සාන්ත ජෝසප් සහ හෑගල්ල ක්‍රීඩකයින්ගෙන් පළමු දිනයේ වාර්තා

ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය 2019

259

දින තුනක් පුරා පැවැත්වීමට නියමිත 2019 කනිෂ්ඨ ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ අද (28) කොළඹ සුගතදාස පිටියේ දී ආරම්භ වුනා. තරගාවලියේ පැවැත්වෙන්නේ 50 වැනි වරට වීම විශේෂත්වයක්.

නිමාලිට අනතුරක්; SAG සිහින බොඳ වෙයි ද?

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ……..

දිනයේ පැවැත්වුණු ඉසව් සියල්ල ඉතා උණුසුම් වූ අතර නව තරගාවලි වාර්තා දෙකක් අද දිනයේ බිහි වීම විශේෂත්වයක්. වයස අවුරුදු 14න් පහළ කවපෙත්ත විසි කිරීම ඉසව්වේ මීටර 40.14ක දුරක් වාර්තා කර නව තරගාවලි වාර්තාවක් පිහිටුවන්නට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ ඉවානෝ වයිට් සමත් වුනා.

දෙවන ස්ථානය දිනා ගන්නට පේදුරු තුඩුව හාට්ලි විද්‍යාලයේ ඒ. සුගිස්ටන් සමත් වෙද්දී එම ඉසව්වේ තුන්වැනි ස්ථානය දිනා ගත්තේ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ එම්. ආලෝක බණ්ඩාර.

>> පළමු දිනයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

දිනයේ අනෙක් වාර්තාව බිහි වුණේ වයස අවුරුදු 15න් පහළ උස පැනීමේ ඉසව්වෙන්. කොස්ගොඩ හෑගල්ල මාධ්‍ය විද්‍යාලයේ ඒ. කේ. ඩී. සිල්වා මීටර 1.86ක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් බිහි කරද්දී, මීටර 1.76ක දුරක් වාර්තා කළ සාන්ත පීතර විද්‍යාලයේ කේ. ආනන්ද ප්‍රසාද් දෙවන ස්ථානය දිනා ගත්තා. තෙවැනි ස්ථානය දිනා ගත්තේ තණමල්විල බෝදාගම මාධ්‍ය විද්‍යාලයේ ඊ. එස්. දෙනෙතනුහස්. 

තරගාවලියේ පළමු දිනයේ තරග ප්‍රතිඵල දැක්වුණේ මෙලෙසින්.

තරගාවලියේ දෙවන දිනයේ තරග ප්‍රතිඵලත් ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. රැඳී සිටින්නට ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<