12 දෙනෙකුගේ සංචිතයක් ආසියානු ජ්‍යෙෂ්ඨ කුසලානයට

337

ඉන්දුනීසියාවේ සුරබායා නුවර දී ආරම්භ වීමට නියමිත 19 වන ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මඟින් තෝරාගෙන ඇත.

ආසියානු ජ්‍යෙෂ්ඨ කාන්තා කුසලානයට 12 සංචිතයක්

19 වන වරට පැවැත්වීමට නියමිත ආසියානු ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා ක්‍රීඩිකාවන් 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක්…

2016 වසරේ දී දකුණු ආසියානු තරග (SAG) වල දී රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් 09 දෙනෙක්ම මෙම සංචිතයට ඇතුළත් කර ඇත. කණ්ඩායමට ඇතුළත් කර තිබෙන නවක ක්‍රීඩකයින් තිදෙනා වන්නේ ලසිඳු මෙත්මාල් වසන්තප්‍රිය, රුමේෂ් දිසානායක සහ ඒ. ඩබ්. ලක්මාල් ය. ඒ අනුව ඉසුරු මදුෂාන්, චානක මදුෂංක සහ නුවන් චාමික තිදෙනාට මෙවර කණ්ඩායමේ සිය ස්ථානය අහිමි වී ඇත.

පසුගිය දා අවසන් වූ 2 වන ආසියානු අවුරුදු 23න් පහළ වොලිබෝල් ශූරතා තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය අයේෂ් පෙරේරා විසින් දැරූ අතර ඔහු 2016 වසරේ වයස අවුරුදු 22න් පහළ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

2016 වසරේ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා, දක්‍ෂතම පන්දු යොමුකරන්නා සහ 2016 වසරේ මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ දක්ෂතම පන්දු යොමුකරන්නා ලෙස සම්මාන දිනා ගන්නට ජනිත සුරත් සමත් විය.

ඊට අමතරව 2016 වසරේ මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ දී දක්‍ෂතම පන්දු අවහිර කරන්නා ලෙස රුමේෂ් දිසානායක, දක්‍ෂතම ආරක්‍ෂක ක්‍රීඩකයා ලෙස ඒ. ඩබ්. ලක්මාල්, දක්‍ෂතම පන්දු සකසන්නා ලෙස නිලංක සංජය, දක්‍ෂතම ප්‍රහාරකයා ලෙස දීප්ති රොමේෂ් සහ තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ලසිඳු මෙත්මාල් වසන්තප්‍රිය සම්මානයෙන් පිදුම් ලැබීය. රොමේෂ් ජනාධිපති රන් කුසලාන තරගාවලියේ දී ද දක්‍ෂතම ප්‍රහාරකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.

සංචිතය

        • යුද හමුදා ක්‍රීඩා සමාජය – වසන්ත ලක්මාල්, චාමර මිහිරාන්, ෂමිල් මලින්ද සිල්වා
      • ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය – අයේෂ් පෙරේරා, ඒ. ඩබ්. ලක්මාල්, කසුන් චතුරංග, ගයාන් මදුෂංක, දීප්ති රොමේෂ්
      • ශ්‍රී ලංකා වරාය අධිකාරිය – ජනිත සුරත්, රුමේෂ් දිසානායක, නිලංක සංජය, ලසිඳු මෙත්මාල් වසන්තප්‍රිය

 තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට