තරගාවලියේ 14 වන සතියේ පැවති තරග කිහිපයක්ම ක්‍රීඩාලෝලීන්ගේ මෙන්ම, තරග විචාරකයන්ගේ ද අවධානය දිනා ගැනීමට සමත් විය.

සතියේ තරග ආරම්භ කරමින් සඳුදා තරග 11ක් පැවති අතර මෙහි දී කාගේත් අවධානය දිනා ගත් තරගය වූයේ ගියවර ශූරයන් වූ Cleveland Cavaliers හා Washington Wizards කණ්ඩායම් අතර තරගයයි.

මෙම තරගය ආරම්භයට පෙර තම සත්කාරක ක්‍රීඩා පිටියේ අවසන් වරට පැවති තරග 14 ම ජය ගැනීමට Washington Wizards කණ්ඩායම සමත් විය. මෙම දක්ෂතාවය හේතුවෙන් Washington Wizards කණ්ඩායම නැගෙනහිර කාණ්ඩයේ ප්‍රසාද ලකූණු සටහනේ තෙවන ස්ථානය ලබා ගත්තේ පිළිවලින් Cleveland Cavaliers හා Boston Celtics කණ්ඩායම් වලට පසුවය.

තරගය ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර තරගයේ පළමු අර්ධය නිමාවන විට ලකුණු 57-54ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක Washington Wizards කණ්ඩායම සමත් වූයේ පිට පිටම තම 15 වැනි ජයත් වාර්තා කිරීමේ අභිලාෂයෙනි.

කෙසේ වෙතත් තරගයේ දෙවන අර්ධය තවත් උණුසුම් වූ අතර තරගයේ නිල කාලය නිමා වීමට තවත් තත්පර 3ක් පමණක් ඉතිරිව තිබිය දී ලකුණු පුවරුව දැක්වූයේ ලකුණු 120-117ක් ලෙස සත්කාරක පිල ඉදිරියෙන් තබමිනි.

ගියවර අවසන් මහා තරගයේ ශූරයා වූ ලේබ්රෝන් ජේම්ස් (LeBron James) අවසන් තත්පර 3 දී පන්දුවෙන් තරගය කණපිට පෙරළන්නට සමත් වූවා මෙන්ම, තරග 14කට පසුව සත්කාරක ක්‍රීඩා පිටියේ Washington Wizards කණ්ඩායමට පරාජයක් උරුම කිරීමට සමත් විය.

11කෙවින් ලව් (Kevin Love) විසින් ලබා දුන් පන්දුව ඔහුට යාර 70කටත් වඩා එපිටින් සිට රැක ගත් ලේබ්රෝන් ජේම්ස් (#23 ක්‍රීඩක) එය ලකුණු 3 අඩ කවයෙන් (3 Point Line) පිටත සිට පැස තුලට යොමු කරනු ලැබුවේ තරගය නැරඹීමට පැමිණි 19,000 අධික ක්‍රීඩාලෝලීන් පවා මවිතයට පත් කරමිනි. තරගයේ නිල කාලය අවසන් වන විට ලකුණු තත්වය 120ක් ලෙස සම තත්වයේ පසුවීම නිසා තරගය අතිරේක කාලය දක්වා ගෙන යාමට තරග තීරකවරුන්ට සිදුවිය.

අතිරේක කාලයේ දී Cleveland Cavaliers කණ්ඩායම ලබා ගත් ලකුණු 20 ට පිළිතුරු ලෙස Washington Wizards කණ්ඩායම ලබා ගත් ලකුණු 15 තරගය ජය ගැනීමට ප්‍රමාණවත් නොවුණු අතර අවසන් ලකුණු තත්වය ලකුණු 140-135ක් ලෙස දැක්විය.

ජයග්‍රාහී Cleveland Cavaliers කණ්ඩායම වෙනුවෙන් කෙවින් ලව් ලකුණු 39ක් හා නැවත ලබා ගැනීම් 12 (Rebounds) වාර්තා කිරීමට සමත් වූ අතර, ලේබ්රෝන් ජේම්ස් තම ක්‍රීඩා දිවියේ ඉහලම විශිෂ්ට ගනයේ පන්දු හුවමාරු කිරීම් (Assits) ප්‍රමාණය (17) වාර්තා කිරීමට සමත් විය.

Washington Wizards කණ්ඩායම වෙනුවෙන් බ්‍රැඩ්ලි බියිල් (Bradley Beal) ලකුණු 41ක් ලබා ගත් අතර ජෝන් වෝල් (John Wall) ලකුණු 22ක් හා විශිෂ්ට ගනයේ පන්දු හුවමාරු 12 වාර්තා කරන ලදී.

Golden State Warriors හා Memphis Grizzlies අතර තරගයක් සිකුරාදා පැවති අතර මෙම තරගවාරයේදී මෙම කණ්ඩායම් දෙක හමුවූ අවස්ථා දෙකෙදීම ජයග්‍රහණය වාර්තා කිරීමට Memphis Grizzlies කණ්ඩායම සමත් වූ අතර Memphis Grizzlies කණ්ඩායම තරගය සඳහා සත්කාරකත්වය දැරීය.

නමුත් මෙවර තරගය ජය ගැනීමට Golden State Warriors සමත් වූ අතර අවසානයේ ලකුණු තත්වය 122-107ක් ලෙස දැක්විය.

තරගය තුලදී  Golden State Warriors කණ්ඩායමේ ක්‍රීඩක ඩ්‍රයිමන්ඩ් ග්‍රීන් (Drymond Green) වාර්තා කල Triple Double අවස්ථාව NBA ඉතිහාස පොත් අතරට එක් වූයේ ලකුණු 10ක් වාර්තා නොකර Triple Double අවස්ථාවක් ලබා ගත් පළමු ක්‍රීඩකයා වීමේ භාගය ඔහුට හිමි කර දෙමිනි.

222තරගයක් තුල එක ක්‍රීඩකයෙක් විසින් ලකුණු / Points, නැවත ලබා ගැනීම්/ Rebounds, විශිෂ්ට ගනයේ පන්දු හුවමාරු කිරීම්/ Assist, පන්දු පැහැර ගැනීම්/  Steals හා වළක්වාලීම්/ Blocks යන අවස්ථා 5න් අවස්ථා 3ක අගය 10 ට වඩා වැඩි වන විට එය Triple Double අවස්ථාවක් ලෙස හඳුන්වයි.

ඩ්‍රයිමන්ඩ් ග්‍රීන් (#23 ක්‍රීඩක) මෙහි දී ලකුණු 4ක්, නැවත ලබා ගැනීම් 12ක් (Rebounds ), විශිෂ්ට ගනයේ පන්දු හුවමාරු කිරීම් 10ක් (Assist), පන්දු පැහැර ගැනීම් 10ක් (Steals) හා වළක්වාලීම් 5ක් (Blocks) වාර්තා කරන ලදී

14 වන සතිය අවසන් කරමින් Golden State Warriors කණ්ඩායම හා Oklahoma City Thunder කණ්ඩායම තරග බිමට පිවිසුණු අතර සත්කාරකත්වය Oklahoma City Thunder සතුවිය. සුපිරි ක්‍රීඩක කෙවින් ඩුරන්ට් Oklahoma City Thunder කණ්ඩායම අතහැර Golden State Warriors කණ්ඩායම සමඟ ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු නැවත Oklahoma City Thunder ක්‍රීඩාලෝලීන් හමුවට පළමු වර පැමිණියේ මෙම තරගයේදීයි.

තරගයේ ආරම්භයේ සිටම Oklahoma City Thunder ක්‍රීඩාලෝලීන්ගේ බලවත් අප්‍රසාදය කෙවින් ඩුරන්ට් හට පෙන්වීමට ඔවුන් සමත් විය.

333තරගය ජය ගැනීමට Golden State Warriors කණ්ඩායම සමත් වූ අතර මෙහිදී කෙවින් ඩුරන්ට් ලකුණු 34ක් හා නැවත ලබා ගැනීම් 9ක් වාර්තා කලේය.  Oklahoma City Thunder කණ්ඩායම වෙනුවෙන් රසල් වෙස්ට්බ්‍ර්රෝක් (Russell Westbrook) ලකුණු 47ක්, නැවත ලබා ගැනීම් 11ක් හා විශිෂ්ට ගනයේ පන්දු හුවමාරු කිරීම් 8ක් වාර්තා කරන ලදී. තරගය අවසානයේ ලකුණු සටහන 130-114ක් ලෙස දැක්විය.

ජනවාරි මාසය තුල දී දැක්වූ දක්ෂතා මත එම මාසය සඳහා වූ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට නැගෙනහිර කාණ්ඩයෙන් Boston Celtics ක්‍රීඩක අයිසේයා තොමස් (Isaiah Thomas) සමත් වූ අතර බටහිර කාණ්ඩයෙන් සම සම්මාන දිනා ගැනීමට Golden State Warriors කණ්ඩායමේ කෙවින් ඩුරන්ට් හා ස්ටෙෆන් ක’රි (Stephen Curry) සමත් විය.