AFC 19න් පහළ තේරීම් තරගාවලියේ කාලසටහන එළිදැක්වේ

205

2020 AFC වයස අවුරුදු 19න් පහළ තේරීම් තරගාවලියේ තරග කාලසටහන (Draw) පසුගියදා මැලේසියාවේ ක්වාලා ලම්පූර් හී AFC පාපන්දු නිවහනේදී එළිදැක්වුණි. එහිදී කණ්ඩායම් 46කට අදාළ ප්‍රතිවාදීන් තීරණය විය.

31 දෙනෙකුගෙන් යුත් පාපන්දු සංචිතය නම් කරයි

2021 වසරේ කටාර් හිදී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ…

එහිදී සියලුම කණ්ඩායම් කාණ්ඩ දෙකකට බෙදා තිබුණු අතර බස්නාහිර (බස්නාහිර+දකුණු+මධ්‍යම) සහ නැගෙනහිර (නැගෙනහිර+ASEAN) ලෙස එම කාණ්ඩ නම් කර ඇත. බස්නාහිර කාණ්ඩයට කණ්ඩායම් 25ක් අයත්වන අතර නැගෙනහිර කාණ්ඩයට කණ්ඩායම් 21ක් අයත් වේ.

බස්නාහිර කාණ්ඩය

A කාණ්ඩයට පස්වතාවක් ශූරයින් වන ඉරාකය, පාකිස්තානය, කුවේට්, පලස්තීනය සහ ඕමානය ඇතුළත් වේ.

B කාණ්ඩයට 2014 වසරේ ශූරයින් සහ 2018 වසරේ අර්ධ අවසන් පූර්ව ශූරයින් වන කටාර්, ශ්‍රී ලංකාව, තුර්ක්මෙනිස්තානය සහ යේමනය ඇතුළත්ව තිබේ.

2018 වසරේ තේරීම් තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩයේ ටජිකිස්ථානය, උස්බෙකිස්තානය, බංගලාදේශය සහ මාලදිවයින හා ක්‍රීඩා කිරීම විශේෂත්වයකි. එහිදී පළමු තරගය තියුණු ලෙස ගෝල 2-2 ක් ලෙස මාලදිවයින හමුවේ ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් අනෙක් තරග සියල්ලෙන්ම ශ්‍රී ලංකාව පරාජය වූයේ සංචාරක ගෝල (Away) 20ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි.

2018 වසරේ අර්ධ අවසන් පූර්ව තරගයට පිවිසුණු ටජිකිස්තානය C කාණ්ඩයේ තරග කරන්නේ මාලදිවයින, ලෙබනනය සහ 1994 වසරේ ශූරයින් වන සිරියාව සමඟයි.

සිව් වතාවක් ශූරයින් වූ ඉරානය පසුගිය වසරේ ඉන්දුනීසියාවේ පැවැත්වුණු තරගාවලියට ක්‍රීඩා නොකළ අතර ඔවුන් D කාණ්ඩයේ තරග කරන්නේ නේපාලය, Kyrygz Republic සහ 2008 වසරේ ශූරයින් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟයි.

E කාණ්ඩයට අයත් වන්නේ 2016 වසරේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසුණු බහරේනය, භූතානය, බංගලාදේශය සහ ජෝර්දානයයි.

වත්මන් ශූරයින් වන සවුදි අරාබිය, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව සහ උස්බෙකිස්තානය සමඟ F කාණ්ඩයේ තරග කරනු ඇත.

නැගෙනහිර කාණ්ඩය

එක් ගෝලයක පරතරයෙන් 2018 වසරේ අදියර මගහැරුණු කාම්බෝජියාව, උතුරු මරියානා දූපත්, බෘනායි, මැලේසියාව සහ තායිලන්තය සමඟින් G කාණ්ඩයේ ක්‍රීඩා කරනු ඇත.

2018 වසරේ අදියරේ පළමු වටයෙන්ම ඉවත් වුණු චීන තායිපේ කණ්ඩායම, ලාඕසය, මැකාවු සහ ඕස්ට්‍රේලියාව සමඟ H කාණ්ඩයේ තරග වදිනු ඇත.

සත් වතාවක් ශූරයින් වූ මියන්මාරය, සිංගප්පුරුව, චීනය සහ 12 වතාවක් ශූරයින් වන දකුණු කොරියාව I කාණ්ඩයේ ක්‍රීඩා කරනු ඇත.

වියට්නාමය, ගුවාම්, මොංගෝලියාව සහ 2016 වසරේ ශූරයින් වන ජපානය J කාණ්ඩයෙන් තරග කරනු ඇත.

පාපන්දුවේ පෙරළියෙන් සුපුරුදු මුහුණු හැලේ; නව මුහුණු එකතු වේ

ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2022 කටාර් FIFA පාපන්දු ලෝක කුසලානයේ සහ 2023 AFC ආසියානු කුසලාන….

තෙවතාවක් ශූරතාව දිනූ උතුරු කොරියාව 2006 වසරේ සිට අවසන් මහා තරග සඳහා අඛණ්ඩව සුදුසුකම් ලැබූ අතර ඔවුන් ඉන්දුනීසියාව, ටිමෝරය සහ හොං කොං සමඟ K කාණ්ඩයේ තරග කරනු ඇත.

සෑම කාණ්ඩයකම පළමු ස්ථානය දිනා ගන්නා කණ්ඩායම 2020 වසරේ අවසන් මහා තරග සඳහා අනිවාර්යයෙන්ම සුදුසුකම් ලබන අතර දෙවන ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් හතරක් ද දක්ෂතා අනුව 2020 වසරේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නියමිතය.

2020 වසරේ අවසන් තරග වලට සත්කාරකත්වය දරන රාජ්‍යය තවමත් තීරණය කර නැත.

තේරීම් තරග එළඹෙන නොවැම්බර් 02 වනදා සිට 10 වනදා දක්වා පැවැත්වෙනු ඇත.


>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<