MAS හෝල්ඩිංග්ස්ට ලකුණු 120ක ජයක්

731

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (01) පැවති සම්පත් බැංකු කණ්ඩායම සහ MAS  හෝල්ඩිංග්ස් කණ්ඩායම අතර තරගයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 120ක ජයග්‍රහණයක් ලබා ගැනීමට MAS යුනිචෙලා කණ්ඩායම සමත් විය.

හැටන් නැෂනල් හා කැන්රිච් ජය ගනී

පසුගිය සතියේ ආරම්භ වූ වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරගාවලියේ තවත් තරග දෙකක් අද (30) කොළඹ දී පැවැත්වුනු අතර එම……

කාසියේ වාසිය දිනූ MAS ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසි අතර ඔවුන් තම ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 294ක් රැස් කළහ. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ආරම්භක පිතිකරු මහේල උඩවත්ත ය. ඔහු පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව ටී. එම්. සම්පත් පන්දු 66ක දී ලකුණු 47ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී හසිත නිර්මාල්, සචිත්‍ර පෙරේරා සහ දුශ්මන්ත චමීර කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සම්පත් බැංකු ක්‍රීඩකයෝ අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය අතරමග දී නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 133ක් ලබා සිටියේ ය.

එම ඉනිමේ දී ප්‍රිමෝෂ් පෙරේරා ලකුණු 29ක් සහ කෞෂාල් සිල්වා ආබාධිත තත්ත්වයක් මත පිටියෙන් ඉවත් වෙන විට ලකුණු 28ක් ලබා සිටියහ.

පන්දු යැවීමේ දී කමිඳු මෙන්ඩිස් සහ නිපුන් රංසික කඩුලු 2 බැගින් ලබා සිටිය හ.

MAS යුනිචෙලා කණ්ඩායම; කඩුලු 9ක් දැවී 294 (50.0) මහේල උඩවත්ත 72, ටී. එම්. සම්පත් 47, ටී. එම්. ඩිල්ශාන් 43, ශෙහාන් මධුශංක 33, කමිඳු මෙන්ඩිස් 29, කුසල් ජනිත් 20, හසිත නිර්මාල් 2/34, සචිත්‍ර පෙරේරා 2/44, දුශ්මන්ත චමීර 2/73

සම්පත් බැංකුව; කඩුලු 7ක් දැවී 133 (28.0) ප්‍රිමෝශ් පෙරේරා 29, කෞෂාල් සිල්වා නොදැවී 28, කමිඳු මෙන්ඩිස් 2/27, නිපුන් රංසික 2/30

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<