ලෙස ඔවුන් ජයග්‍රහණය කරනු ලැබුවේ තරගයේ ජයග්‍රහණය ද ඔවුන් සතුකර ගනිමිනි.

පසුගිය බදාදා වියට්නාම් SC කණ්ඩායම සමඟ පැවති තරගය පරාජය වීමෙන් අනතුරුව මගේ ක්‍රීඩකයෝ දැන් හොඳ වර්ධනයක් පෙන්නුම් කරනවා. ඔවුන් ශ්‍රී ලංකාව සමඟ පැවති තරගය හොඳින් ක්‍රීඩා කළා. ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම ඉතාමත් හොඳ කණ්ඩායමක්. ඔවුන්ගේ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම සිටිනවා. අපි ගොඩක් උත්සාහ කළේ ‘side-out’ එකෙන් ප්‍රහාර එල්ල කරන්න.”

තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් අල් බාහ්රි SC කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මොහොමඩ් අව්ෆි ප්‍රකාශ කර සිටියේ ය. ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ;

“මගේ ක්‍රීඩකයෝ පන්දු ග්‍රහණයේ දී වගේම ප්‍රහාර එල්ල කිරීමේ දීත් හොඳින් ක්‍රීඩා කළා. අපි මෙම තරගාවලියට මාස 2ක් හොඳින් පුහුණු වුනා. අපේ බලාපොරොත්තුව තරගාවලියේ දී පළමු කණ්ඩායම් 5 අතරට පැමිණීම.”

වියට්නාම් SC – වරාය අධිකාරි කණ්ඩායම

වියට්නාම් SC කණ්ඩායමත් වරාය අධිකාරි කණ්ඩායමත් අතර පැවති තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව තරග වට 3/1ක් ලෙස ජයග්‍රහණය කරන්නට සමත් වූයේ වියට්නාම් SC කණ්ඩායම යි.

වියට්නාම් SC කණ්ඩායම තරගයේ පළමු තරග වටය ලකුණු 25-19ක් ලෙස එතරම් අභියෝගයකින් තොරව ජයග්‍රහණය කළත් දෙවන වටයේ දී නැවතත් තරගයට අවතීර්ණ වූ වරාය අධිකාරි ක්‍රීඩකයින් එම තරග වටය ලකුණු 17-25ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරන්නට සමත් විය.

තෙවන තරග වටයේ දී කණ්ඩායම් දෙකම ඉතා ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළ අතර එම වටය අවසන් වූයේ වියට්නාම් කණ්ඩායම ලකුණු 26-24ක් ලෙස එය ජයග්‍රහණය කරමිනි. තරගයේ සිව්වන වටයේ දී ද හොඳින් ක්‍රීඩා කළ ඔවුන් එම වටය ලකුණු 25-20ක් ලෙස ජයග්‍රහණය කළේ තරගාවලියේ ‘A’ කාණ්ඩයේ පළමු ස්ථානය ද තහවුරු කරගනිමිනි.

ජුලි 2 තරග ප්‍රතිඵල මෙසේ සනිටුහන් විය.

2nd results

හොඳම 8 ප්‍රසාද ලකුණු පුවරුව

E කාණ්ඩය

pool e

F කාණ්ඩය

pool f

9th-13th ස්ථානය සඳහා වන තරගය

G කාණ්ඩය

pool g

H කාණ්ඩය

pool h

 තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට