පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා සංචිතය නම් කරයි

361

අප්‍රේල් මස 4 වැනිදා සිට 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා පිටත් වන ශ්‍රී ලංකා සංචිතය, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදි.

ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු කිහිපයක් අද තරග බිමට

8 වන වරටත් පැවැත්වෙන ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය මේ මස 1 වැනිදා සිට 3 වැනිදා දක්වා ඉරානයේ ටෙහෙරාන් හිදී පැවැත්වේ. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය…

12 දෙනෙකුගෙන් සමන්විත සංචිතය සඳහා ක්‍රීඩිකාවන් සිව්දෙනෙක් ද, ක්‍රීඩකයින් 8 දෙනෙක් ද ඇතුළත් කර ඇත. මලල ක්‍රීඩා සංගමය විශ්වාස කරන පරිදි 1998න් පසු උදාවූ පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම නියඟය නිමා කිරීමට මෙම කණ්ඩායම සමත් වනු ඇත.

අවසන් වරට ශ්‍රී ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියක දී පදක්කම් දිනා ගත්තේ 1998 දී ය, ඒ 100M කඩුලු මතින් පැන දිවීමේ තරගයෙන් ශ්‍රියානි කුලවංශ ලබා ගත් ලෝකඩ පදක්කමත්, 400M තරගයෙන් සුගත් තිලකරත්න ලබා ගත් ලෝකඩ පදක්කමත් ය.

පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය යටතේ මලල ක්‍රීඩා තරග අප්‍රේල් 8 වනදා ආරම්භ වන අතර 15 වනදා දක්වා එය පැවැත්වේ. තරග ඉසව් පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් හි පිහිටි කැරාරා ක්‍රීඩාංගණයේ දීයි.

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා පිටත් වන ශ්‍රී ලංකා සංචිතය:

  කාන්තා  

  • හිරුණි විජේරත්න – මැරතන්
  • නිමාලි ලියනාආරච්චි – 800M
  • ගයන්තිකා අබේරත්න – 800M
  • නදීශා දිල්හානි ලේකම්ගේ – හෙල්ල විසි කිරීම

   පිරිමි   

  • මංජුල පුෂ්පකුමාර – උස පැනීම.
  • ප්‍රසාද් විමලසිරි – දුර පැනීම.
  • සම්පත් රණසිංහ – හෙල්ල විසි කිරීම.
  • පිරිමි 100*4 – හිමාෂ ඒෂාන්, විනෝජ් සුරන්ජය, ශෙහාන් අඹේපිටිය, අශ්රොෆ් ලදීෆ්, සුමේෂ් වික්‍රමසිංහ.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<