ගෙවුණු දවස දෙසැම්බර් 29 – හැව්ලොක් සහ CR ජය ගනී

156

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

උමේගගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

වමතින් පා දඟපන්දු යවන උමේග චතුරංග කළුතර නාගරික ක්‍රීඩකයන් 7 දෙනෙක් ලකුණු 79කට දවා ගනිමින් අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් Tier B තරගාවලියේ දෙවැනි දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් විය. උමේගගේ මේ විනාශකාරී පන්දු යැවීම හේතුවෙන් කළුතර නාගරික ක්‍රීඩකයන්ගේ පළමු ඉනිම ලකුණු 193කට සීමා විය.

මේ අතර පැවති අනෙකුත් තරගවල දී නාවික හමුදා කණ්ඩායමේ සුපුන් ලීලාරත්න සහ දුශාන් හේමන්ත ද පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් සමිත් දුශාන්ත ද ඊයේ (29) ශතක රැස් කරමින් දක්ෂතා දැක්වූහ.

තරග සියල්ලේම වාර්තාව: උමේග චතුරංගගෙන් දක්ෂ පන්දු යැවීමක්


    රග්බි    

ගුවන් බලය හමුවේ හැව්ලොක් ඉදිරියටම

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවැනි අදියරේ ආරම්භක තරගය ලෙස රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී ඊයේ (29) පැවති තරගයෙන්, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් ලකුණු 18-34ක ජයග්‍රහණයක් හිමි කර ගන්නට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය.

තරගාවලියේ දෙවැනි අදියරට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය ලබා ගැනීම කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් විය.

  • පළමු අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 07 – 17 හැව්ලොක් ක්‍රීඩා සමාජය
  • අවසන් ලකුණු තත්වය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 18 (2T 1C 2P) – 34 (5T 3C 1P) හැව්ලොක් ක්‍රීඩා සමාජය
  • ThePapare.com තරගයේ වීරයා: ෂෙහාන් ඩයස් (හැව්ලොක් ක්‍රීඩා සමාජය)

සම්පූර්ණ තරග වාර්තාව: හැව්ලොක් ක්‍රීඩා සමාජයෙන් ගුවන් හමුදාවට ප්‍රබල ආක්‍රමණයක්!


CR හමුවේ යුධ හමුදාව පැන යයි

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය ආරම්භ කරමින් ඊයේ (29) කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී CR & FC කණ්ඩායම හා යුධ හමුදා ක්‍රීඩා සමාජය තරග වැදුණු අතර ලකුණු  24-17ක් ලෙස CR & FC කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

  • පළමු අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 10 – 10 CR & FC
  • අවසන් ලකුණු තත්වය: යුධ හමුදා ක්‍රීඩා සමාජය  17 (2T,2C,1P) – 24 (3T,3C,1P) CR & FC
  • ThePapare.com තරගයේ වීරයා:  චලන චාමිකර (CR & FC)

සම්පූර්ණ වාර්තාව: CR & FC ක්‍රීඩකයින් යුධ හමුදාවෙන් වාඩුව ගනී

දිනයක අවසානය