ගුරුකුල විද්‍යාලය හමුවේ සාන්ත ජෝසප් වාස් පසුබසී

245

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ සුහද තරගයක් වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා කැළණිය ගුරුකුල විද්‍යාලය අතර පැවැත්විය. මේ තරගය අද (1) නිමාවට පත්වූයේ ජය පරාජයෙන් තොරව වුවත් ගුරුකුල විද්‍යාලය එහි පළමු ඉනිම ජයග්‍රහණය කරන ලදි.

හැටන් නැෂනල් හා කැන්රිච් ජය ගනී

පසුගිය සතියේ ආරම්භ වූ වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරගාවලියේ තවත් තරග දෙකක් අද (30) කොළඹ දී පැවැත්වුනු අතර එම……

වත්තල සාන්ත අන්තෝනි විදුහල් පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ දකුණතින් පිත්ත හසුරුවන හසිත ගමගේ හා සොහාන් අනුරුද්ධ හැරෙන්නට අනෙකුත් පිතිකරුවන් හට එතරම් සාර්ථක වීමට නොහැකි වූ අතර සොහාන් දෙවන ඉනිමේ දී නොදැවී ලකුණු 21ක් රැස්කර ගත්තේය. සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම ලකුණු 163කට සීමා කළ ලික්ශාන් සසංග ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3ක් දවා ගන්නා ලදි. ඊට අමතරව සශින්ද්‍ර චමිත් හා රික්ෂිත සංකල්ප අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

අනතුරුව සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ ගුරුකුල විද්‍යාලය පන්දුවාර 73යි පන්දු 3කට පමණක් මුහුණ දෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 340ක් රැස්කරගෙන සිය පළමු ඉනිම අත්හිටුවන ලද්දේ සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය පළමු ඉනිමට වඩා ලකුණු 177ක් ඉදිරියෙන් සිටියේය. එම ඉනිම එවන් මට්ටමකට ඔසවා තැබීමට ගුරුකුල විද්‍යාලයට සවියක් වූ ප්‍රවීන් නිමේෂ් හා දකුණතින් පිත්ත හසුරුවන කෙමිර නයනතරු පිළිවෙළින් ලකුණු 110ක් හා ලකුණු 108*ක් ලබාගෙන ශතක ඉනිම් දියත් කළේ සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් ගෙන දෙමිනි. සිය කණ්ඩායමේ පිතිකරුවන් ලබාගත් ශතක දෙකට අමතරව නුවන් චානුක 4 පහර කිහිපයක් එල්ල කරමින් සිය අර්ධ ශතකය ලබා ගන්නා ලදි.

තරගයේ දෙවන හා අවසන් දිනය ක්‍රියාත්මක වූ මේ තරගය අවසන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත ජෝසප් වාස් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 50ක් ලබාගෙන සිටි අතර චමෝද් ප්‍රනාන්දු හා සොහාන් අනුරුද්ධ පිළිවෙළින් නොදැවී ලකුණු 24*ක් හා ලකුණු 21*ක් ලබා ගන්න ලදි.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම – 163 (54.3): හසිත ගමගේ 41, සොහාන් අනුරුද්ධ 38, අවිඳු ශෙහාර 22, ලික්ශාන් සසංග 3/12, සශින්ද්‍ර චමිත් 2/36, රික්ෂිත සංකල්ප 2/39.

ගුරුකුල විද්‍යාල පළමු ඉනිම – 340/5d (73.3): ප්‍රවීන් නිමේෂ් 110, කෙමිර නයනතරු 108*, නුවන් චානුක 52, රශ්මික මෙවන් 23, ධනුක නිර්මාල් 2/69, අවිඳු ශෙහාර 2/81

සාන්ත ජෝසප් වාස් විද්‍යාල දෙවන ඉනිම – 50/1 (13): චමෝද් ප්‍රනාන්දු 24*, සොහාන් අනුරුද්ධ 21*

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<