කොරෝනා ප්‍රංශයට ද බාධා පමුණුවයි

127

ලොව පුරා ක්‍රීඩා තරගාවලීන් සියල්ලටම මහත් හිසරදයක් වූ මාරාන්තික කොරෝනා වයිරසය නිසාවෙන් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල ද කල් හා හැකි තත්වයක් උදා වී ඇත. එලෙස තිබිය දී සුප්‍රකට ප්‍රංශ මැරතන් තරගාවලිය ද මෙම වසරේ අග දක්වා කල් දැමීමට සංවිධායකයින් තීරණය කොට තිබේ.

කොරෝනා ඔලිම්පික් වෙත ද බලපෑම් කරයි

මේ දිනවල ලොව පුරා ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන වයිරසයක් වන කොරෝනා නිසාවෙන් ….

මෙම වසරේ අප්‍රේල් මාසයේ 05 වැනිදා 60000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රංශ මැරතන් තරගාවලිය, පවතින අයහපත් සෞඛ්‍ය තත්වය මත ඔක්තෝබර් මස 05 වැනිදා දක්වා කල් දැමීමට සංවිධායකයින් තීරණය කර ඇත.

ප්‍රංශ මැරතන් ධාවන තරගය අතරතුරදී

මෙයට පෙර පසුගිය ඉරිදා (01) පැවැත්වීමට තිබූ ප්‍රංශ අර්ධ මැරතන් ධාවන තරගය ද සැප්තැම්බර් මස දක්වා කල් දැමීමට සංවිධායකයින් තීරණය කරන ලදි. අවසාන මොහොතේ තත්වය බලා තරගාවලිය කල් දැමීමකට හෝ අවලංගු කිරීමකට යනවාට වඩා පවතින තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව තවදුරටත් ඔවුන් සඳහන් කර සිටියා. 

ලොව පුරා පැතිර යන මෙම මාරාන්තික වයිරසය නිසාවෙන් බොහෝ තරගාවලින් අවලංගු හෝ කල් දැමීමට සියලුම සංවිධායකයින් කටයුතු කරන අතර මේ වන විට මෙම වයිරසය නිසාවෙන් ලොව පුරා 98,000කට අධික පිරිසක් රෝගාතුරු වී 3300කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇත. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<