බංග්ලාදේශයේ දී ක්‍රියාත්මක වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ තෙවැනි තරගය හෙවත් පාකිස්තානය අතර තරගයෙන් ලකුණු 23ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ පළමු වටය යටතේ අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අද (02) සමත් වූහ.
ඒ අනුව ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගත් ශ්‍රී ලංකාව ඉකුත් වසරේ ආසියානු ශූරයින් බවට පත්වූ ඇෆ්ගනිස්තානය සමඟ අවසන් පූර්ව තරගයේ දී ක්‍රීඩා කිරීමට දැන් අවස්ථාව උදාකරගෙන සිටියි.
යොවුන් ක්‍රීඩකයෝ පිට පිටම දෙවැනි ජයත් ලබයි
බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලිය යටතේ හොංකොං රාජ්‍යයට එරෙහිව පැවති තරගයෙන් කඩුලු…
අඩු ලකුණු මත පදනම් වූවද ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 201ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානුවන්වට ප්‍රබල ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ නියමිත පන්දුවාර 50 අවසානයේ දී රැස්කර ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 177ක් පමණි.
පළමු තරග දෙකේ දී ම කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වුවද මෙම තරගයේ දී කාසියේ වාසිය අහිමි වීමත් සමඟ පාකිස්තානු නායකයාගේ ආරාධනය පරිදි ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් එක් කළ නවෝද් පරණවිතාන සහ නිශාන් මදුෂ්ක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක් එක් කළහ. පන්දු 74ක් පමණක් වැය කෙරුණු එම සම්බන්ධතාවය හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමඟින් පන්දු 36ක දී ලකුණු 26ක් රැස් කරන ලද පරණවිතානගේ දැවී යෑමත් සමඟ බිඳ වැටුණි. පරණවිතානගේ දැවී යෑමෙන් පන්දු 5කට පසුව මධුෂ්ක ද ලකුණු 19කට දැවී යෑම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් විය.
පළමු තරග 2ට ක්‍රීඩා නොකළ කමිල් මිශාර මෙම තරගයේ දී අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණිය ද, බලාපොරොත්තු වූ සේවයක් ඉටු කිරීමට ඔහු අසමත් විය. ඔහුට රැස්කර ගත හැකි වූයේ ලකුණු 06ක් පමණක් වන අතර ඒ සඳහා ඔහු පන්දු 19කට මුහුණ දී තිබුණි. එහෙත් අත්හදා බැලීමක් ලෙසින් පිතිකරණ අනුපිළිවෙළේ උසස්වීමක් ලද ආරම්භක වේගපන්දු යවන කලන පෙරේරා අංක 4 ස්ථානයෙන් පන්දුවට පහර දෙමින් අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වීම දිනයේ කැපී පෙනුණු සිදුවීමට බවට පත්විය.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත්වූ කලන පන්දු 61ක දී ලකුණු 51ක් රැස් කළේය. හයේ පහර 3කින් සහ හතරේ පහර 4කින් අලංකාර වූ කලන මුලු ලකුණු සංඛ්‍යාව 139ක්ව තිබිය දී සිව්වැනි කඩුල්ල ලෙසින් දැවී ගියේය.
MAS හෝල්ඩිංග්ස්ට ලකුණු 120ක ජයක්
වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (01) පැවති සම්පත් බැංකු කණ්ඩායම සහ MAS හෝල්ඩිංග්ස් කණ්ඩායම…
කලනගේ ඉනිම අවසානයත් සමඟම ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටීම ද ඇරඹිණි. එම දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 07ක් එකතු වන විට දී නම් දැරූ පිතිකරුවන් සිව් දෙනෙකු දවා ගනිමින් තරගයේ වැඩි වාසි පාකිස්තානය වෙත ලබා දීමට අර්ෂාඩ් ඉක්බාල් සමත් විය. එහි දී 138ට කඩුලු 3ක් ලෙස සටහන්ව තිබූ ලකුණු පුවරුව ලකුණු 146කට කඩුලු 7ක් ලෙස සටන්වීම ශ්‍රී ලංකාවට මීට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ පහසුම අවස්ථාව මග හැරුණි. ඔවුන් සිව් දෙනාම මෙම ඉනිමේ කැපී පෙනෙනම පන්දු යවන්නා වූ අර්ෂාඩ් ඉක්බාල්ගේ පන්දු හමුවේ දැවී යෑම ද විශේෂත්වයක් විය. එසේ දැවී ගිය පිතිකරුවන් අතර පෙර තරගයේ දී ලකුණු අතරට පැමිණි නුවනිඳු ප්‍රනාන්දු (16) ද විය.
එහෙත් සටන අත්නොහළ නායක නිපුන් ධනංජය සහ පසුපෙළ පිතිකරු නිපුන් මාලිංග 8 වැනි කඩුල්ල සඳහා ලකුණු 39ක සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු 200 සීමාවේ ආසන්නයට ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන ආවේය. ඒ සඳහා මාලිංගගේ දායකත්වය හතරේ පහර 2ක් ද සමඟ පන්දු 41ක දී ලකුණු 23කි. නායකයකුගේ පරිණත බව මෙසේ පෙන්නුම් කරමින් පන්දුවට පහර දුන් නිපුන් ධනංජය ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවා ලෙස දැවී ගියේ පන්දු 50ක දී ලකුණු 33ක් ලබා ගනිමිනි. හයේ පහරක් සහ හතරේ පහර 3ක් ඇතුළත් නිපුන්ගේ ඉනිම නොවන්නට පාකිස්තානයට හිමි ජයග්‍රාහී ඉලක්කය ලකුණු 200කට අඩු අගයක් වනවා නොඅනුමානය.
පන්දුවාර 49යි පන්දු 4ක දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200කට සීමා වද්දී අර්ෂාඩ් ඉක්බාල්ගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 8.4ක දී ලකුණු 34කට කඩුලු 6ක් වශයෙනි. ඔහුට අමතරව බිලාල් ජාවෙඩ් ලකුණු 25කට කඩුලු 2ක් දවා ගනිමින් පන්දු යැවීමෙන් කැපී පෙනුණි.
මෑත කාලීන එක්දින පිටියේ ලකුණු 200ක් යනු පහසු ඉලක්කයක් වුවත් එය හඹා යෑමට නියමිත පාකිස්තානු කඩුලු 10න් එකක් පළමු පන්දු වාරයේ දී ම ඩැහැගැනීමට පසිඳු සූරියබණ්ඩාරගේ දක්ෂ පන්දු රැකීමට හැකි විය. බංගලාදේශය සමඟ පැවති තරගයේ පරිදීම ආරම්භක පිතිකරු සයිම් ආයුබ් දවා ගැනීමට පසිඳුගේ කෙලින්ම පන්දුව කඩුල්ලට යොමු කිරීම සුපිරි ඝනයේ විය.
ආයුබ් ඉවත් වුවද ප්‍රහාරාත්මක වේගය පන්දු වාරයකට ලකුණු 5කට ආසන්නව රඳවා ගැනීමට පාකිස්තානුවන් සමත් වද්දී, පවර් ප්ලේ අවස්ථාව අවසන් වීමත් සමඟ ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩපණ කිරීමට ශ්‍රී පංකා පන්දු යවන්නන් සමත් විය. ඒ අතරතුර දී තවත් කඩුලු 2ක් දැවී යෑම ද ශ්‍රී ලංකා කණ්ඩායමේ වාසියට හිටියේය.
මෙහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් තරගයේ පාලනය කෙතරම් අතට ගත්තේ ද කිවහොත් ඉනිමේ 10 වැනි පන්දුවාරයේ සිට 40 වැනි පන්දුවාරය දක්වා යවන ලද පන්දු 179 ඇතුළත දී පාකිස්තානු පිතිකරුවන්ට රැස්කර ගත හැකි වූයේ ලකුණු 80ක් පමණි.
ඒ අනුව ඉතිරි පන්දුවාර 10 තුළ දී ලකුණු 74ක් පාකිස්තානු ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ නමුත් ඒ වන විටත් නම් දැරූ පිතිකරුවෙකු ලෙස ඔවුන්ට ඉතිරිව සිටියේ අවායිස් සෆර් පමණි. එහෙත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අවස්ථානුකූල පන්දු යැවීම හේතුවෙන් 49 වැනි පන්දුවේ සිව්වැනි පන්දුවේ දී සෆර් දැවී යන විටත් රැස් කර ගැනීමට හැකිව තිබුණේ ලකුණු 43ක් පමණි. පාකිස්තානු ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙසින් සෆර්, පරණවිතානගේ ගොදුරක් බවට පත්වෙමින් දැවී යන විට තම ඉනිම හයේ පහරකින් සහ හතරේ පහරකින් වර්ණවත් කර තිබිණි.
ගුරුකුල විද්‍යාලය හමුවේ සාන්ත ජෝසප් වාස් පසුබසී
සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ සුහද තරගයක් වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා කැළණිය ගුරුකුල විද්‍යාලය අතර පැවැත්විය.
පිතිකරුවෙකු මෙන්ම පන්දු යවන්නකු ලෙසින් කැපී පෙනුණු ආරම්භක පිතිකරු පරණවිතාන ලකුණු 12කට කඩුලු 2ක් බිඳ හෙළමින් තුන් ඉරියව්වෙන්ම කැපී පෙනුණි. ඔහුට අමතරව දුලිත් වෙල්ලාලගේ ලකුණු 28කට කඩුලු 2ක් ද සහ කල්හාර සේනාරත්න 32/2 පාකිස්තානු පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් දුන් පන්දු යවන්නෝ වූහ.
ශ්‍රී ලංකාව පන්දුවාර 49.4ක දී සියලු දෙනා දැවී ලකුණු 200 යි – කලන පෙරේරා 51, නිපුන් ධනංජය 33, නිපුන් මාලිංග 23, නිශාන් මධුෂ්ක 19, නවෝද් පරණවිතාන 27, නුවනිඳු ප්‍රානාන්දු 19, අර්ෂාඩ් ඉක්බාල් 35/6, බිලාල් ජාවෙඩ් 25/2
පාකිස්තානය පන්දුවාර 50ක දී කඩුලු 8ට ලකුණු 177යි – අවයිස් සෆර් 43, වකාර් අහමඩ් 24, සාඩ් ඛාන් 22, ජහාන්සයිබ් සුල්තාන් 22, රොහෙයිල් නසීර් 18, දුලිත් වෙල්ලාලගේ 28/2, කල්හාර සේනාරත්න 32/2, නවෝද් පරණවිතාන 27/2, නිපුන් මාලිංග 22/1




















