ලෝක ක්‍රිකට් ඉතිහාසය 2- කොදෙව්වන් තව දුරටත් කිරුළ රදවා ගනී (1979).

359

1975දී පළමු ලෝක කුසලානය ක්ලයිව් ලොයිඩ් ප්‍රමුඛ කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කලේ සියළු දෙනා මවිතයට පත් කරවමිනි.

දෙවන වරටත් 1979දී කැරබියානුවන් එංගලන්තයට පැමිනියේ තමන් සිව් වසරකට පෙර දිනාගත් කිරුළ නැවතත් ජයග්‍රහණය කිරීමට අධිඨන කරගෙනය. කීත් බොයිස්, රෝයි ෆ්‍රෙඩ්‍රික්ස්, රොහාන් කන්හායි, වැන්බර්න් හෝල්ඩර්, ලාන්ස් ගිබ්ස් හා බර්නාර්ඩ් ජූලියන් යන ක්‍රීඩකයන් කොදෙව් කණ්ඩායමේ නොසිටියත්, ඔවුන් පන්දු රැකීමෙදී දැඩි ස්ථාවරයක් දක්වා ලෝක කුසලානය මෙවරත් තමන්ගේ කර ගැනීම සදහාම එංගලන්තයට පැමිනියෝය.

අපරාජිත එංගලන්තය “ඒ” කාණ්ඩයේ පෙරට

පළමු තරගය සත්කාරක එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර ජුනි 9 වන දින ලෝඩ්ස් ක්‍රීඩා පිටියෙදි පැවැත් විය. එම තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් අත් කර ගැනිමට එංගලන්තයට හැකිවිය. පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව ඕවර 60කදි කඩුළු 9ක් දැවි ලකුණු 159 ක් රැස් කලද, ඕවර 47.1 කදි එම ඉලක්කය එංගලන්තය සපුරා ගත්තෙය. ග්‍රැහැම් ගුච් පන්දු 96 කදි ලකුණු 53ක් රැස් කලේය. සත්කාරක එංගලන්තය “ඒ” කාණ්ඩයේ මුලට පැමිණියෙ කැනඩාව හා පකිස්තානයද පරාජය කරමින්ය. ක්‍රිස් ඕල්ඩ් හා බොබ් විලීස් තම ආධ්පත්‍ය පෙන්වමින් කැනඩාව ලකුණු 45කට දවා ගත්තේ ය. ඔවුන් දෙදෙනා කඩුළු 4 බැගින් ලබා ගත්හ.

පකිස්තානය හා එංගලන්තය, තම පළමු තරග 2කම ජය ගත්තේය. පකිස්තාන පිල එංගලන්තයට ප්‍රබල අභියෝගයක් එල්ල කිරිමට පැමිණියහ. පකිස්තානු නායක ආසිෆ් ඉක්බාල් කාසියේ වාසිය දිනා එංගලන්තයට පළමුව පන්දුවට පහර දිමට ආරාධන කලේය. එංගලන්ත ඉනිම ලකුණු 165කට සීමා විය.  පකිස්තානයට ජය ගැනිමට අවස්ථාවක් ලැබුනද, මයික් හෙන්ඩ්‍රික් පන්දුව ඉතා හොදින් දෝලනය කරමින් මජිඩ් කාන්, මුදසාර් නසාර් හා සඩික් මොහමඩ් දවා ගත්තේ පකිස්තානු පිල 34/6 වැනි අසීරු ස්ථානයකට ඇද දමමින්ය. පකිස්තානු නායකයා ලකුණු 51 රැස් කර ගත්තද, පකිස්තාන ඉනිම හෙන්ඩ්‍රික් අවසන් කලේ සිකන්ඩර් බාක්ත්ගේ ද උඩ පන්දුව රැක ගනිමින් ය.හෙන්ඩ්‍රික් ලකුණු 15 කට කඩුළු 4ක් දවා ගත් අතර ඉයන් බොතම් හා ජියෝෆ් බෝයිකොට් කඩුළු 2 බැගින් දවා ගත්හ.

පැහැදිලි අරමුණක් සහිත ලෝක ශුරයෝ.

කොදෙව්වන් තම ලෝක කුසලාන ගමන ආරම්භ කලෙ ඉන්දියවට එරෙහිව කඩුළු 9ක ජයක් ලබමින් ය. ආරම්භයෙදි ඉන්දිය ඉනිම 29/3 කිරිමට මයිකල් හොල්ඩින් හා ඇන්ඩි රොබට්ස් සමත් විය. ගුන්දප්ප විශ්වනත් ලකුණු 75ක් රැස් කලද, ඉන්දිය ඉනිම අඩපණ කිරිමට කොදෙව්වන් සමත් විය. ඉන්දියානු පිල ඕවර 53කදි රැස් කලේ ලකුණු 190 පමණියි. හොල්ඩින් කඩුළු 4ක් ද රොබට්ස් කඩුළු 2ක් ද ජොයෙල් ගානර්, කොලිස් කින්ග් හා කොලින් ක්‍රොෆ්ට් කඩුළු 1 බැගින් ලබා ගත්හ. කොදෙව් ආරම්භක පිතිකරු ගොර්ඩන් ග්‍රීනිඩ්ජ් ශතකයක් රැස් කලෙ තම පිලට වර්ණවත් ආරම්භයක් ලබා දෙමින්ය.  ඩෙස්මන්ඩ් හේන්ස් ලකුණු 43ක් රැස් කලේ පළමු කඩුල්ල සදහා ගොර්ඩ්න් සමග ලකුණු 138 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් ය. ගොර්ඩ්න් ග්‍රීනිඩ්ජ් ලකුණු 106ක් නොදැවි රැස් කරගත්තෙ තම පිලට ලකුණු 194ක පහසු ජයක් ලබා දෙමින් ය.

ශ්‍රි ලංකා පිලෙ වික්‍රමය

ශ්‍රි ලංකා පිලෙ නායකත්වය දැරුවේ පළමු පෙල පිතිකරුවකු වූ අනුර තෙන්නකෝන් විසින් ය. නවසීලන්තය හමුවෙ ලැබු පරාජයත් , කොදෙව් පිල සමග පැවති තරගයට වර්ෂාවෙන් බාධා විමත් සමගින් ශ්‍රි ලංකා පිල තම අවසන් තරගයට ජුනි 18 වන දින සහභාගි වුයේ තම කීර්ති නාමය රැකගැනිමට ය. රන්ජන් ගුණතිලක හා රන්ජන් මඩුගල්ල ගේ මංගල තරගය මෙය විය. පාසල් සගයන් වු රන්ජන් මඩුගල්ල හා ශ්‍රි ලංකා පිලේ ලාබාලතම ක්‍රිඩකයා වු  සුදත් පැස්කොල් හට එකට ක්‍රිඩා කිරිමට අවස්ථාවක් ලැබින. වමත් පන්දු යවන්නෙකු වූ රොජර්  විජේසුරිය කණ්ඩායමේ තුන්වන පාසල් ක්‍රිඩකයා බවට පත් විය.

කාසියේ වාසිය දිනිමෙන් පසුව ඉන්දියාව පන්දු යැවිම තෝරා ගත්තෙය. සාර්ථක ආරම්භයක් ලබාගත් වර්ණපුර හා වෙත්තමුනිගෙ ඉනිම තවත් ඔපවත් කිරිමට වෙත්තමුනි හා ඩයස් සමත් විය. ඒ ලකුණු 96ක සම්බන්ධතාවයක් ගොඩනගමින්ය. වෙත්තමුනිගෙ විධිමත් පහරවල් හා ඩයස්ගෙ සිත් ඇදගන්නා පහරවල් සියළු දෙනාගෙ ප්‍රශංසාවට ලක් විය. වෙත්තමුනි ලකුණු 67කට දැවිගිය අතර ඩයස් තම අර්ධ ශතකය ලබා ගත්තෙය. අවසානයෙදි දුලිප් මෙන්ඩිස් හා පැස්කොල් ශ්‍රි ලංකා පිල ලකුණු 238ක් දක්වා රැගෙන ගියේය. මෙන්ඩිස් පන්දු 57කදි ලකුණු 64ක් රැස් කල අතර පැස්කොල් නොදැවි ලකුණු 23ක් ලබා ගත්තෙය. ඉන්දියාව ලකුණු 119 කට කඩුළු 2ක් දැවි හොද සිටිහ. ඔවුන්ට ඕවර 25ක් තුල ලබා ගැනිමට තිබුනෙ ලකුණු 120ක් වුවද, විශ්වනාත් ගේ කඩුල්ල දවා ගැනිමත් සමග සියල්ල නැවත ලංකාවට වාසිදයක ලෙස සිදුවිය.  ඩි.එස්.ඩී සිල්වා ගේ ගුග්ලිද, ඕපාතගේ වේග පන්දු ද, ඉන්දියානුවන් අසරණ කර දැම්මෙය. ඉන්දියාව ලකුණු 191කට සීමා විය. ඩි.එස්.ඩී සිල්වා හා ටෝනී ඕපාත කඩුළු 3 බැගින් ලබා ගත් අතර තරගේ වීරයා වුයේ දුලිප් මෙන්ඩිස් ය. ටෙස්ට් තරග ක්‍රිඩා නොකරන රටක්, ටෙස්ට් තරග ක්‍රිඩා කරන රටක් පරාජය කල පළමු අවස්ථාව මෙය විය.

සත්කාරක එංගලන්තය හා තරගාවලියේ ප්‍රියතමයන් අවසන් තරගයෙදි මුණ ගැසෙයි…..

“ඒ” කාණ්ඩයෙන් එංගලන්තය හා පකිස්තානයද, “බි” කාණ්ඩයෙන් කොදෙව්වන් හා නවසීලන්තයද සුදුසුකම් ලැබිය. පළමු අර්ධ-අවසන් පුර්ව තරගය එංගලන්තය හා නවසීලන්තය අතර මැන්චෙස්ටෙර් හිදි පැවැත්විණි. නවසීලන්ත නායක මාර්ක් බර්ගෙස් කාසියේ වාසිය දිනා පන්දු රැකීමට තීරණය කලෙය. එංගලන්තය එක් අවස්තාවකදි 98/4 ක් ද තවත් අවස්තාවකදි 221/8 ක් ලබා අසීරු තත්වයක සිටියේය. ලකුණු  71 ක් රැස් කරමින් එංගලන්තය නැවතත් තරගයට අවතීර්ණ කලේ ගූච් විසින්ය. ඩෙරෙක් රැන්ඩල් ලකුණු 42ක් රැස් කලේය. නවසීලන්තය ජය ගැනිමට ලකුණු 9ක් තිබියදි ඔවුන්ගෙ කඩුළු සියල්ල බිඳ වැටුනේය. මයික් හෙන්ඩ්‍රික් ලකුණු 55 කට කඩුළු 3ක් ලබාගත්තෙය. මෙය නවසීලන්තය ලද 2වන පරාජයයි.

පකිස්තානය හා කොදෙව්වන් අතර පැවති තරගයෙදි පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් කඩුළු 6ක් දැවි ඕවර් 60 කදි ලකුණු 293 ක් රැස් කලේය. ඩෙස්මන්ඩ් හෙයන්ස් හා ගොර්ඩ්න් ග්‍රීනිඩ්ජ් පළමු කඩුල්ල සදහා ලකුණු 132 ක් රැස් කලේය. හෙයන්ස්  ලකුණු 65ක් රැස් කල අතර ග්‍රීනිඩ්ජ් ලකුණු 73 රැස් කලේය. විව් රිච්ඩ්ස්, ක්ලීව් ලෝයිඩ් හා කෝලිස් කින්ග් පිලිවෙළින් ලකුණු 42, 37 හා 34 ලබා ගත්තෙය. ආසිෆ් ඉක්බාල් ලකුණු 56කට කඩුළු 4 ක් ලබා ගත්තෙය. මජීඩ් කාන් හා සාහීර් අබ්බාස් ලකුණු 166ක සම්බන්ධතාවයක් ගොඩ නැගිය. කොදෙව් ක්‍රීඩක ක්‍රොෆ්ට් මෙම සම්බන්ධතාවය අවසන් කලේ කඩුළු 2කම දවා ගනිමිනි. තවද මියාන්ඩාඩ් වද ලකුණු නොදි පිටියෙන් ඉවත් කිරිමට ඔහු සමත් විය. රිච්ඩ්ස්, පකිස්තානු නායක ඉක්බාල් , නසාර් හා ඉම්.රාන් කාන් පිටියෙන් ඉවත් කල අතර ඇන්ඩි රොබට්ස් අවසන් කඩුළු 2ක ලබා ගත්තෙ තම පිලෙ ජය තහවුරු කරමින්ය. ලකුණු 43කින් ජයගත් කොදෙව්වන් අවසන් තරගයට සුදුසුකම් ලැබිය.

කොදෙව් පාරාදීසයක් වූ ලෝඩ්ස් ක්‍රීඩා පිටිය…..

දීප්තිමත් හිරු එළියක් සමගින් 1979 ජුනි 23 වන දින එළඹුණේ ලෝඩ්ස් ක්‍රීඩා පිටියද තවත් ඔපවත් කරමින්ය. එංගලන්ත නායකයා හා ඔහුගේ කණ්ඩායමට ඉහළ බළාපොරොත්තු තිබිය. ඒ තම රටේදි ලෝක ශුර කොදෙව්වන් පැරදවිමට ය. එංගලන්තය කාසියේ වාසිය දිනු අතර, ප්‍රථමයෙන් පන්දු රැකිමට ඔවුන් තෝරා ගත්තේය. එංගලන්තය තරගයට හොදින් අවතීර්ණ වූ අතර තර්ජනාත්මක පිතිකරු යුගලයක් වූ හෙයන්ස් හා ග්‍රීනිඩ්ජ්ගෙ සම්බන්ධතාවය ලකුණු 22කට සීමා කලෙය.  කොදෙව් නායක ක්ලිව් ලොයිඩ්ස්ද ලකුණු 13 කට දැවි ගියෙ කොදෙව්වන් 99/4 වැනි අසීරු තත්වයකට ඇද දමමින්ය. කොලිස් කින්ග් පැමිණ පන්දු 66කදි ලකුණු 86ක් රැස් කලෙ නායක විව් සමග ලකුණු 139ක් රැස් කරමින්ය. කින්ග් දැවි ගිය පසු රිච්ඩ්ස් තම ශතකය රැස් කලෙ ඔහුගෙ නමට ලකුණු 138 ලබාගනිමින්ය. මෙයින් පසු කොදෙව්වන් 286/9ක ප්‍රබල ස්ථානයකට පැමිණියේය.

එංගලන්තයේ පිළිතුරු ඉනිම හොද වුවද එය වේගවත් නොවිය. බ්‍රියර්ලි හා බෝයිකොට් ලකුණු 129ක් රැස් කලද, ගාර්නර් හා ක්‍රොෆ්ට් එංගලන්ත සිහිනය බොඳ  කර දැමුවෙය. ගාර්නර් ලකුණු 38කට කඩුළු 5ක් ලබා ගත් අතර ක්‍රොෆ්ට් ලකුණු 42කට කඩුළු 3ක් ලබා ගත්තේය.

ග්‍රීනිඩ්ජ් ලකුණු 253ක් ලබාගනිමින් වැඩිම ලකුණුලභියා වූ අතර මයික් හෙන්ඩ්‍රික් කඩුළු 10ක් ලබා ගනිමින් වැඩිම කඩුළුලාභියා විය. ක්ලිව් ලෝයිඩ් හා ඔහුගේ කණ්ඩායම නැවතත් ලෝකශුරයන් ලෙස ඔටුනු පැලඳුවෙය.