දෙවැනි දිනයේදීත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වාර්තා තබති

334
54th Army Athletic championship

ශ්‍රී ලංකා යුධ හමුදා මලල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරනු ලබන 54 වැනි යුධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (03) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

නව තරග වාර්තා රැසක් පිහිටුවමින් නිමා වූ පළමු දිනය මෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය උපරිම දක්ෂතා අතරට පැමිණීමට ශූරතාවලියේ දෙවන දිනය වූ අද (04) දින උත්සුක වූයේ මෙම වසරේ පවත්වන අවසන් ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය මෙය වන නිසාවෙනි.

හිමාෂට සහ සුගන්ධිට රන් පදක්කම් මඟ හැරේ

54 වන වරට පැවැත්වෙන ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (03) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී…

දෙවන දිනයේ පළමු තරග ඉසව්ව ලෙස පැවැත්වූයේ මීටර 800 පිරිමි ධාවන තරගයයි. එහි පළමු ස්ථානය දිනා ගැනීමට මිනිත්තු 1.50.07ක කාලයක් වාර්තා කරමින් තරගය අවසන් කළ එච්. ඊ. එම්. අයි. ජි. අයි. එම්. හේරත් සමත් විය. එහි දෙවන ස්ථානය හිමි කර ගැනීමට ජි. ආර්. චතුරංග සමත් වූ අතර ඔහු ලබාගත් කාලය මිනිත්තු 1.51.36ක්. මෙම ඉසව්වේ තෙවන ස්ථානය දිනා ගැනීමට මිනිත්තු 1.51.68කින් තරගය අවසන් කළ එච්. කේ. ටී. ෆොන්සේකා සමත් විය.

මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනයේ පළමු තරගාවලි වාර්තාව බිහි කිරීමට මීටර 400 ධාවන ඉසව්වේ දී හැකි විය. එම වාර්තාවට හිමිකම් කීවේ තත්පර 51.37ක කාලයකින් තරගය අවසන් කළ එස්. එම්. ඒ. චතුරංග ක්‍රීඩකයා ය. මීටර 400 ධාවන තරගයේ දෙවන ස්ථානය දිනා ගැනීමට තත්පර 52.57ක කාලයක් වාර්තා කරමින් තරගය අවසන් කළ ඒ. එල්. ඒ. ටී. රත්නසේන සමත් විය. එහි තෙවන ස්ථානය තත්පර 52.89කින් තරගය අවසන් කළ එන්. ඩී. කේ. විදුරංග ට හිමි විය.

ශූරතාවලියේ දෙවන දිනයේ තෙවන තරග ඉසව්ව ලෙස පැවැත්වූයේ මිටර 3000 පිරිමි බාධක දිවීමේ තරගයයි. මිනිත්තු 9.07.04කින් තරගය අවසන් කරමින් ආර්. එම්. එස්. පුෂ්පකුමාර මෙම ඉසව්වේ පළමු ස්ථානය හිමිකරගත් අතර එහි දෙවන ස්ථානය මිනිත්තු 9.09.73ක කාලයක් සටහන් කළ ආර්. ඒ. එස්. ලක්මාල් සතු විය. මෙම ඉසව්වේ තෙවන ස්ථානය එච්. එම්. ඊ. වී. බී. හෙරත් හිමිකර ගත්තේ මිනිත්තු 9.12.10ක කාලයක් සටහන් කර ගනිමිනි.

බාලක කවපෙත්ත විසි කිරීමේ තරගය ද 54 වන මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනය වූ අද දිනයේ දී පැවැත්විය. මීටර 43 .05ක දක්ෂතාවයක් සනිටුහන් කළ එස්. එම්. ආසික් එහි පළමු ස්ථානය දිනාගත් අතර මීටර 40.22ක දක්ෂතාවක යෙදුණ එස්. පී. අයි. ටී. බන්දුල එහි දෙවන ස්ථානය ද මීටර 40.21ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ ඒ. පී. ටී. ජයතිලක මෙම ඉසව්වේ තෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.

වසරේ අවසාන ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනයේ බොහෝ  දෙනාගේ වඩාත් කතාබහට ලක්වූ තරග ඉසව්ව වූයේ තුන් පිම්ම තරග ඉසව්වයි. ඒ අන් කිසිවක් නිසා නොව මීටර 16.39ක විශිෂ්ට දක්ෂතාවක් දක්වමින් නව ශ්‍රී ලංකා වාර්තාවකට හිමිකම් කීමට තුන් පිම්ම තරග ඉසව්වේ පළමු ස්ථානය දිනාගත් අයි. ඩී. එස්. එස්. ජයසිංහ සමත් වූ නිසාය. තුන් පිම්ම තරග ඉසව්වේ දෙවන ස්ථානය මීටර 15.95ක දක්ෂතාවක් දැක්වූ එල්. ඩී. ධනංජයට හිමි වූ අතර යූ. පී. ඒ. එන්. කරුණාසිංහ එහි තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ මීටර 15.91ක දක්ෂතාවක් දක්වමිනි.

54 වැනි මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනයේ මීටර 800 කාන්තා ධාවන තරගයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට ආර්. නදීශා සමත් විය. ඇය ඒ සඳහා ගත කළ කාලය මිනිත්තු 2.07.41කි. එම ඉසව්වේ දෙවන ස්ථානය හා තෙවන ස්ථානය හිමි කර ගැනීමට පිළිවෙළින් මිනිත්තු 2.07.49කින් හා මිනිත්තු 2.19.51කින් තරගය අවසන් කළ එන්. එම්. සී. දිල්රුක්ෂි හා එච්. අයි. පී. උදය කුමාරී යන ක්‍රීඩිකාවන් දෙපළ සමත් විය.

නව තරගාවලි වාර්තාවකින් 54 වන යුධ හමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය වර්ණ ගැන්වීමට යූ. කේ. එන්. රත්නායක ක්‍රීඩිකාව සමත් විය. ඒ මීටර 3000 කාන්තා බාධක ධාවන තරගයේ දී ය. ඇය මෙම ඉසව්ව නිමා කිරීමට ගත කළ කාලය මිනිත්තු 10.13.13කි. මෙහි දෙවන ස්ථානය මිනිත්තු 10.26.84කින් තරග ඉසව්ව අවසන් කළ එච්. අයි. පී. උදය කුමාරි ද, මිනිත්තු 10.52.37කින් ඉසව්ව අවසන් කළ ඒ. එස්. එන්. බණ්ඩාර තෙවන ස්ථානය ද හිමි කර ගත්තාය.

කාන්තා කිලෝමීටර් 10 ඇවිදීමේ තරග ඉසව්ව ද දෙවන දිනය වූ අද දිනයේ දී පැවැත්විය. එම තරග ඉසව්වේ දී ද නව තරගාවලි වාර්තාවක් බිහි කිරීමට යූ. වී. කේ. මදිරිකා ක්‍රීඩිකාව සමත් වූයේ මිනිත්තු 51.45.33ක කාලයක් ගත කරමිනි. එහි දෙවන ස්ථානය ජි. ජි. අයි. ඒ. ධර්මරත්න ක්‍රීඩිකාවත් එහි තෙවන ස්ථානය ජී. ජී. නන්දනී හිමි කර ගැනීමට සමත් විය.

කාන්තා හෙල්ල විසි කිරීමේ තරග ඉසව්වේ ජයග්‍රහණය හිමි කර ගැනීමට මීටර 54.25ක දක්ෂතාවයක් දැක්වූ එච්. එල්. ඩී. ලේකම්ගේ සමත් වූ අතර එහි දෙවන ස්ථානය මීටර 34.50ක දක්ෂතාවයක් දැක්වූ එස්. ඒ. එස්. ප්‍රනාන්දු සමත් විය. මීටර 30.08ක් දක්ෂතාවයක් දැක්වූ ඩබ්ලිව්. ඒ. එස්. යූ. ප්‍රනාන්දු එහි තෙවන ස්ථානය හිමි කර ගත්තාය.

ක්‍රීඩිකාවන් සිව්දෙනෙක් පමණක් සහභාගි වූ මීටර 100 කාන්තා බාධක ධාවන තරගයට බොහෝ දෙනාගේ අවධානය යොමු විය. ඒ එම තරග ඉසව්ව අවසාන මහා තරගයක් වූ බැවිනි. තත්පර 16.47කින් තරගය අවසන් කළ ඩබ්ලිව්. වී. එල්. සුගන්ධි මෙම ඉසව්ව ජයග්‍රහණය කළ අතර එච්. ඩබ්ලිව්. කේ. හපුආරච්චි එහි දෙවන ස්ථානය තත්පර 15.68ක කාලයකින් තරගය අවසන් කරමින් හිමි කරගත්තාය. තත්පර 16.38කින් තරගය අවසන් කළ ආර්. එස්. ශානිකා තෙවන ස්ථානය ද හිමිකර ගත්තාය.

දින තුනක් පුරා පැවැත්වෙන 54වන යුධ හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසාන දිනය වන හෙට දිනයේ දී තරග ඉසව් රැසක අවසාන මහා තරග පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර මීටර 100, මීටර 400 කාන්තා, පිරිමි ධාවන තරග හා 100*4 සහය දිවීමේ තරග ඉන් ප්‍රමුඛ ස්ථානයක් ගනී.

තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට