ලැබිය යුත්තන්ට ලැබීම

219

2018 ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් ජයග්‍රහණය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ත්‍යාග මුදල් ප්‍රදානය කිරීම අද (23) විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදු විය.

බාලක Cup එක සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට

2019 සමපෝෂ පාසල් මලල ක්‍රීඩා උළෙලේ, වයඹ පළාත් තරග ……..

2018 ආසියානු පැරා තරගාවලියේ දී පදක්කම් ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සහ ක්‍රීඩා පුහුණුකරුවන් 6 දෙනෙකු වෙනුවෙන් රු. 17,500,000.00ක මුදලක් ක්‍රීඩා ඇමතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රය තුල දී ප්‍රදානය කිරීම සිදු කෙරුණි. 

එම අවස්ථාවට විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා ද එක්විය. ආසියානු පැරා තරගාවලියක දී ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මෙතරම් විශාල මුදලක් ප්‍රදානය කිරීම පළමු අවස්ථාව මෙය විය.

සත්කාරක රටට කිරි අපිට කැකිරි තීන්දුවක්!

මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට ……..

නිමා වූ යුද හමුදා වර්ණ ප්‍රධාන උත්සවයේ දී  ද පැරා ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන් අගය කරමින් වර්ණ මෙන්ම මූල්‍යමය ත්‍යාග ද ලබා දීම සිදු කෙරුණි. එළඹෙන අගෝස්තු මාසයේ දී ද යුද හමුදා ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිත අතර එහි දී ද ඔවුන්ගේ දක්ෂතා නැරඹීමට හැකි වනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<