Home Sinhala ලහිරු – ලසිත් සුසංයෝගය හමුවේ පාකිස්තානු පිතිපෙළ බිඳ වැටෙයි

ලහිරු – ලසිත් සුසංයෝගය හමුවේ පාකිස්තානු පිතිපෙළ බිඳ වැටෙයි

122

ලෝක ටෙස්ට් ශූරතාවලි ලකුණු සටහනේ ඉහළට යාම සඳහා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සටන් වදින ටෙස්ට් තරගාවලියේ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අද (19) ආරම්භ වූයේ පාකිස්තානයේ කරච්චි නුවරදීයි. 

ටෙස්ට් වංශ කතාව අලුත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව කරච්චි පිටියට

2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පසුව පාකිස්තානයේ දී පැවැත්වෙන……

මෙහි පළමු තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වීම නිසා කුසලානයේ හිමිකරු තීරණය වන මෙම ටෙස්ට් තරගය මුල සිටම ඉතාමත් තරගකාරී මුහුණුවරක් ගනු දැක ගන්නට ලැබුණි. එහිදී මේ වනවිට පාකිස්තානු පළමු ඉනිම පසුපස හඹායන ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 7ක් අතැතිව ලකුණු 127ක් පිටුපසින් පසුවෙයි.

පසුගිය තරගයට විටින් විට බාධා කළ වර්ෂාව අද කරච්චි නුවරට එබිකම් නොකළ නිසා සියල්ලන්ම බලාපොරොත්තු වූ ආකාරයෙන්ම ක්‍රීඩාශීලි දිනයක් දැකබලා ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදාවිය. එහිදී තරගය ආරම්භ වන්නේ සත්කාරක පාකිස්තානු පිළට කාසියේ වාසිය දිනා දෙමිනි. කෙසේවෙතත් ඉන් වාසියක් ලබා ගැනීමට නම් අසාර් අලි ප්‍රමුඛ පාකිස්තානු ටෙස්ට් පිතිකරණ බල ඇණියට හැකිවූයේ නැත. 

ඒ නව ජවයකින් යුතුව ඉතාමත් තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වුනු ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන්නන් පාකිස්තානු පළමු ඉනිම විනාශ කර දැමූ බැවිනි. ඊට ආරම්භය ගෙනෙන්නේ දකුණු අප්‍රිකානු සංචාරයේ දී සුපිරි දක්ෂතා අතරට පිවිසි වමත් වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දුයි. ඔහුගේ විශිෂ්ට දක්ෂතා ඉදිරියේ අද මුලින්ම දැවී යන්නේ ශාන් මසූඩ් සහ අසාර් අලි යන විශේෂඥ පිතිකරුවන් දෙදෙනායි. මෙම කඩුලු 2ම පාකිස්තානු ඉනිම ලකුණු 10 පසු කරන්නට පෙර දැවී යන්නේ පන්දුව කෙලින්ම කඩුල්ලේ දැවටීමෙනි.

ඩිල්ෂාන් මුණවීර තුන් ඉරියව් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද ( 1 8) දින නිමා වූ බදුරලිය….

පසුගිය දා පැවති තම මංගල ටෙස්ට් තරගය අමතක නොවන සිහිවටනයක් කරගත් අබීද් අලි අද ලකුණු 38කට දැවී ගියේ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරවද තරගයට කැඳවමිනි. එහිදී අබීද් අලි දැවී යන්නේ පාකිස්තානු කණ්ඩායමට තිබූ DRS අවස්ථා දෙකෙන් පළමු වැන්නද අහිමි කරමිනුයි. ඒ අනුව පාකිස්තානු පිළ දිවා ආහාරය වෙනුවෙන් ක්‍රීඩාගාරයට හැරී යන්නේ ලකුණු 72ට කඩුලු 3ක් අහිමි කරගෙන සෘණාත්මක මානසිකත්වයකිනි.

ඉන් අනතුරුව පාකිස්තානු පිළට අහිමි වන්නේ තම කණ්ඩායම ගොඩ ගැනීම වෙනුවෙන් සටනක් ලබා දෙමින් සිටි බාබර් අසාම්ගේ (60) කඩුල්ලයි. කවදත් තම තේරීමට සාධාරණයක් ඉටු කරන ඔහු අද දැවී යන්නේ ඕනෑම පිතිකරුවෙකුව රැවටිය හැකි අයුරින් කඩුල්ලෙන් ඉවතට ඇදී ගිය ඇඹුල්දෙණියගේ දඟ පන්දුවක් නිසයි. ලැබුණු අවස්ථාව අපතේ හැර නොගත් කඩුලු රකින දික්වැල්ල ඇසිල්ලකින් කඩුල්ල බිඳ දමමින් බාබර් අසාම්ගේ තීරණාත්මක දැවී යාම සම්පූර්ණ කළේය.

විකාශන ගැටලුවක් නිසා ශ්‍රී ලංකා අයර්ලන්ත තරගාවලියට බාධා

2020 වසරේ ආරම්භයේ දී ටෙස්ට් තරග සංචාරයක් සඳහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව…..

ඒ අනුව පාකිස්තානුවන් තේ විවේකය සඳහා තරගය නතර කරන විට මුල්පෙළ කඩුලු 5ක් අහිමි කරගෙන සිටියේ තරගයේ වැඩි පාලනය ශ්‍රී ලංකා පිළට ලබා දෙමිනි. සන්ධ්‍යා කාලයේ දී තවදුරටත් ග්‍රහණය දැඩි කළ ශ්‍රී ලංකා පිළ ඉතිරි කඩුලු 5ත් ඉක්මනින් දවා ගනිමින් පාකිස්තානු පිළ ලකුණු 191කට සීමා කිරීමට සමත් වූහ. ඒ ලහිරු කුමාර සහ ලසිත් ඇඹුල්දෙණිය අද තම තරුණ ජවය කැටි කොටගත් පන්දු යැවීමෙන් ප්‍රතිවාදීන් අන්දමන්ද කිරීමට සමත් වූ නිසයි.

හැරිස් සොහෙල් සහ මොහොමඩ් රිස්වාන් යන පාකිස්තානු පිළේ විශ්වාසනීය යටිපෙළ ද අද ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වූයේ නැත. කඩුලු එකින් එක බිඳ වැටෙද්දී පාකිස්තානු පිළ අවමානයෙන් ගලවා ගත්තේ ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ අසාද් ශෆීක්ගේ අර්ධ ශතකයයි. පන්දු 126කට මුහුණ දුන් ඔහු අද තම 26 වැනි අර්ධ ශතකය ලෙස කණ්ඩායමට අත්‍යවශ්‍යම මොහොතේ දී ලකුණු 63ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී තම වේගයෙන් සහ ඉපිලීමෙන් ප්‍රතිවාදීන් විමතියට පත් කළ ලහිරු කුමාර ලකුණු 49කට කඩුලු 4ක් ඩැහැ ගත්තේය. ඊට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වුනු ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 4ක් දවා ගත්තේ ශ්‍රී ලංකා ටෙස්ට් පිළේ රංගන හේරත් නොමැති අඩුපාඩුව තරමක් දුරට හෝ සපුරාලමිනි. ඒ අනුව පන්දුවාර 59.3ක් තුල පාකිස්තානු පළමු ඉනිම සම්පූර්ණයෙන් නිමා කිරීමට ලැබීම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අගය කළ යුතු දක්ෂතාවයක් විය.

මේ අනුව අද කල්වේලා ඇතිවම පාකිස්තානු ඉනිම බිඳ වැටීම නිසා පන්දුවාර 19ක් වෙනුවෙන් පිතිකරණයේ යෙදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. එහිදී තම පන්දු යවන්නන් ලබාදුන් වාසිය එලෙසින්ම රඳවා ගැනීමට නම් පිතිකරුවන් සමත් වූයේ නැත. ඒ පළමු දිනය සඳහා තරගය නතර කරන විට තම මුල්පෙළ කඩුලු 3ක් ඔවුන් අහිමි කරගත් බැවිනි. ඊට ඕෂධ ප්‍රනාන්දු, දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල ද ඇතුළත් විය.

අම්ෂිගේ පන්දුකරණයට කොදෙව්වන් අවනත නොවෙයි

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී සහභාගී වන තුන්කොන්……

මේ වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටින ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 8ක් ලබා සිටිද්දී අනෙක් අන්තයේ රැඳී සිටින්නේ රාත්‍රී රැකවලා ලෙස පිටියට පිවිසි ලසිත් ඇඹුල්දෙණියයි. ඔහු මේ දක්වා නොදැවී ලකුණු 8ක් ලබා සිටියි. මේ නිසා හෙට දිනයේ පාකිස්තානු පළමු ඉනිමට අභියෝගයක් විය හැකි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට ඉතිරි වී සිටින ශ්‍රී ලංකා පිතිකරුවන් කිහිප දෙනා වගකීම් සහගතව පිතිකරණයේ යෙදීම අතිශයින්ම වැදගත් වනු ඇත. 

නමුත් එය වචනයෙන් විස්තර කරන තරම් පහසු නොවිය හැක්කේ මොහොමඩ් අබ්බාස් සහ ශහීන් අෆ්රිඩි ඇතුළු වේග පන්දු යවන්නන් තණතිල්ලේ වාසිය උකහා ගන්නා බවක් අද සවස පෙන්නුම් කළ නිසාවෙනි.

Result


Sri Lanka
271/10 (85.5) & 212/10 (62.5)

Pakistan
191/10 (59.3) & 555/3 (131)

Batsmen R B 4s 6s SR
Shan Masood b Vishwa Fernando 5 15 1 0 33.33
Abid Ali lbw b Lahiru Kumara 38 66 7 1 57.58
Azhar Ali b Vishwa Fernando 0 2 0 0 0.00
Babar Azam st Niroshan Dickwella b Lasith Embuldeniya 60 96 8 1 62.50
Asad Shafiq c Vishwa Fernando b Lahiru Kumara 63 126 6 0 50.00
Haris Sohail lbw b Lasith Embuldeniya 9 30 0 1 30.00
Mohammad Rizwan b Lahiru Kumara 4 2 1 0 200.00
Yasir Shah lbw b Lahiru Kumara 0 1 0 0 0.00
Mohammad Abbas c Dhananjaya de Silva b Lasith Embuldeniya 0 9 0 0 0.00
Shaheen Shah Afridi c Angelo Mathews b Lasith Embuldeniya 5 9 1 0 55.56
Naseem Shah not out 1 1 0 0 100.00


Extras 6 (b 4 , lb 2 , nb 0, w 0, pen 0)
Total 191/10 (59.3 Overs, RR: 3.21)
Fall of Wickets 1-10 (6.1) Shan Masood, 2-10 (6.3) Azhar Ali, 3-65 (20.3) Abid Ali, 4-127 (39.5) Babar Azam, 5-167 (51.5) Haris Sohail, 6-172 (52.2) Mohammad Rizwan, 7-172 (52.3) Yasir Shah, 8-179 (55.5) Mohammad Abbas, 9-185 (58.1) Asad Shafiq, 10-191 (59.3) Shaheen Shah Afridi,

Bowling O M R W Econ
Vishwa Fernando 13 3 31 2 2.38
Lahiru Kumara 18 5 49 4 2.72
Dimuth Karunaratne 1 0 11 0 11.00
Lasith Embuldeniya 20.3 3 71 4 3.50
Dilruwan Perera 7 0 23 0 3.29
Batsmen R B 4s 6s SR
Oshada Fernando c Mohammad Rizwan b Shaheen Shah Afridi 4 19 0 0 21.05
Dimuth Karunaratne b Mohammad Abbas 25 42 4 0 59.52
Kusal Mendis c Haris Sohail b Mohammad Abbas 13 27 1 0 48.15
Angelo Mathews c Mohammad Rizwan b Shaheen Shah Afridi 13 44 1 0 29.55
Lasith Embuldeniya c Asad Shafiq b Mohammad Abbas 13 34 1 0 38.24
Dinesh Chandimal c Shan Masood b Haris Sohail 74 143 10 0 51.75
Dhananjaya de Silva c Mohammad Abbas b Shaheen Shah Afridi 32 56 2 1 57.14
Niroshan Dickwella b Mohammad Abbas 21 35 3 0 60.00
Dilruwan Perera lbw b Shaheen Shah Afridi 48 84 6 1 57.14
Vishwa Fernando not out 5 32 0 0 15.62
Lahiru Kumara b Shaheen Shah Afridi 0 2 0 0 0.00


Extras 23 (b 4 , lb 10 , nb 3, w 6, pen 0)
Total 271/10 (85.5 Overs, RR: 3.16)
Fall of Wickets 1-28 (6.2) Oshada Fernando, 2-39 (12.2) Dimuth Karunaratne, 3-61 (16.2) Kusal Mendis, 4-78 (26.3) Lasith Embuldeniya, 5-80 (29.1) Angelo Mathews, 6-147 (47.3) Dhananjaya de Silva, 7-184 (58.6) Niroshan Dickwella, 8-235 (72.5) Dinesh Chandimal, 9-271 (85.3) Dilruwan Perera, 10-271 (85.5) Lahiru Kumara,

Bowling O M R W Econ
Shaheen Shah Afridi 26.5 5 77 5 2.91
Mohammad Abbas 27 9 55 4 2.04
Naseem Shah 16 1 71 0 4.44
Yasir Shah 13 0 43 0 3.31
Haris Sohail 3 0 11 1 3.67
Batsmen R B 4s 6s SR
Shan Masood c Oshada Fernando b Lahiru Kumara 135 198 7 3 68.18
Abid Ali lbw b Lahiru Kumara 174 281 21 1 61.92
Azhar Ali st Niroshan Dickwella b Lasith Embuldeniya 118 157 13 0 75.16
Babar Azam not out 100 131 8 1 76.34
Mohammad Rizwan not out 21 19 2 0 110.53


Extras 7 (b 0 , lb 5 , nb 0, w 2, pen 0)
Total 555/3 (131 Overs, RR: 4.24)
Fall of Wickets 1-278 (68.3) Shan Masood, 2-355 (90.1) Abid Ali, 3-503 (123.1) Azhar Ali,

Bowling O M R W Econ
Vishwa Fernando 24 2 105 0 4.38
Lahiru Kumara 29 5 139 2 4.79
Lasith Embuldeniya 50 4 193 1 3.86
Dilruwan Perera 21 1 94 0 4.48
Dhananjaya de Silva 7 0 19 0 2.71


Batsmen R B 4s 6s SR
Dimuth Karunaratne c Mohammad Rizwan b Mohammad Abbas 16 28 2 0 57.14
Oshada Fernando c Asad Shafiq b Yasir Shah 102 180 13 0 56.67
Kusal Mendis c Babar Azam b Naseem Shah 0 4 0 0 0.00
Angelo Mathews c Mohammad Rizwan b Shaheen Shah Afridi 19 33 1 0 57.58
Dinesh Chandimal lbw b Naseem Shah 2 29 0 0 6.90
Dhananjaya de Silva b Yasir Shah 0 8 0 0 0.00
Niroshan Dickwella b Haris Sohail 65 76 11 0 85.53
Dilruwan Perera c Mohammad Rizwan b Naseem Shah 5 8 1 0 62.50
Lasith Embuldeniya c Mohammad Rizwan b Naseem Shah 0 1 0 0 0.00
Vishwa Fernando b Naseem Shah 0 9 0 0 0.00
Lahiru Kumara not out 0 1 0 0 0.00


Extras 3 (b 0 , lb 3 , nb 0, w 0, pen 0)
Total 212/10 (62.5 Overs, RR: 3.37)
Fall of Wickets 1-39 (9.4) Dimuth Karunaratne, 2-40 (10.3) Kusal Mendis, 3-70 (20.4) Angelo Mathews, 4-96 (30.1) Dinesh Chandimal, 5-97 (31.5) Dhananjaya de Silva, 6-201 (57.3) Niroshan Dickwella, 7-212 (60.1) Dilruwan Perera, 8-212 (60.2) Lasith Embuldeniya, 9-212 (61.5) Oshada Fernando, 10-212 (62.5) Vishwa Fernando,

Bowling O M R W Econ
Shaheen Shah Afridi 14 3 51 1 3.64
Mohammad Abbas 12 2 33 1 2.75
Naseem Shah 12.5 4 31 5 2.48
Yasir Shah 20 3 84 2 4.20
Haris Sohail 4 0 10 1 2.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<