ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් පසුගියදා (7දා) අවසන් වුණා.
එහි දී දිනයේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වූයේ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ ආරම්භක පිතිකරු දමේස් මතිසාන්. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහි ව පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 88ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී ද කඩුලු 2ක් දවා ගත්තා.
මේ අතර මහනුවර ධර්මරාජ විද්‍යාලයේ තරිඳු වර්ණකුලගේ (65), කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ අවීෂ සමාශ් (නොදැවී 62), කඳාන ද මැසිනෝද් විද්‍යාලයේ තිසඟ සෙමිත් (55) සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ කෞෂික කුමාරසිංහ (54) පිතිකරුවන් ලෙසින් අර්ධ ශතක ඉනිම් වාර්තා කරමින් දක්ෂතා දැක් වූවා.
පන්දු යැවීමේ දී කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ මානික්‍ය දේශප්‍රිය (4/08), මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ රයන් ග්‍රෙගරි (4/09), වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ අමල් දෙනුවන් (4/20) සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ ඔෂද අකලංක (4/34) දක්ෂතා දැක් වූවා.
නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු
කොළඹ, රාජකීය විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය
- රාජකීය විද්‍යාලය – කඩුලු 9ක් දැවී 113 (30.0) දුශේන් උඩවෙල 45, යසිඳු දිසානායක 21, සදෙව් නෙත්මිණ 2/10, බුද්ධිම තරුපති 2/12
- මහින්ද විද්‍යාලය – කඩුලු 4ක් දැවී 114 (26.2) සෙහස් අශිංස 37, රන්දුල මාබරණ නොදැවී 49, මානිත රාජපක්ෂ නොදැවී 22, සඳුල් අබේවර්ධන 2/16
ගාල්ල මහින්ද විද්‍යාලයට කඩුලු 6ක ජයක්.
කොළඹ, සාන්ත පීතර විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය කොළඹ සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – සාන්ත පීතර විද්‍යාලය
- සාන්ත පීතර විද්‍යාලය – සියලුම දෙනා දැවි 138 (49.0) හිරුක සිල්වා 20, ජේසන් ප්‍රනාන්දු 33, ජොශුවා සෙබස්තියන් 20, ඔෂද අකලංක නොදැවී 48, කෞෂික කුමාරසිංහ 2/24, රයන් ගෙග්‍රරි 4/09
- සාන්ත අන්තෝනි විද්‍යාලය – කඩුලු 8ක් දැවී 142 (39.2) කෞෂික කුමාරසිංහ 54, දිනුල් විජේසිංහ 22, ජනිත් පණ්ඩිතරත්න 2/23, ඔෂද අකලංක 4/34
මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 2ක ජයක්.
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – ශ්‍රී සුමංගල විද්‍යාලය
- ශ්‍රී සුමංගල විද්‍යාලය – සියලුම දෙනා දැවී 106 (26.3) සජික ප්‍රේමතිරත්න 20, ලසිරු සඳකැන් 24, ටෙනුශ නිම්සර 2/21, හිරුක අකලංක 2/21, පුනාල් හංසජිත් 2/24
- රිච්මන්ඩ් විද්‍යාලය – කඩුලු 4ක් දැවී 108 (22.2) රිසිනු රූපසිංහ 22, හිරුක් අකලංක 45
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 6ක ජයක්.
මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – සාන්ත ජෝසප් විද්‍යාලය
- සාන්ත සර්වේශස් විද්‍යාලය – සියලුම දෙනා දැවී 105 (33.4) ජනිශ් චාරුත 27, ලෙසඳු විජේතුංග 2/20, විශ්ව පීරිස් 2/21, ගයාෂ ප්‍රනාන්දු 2/21
- සාන්ත ජෝසප් විද්‍යාලය – කඩුලු 3ක් දැවී 106 (21.4) අවීශ සමාශ් නොදැවී 62, යෙනුල දන්තනාරායන 22
කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 7ක ජයක්.
- ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන කණ්ඩායම් නම් කරයි
- 17න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයෝ පාකිස්තාන සංචාරයට එක් වෙයි
- ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගනී
කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය
- සාන්ත සෙබස්තියන් විද්‍යාලය – සියලුම දෙනා දැවී 64 (24.1) ඉශාන් යෝශිත 15, රුමේන් පීරිස් 2/14, විහඟ රත්නායක 3/28, මානික්‍ය දේශප්‍රිය 4/08
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – කිසිවෙක් නොදැවී 65 (9.4) මාරියෝ ප්‍රනාන්දු නොදැවී 30, ටෙහාන් බීටර් නොදැවී 29
කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට කඩුලු 10ක ජයක්.
කොළඹ ආනන්ද විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර තරගය කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – ආනන්ද විද්‍යාලය
- සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – කඩුලු 8ක් දැවී 225 (50.0) දමේස් මතිසාන් 88, අමල් දෙනුවන් 31, සාවියෝ ප්‍රනාන්දු 24, දසිත් බටුගහගේ 2/40, රශාන් දිලක්ෂ 3/42
- ආනන්ද විද්‍යාලය – සියලුම දෙනා දැවී 136 (35.3) දනිඳු සෙල්ලපෙරුම 41, නෙතුල එදිරිමාන්න 23, දුලීන් හිරුක 20, රශාන් දිලක්ෂ 26, දමේස් මතිසාන් 2/28, ඔශේන් බිනර 2/19, අමල් දෙනුවන් 4/20
වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට ලකුණු 89ක ජයක්.
කඳාන ද මැසිනෝද් විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර තරගය කඳාන ද මැසිනෝද් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – ධර්මරාජ විද්‍යාලය
- ද මැසිනෝද් විද්‍යාලය – සියලුම දෙනා දැවී 175 (48.5) සිනෙත් ඉඳුවර 23, තිසඟ සෙමිත් 55, බිනාල් මෙන්ඩිස් 40, මලීශ ගුණසේකර 2/31, තිනුලක රාජපක්ෂ 3/48, කේශණ ගුණවර්ධන 2/27, ගවීෂ් පූර්ණ 3/25
- ධර්මරාජ විද්‍යාලය – සියලුම දෙනා දැවී 145 (41.1) තරිඳු වර්ණකුලගේ 65, විහඟ මතඟවීර 4/22, බිපුන් අල්විස් 2/36
කඳාන ද මැසිනෝද් විද්‍යාලයට ලකුණු 30ක ජයක්.
අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















