පාකිස්තාන ටෙස්ට් කණ්ඩායම දිවයිනට

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

737

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා සහභාගී වන පාකිස්තාන ටෙස්ට් කණ්ඩායම අද (09) උදෑසන දිවයිනට පැමිණීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.  

ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර පාකිස්තාන කණ්ඩායම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පුහුණු තරගයකට සහභාගී වීමට නියමිත අතර එම තරගය ජූලි 11 සහ 12 දෙදින පැවැත්වීමට නියමිතයි 

පසුව ඔවුන් ගාල්ල ජාත්‍යන්තර බලා පිටත් වීමට නියමිතව ඇති අතර තරගාවලියේ පළමු තරගය ජූලි 16 සිට 20 දක්වා ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.  

තරගාවලියේ දෙවැනි තරගය ජූලි 24 සිට 28 දක්වා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිටියේ ප්‍රධානතම ක්‍රීඩා පිටියක් වන මෙහි ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ කලකට පසුව වීම ද විශේෂත්වයක්. 

මෙම තරගාවලිය 2023-25 ලෝක ටෙස්ට් ශූරතාවය සඳහා ඇතුළත් තරගාවලියක් වන නිසා තරගාවලිය කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් වෙනවා.  

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ සියලු උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<